Author: Dhanushka

ඌව පළාතේ හිස්ව තිබු ආණ්ඩුකාරවර තනතුර සඳහා අනුර විදානගමගේව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත්කර තිබෙනවා. ඔහු මේ වනවිට ඌව පළාත භාර සංවර්ධන ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන අතර, පසුගිය ඌව පළාත් සභාවේ අමාත්‍යවරයකු වශයෙන් ද කටයුතු කර තිබෙනවා. ඌව පළාතේ හිටපු ආණ්ඩුකාරවර ඒ්.ජේ.ඒම් මුසම්මිල් පසුගිය 4 දින තනතුරෙන් ඉල්ලා අස්වී ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබාදීමට තීරණය කිරීමත් සමඟ ඇතිවූ පුරප්පාඩුව සදහා අනුර විදානගමගේ පත්කර තිබෙනවා.

තව කියවන්​න

දේශබන්දු තෙන්නකෝන් හට පොලිස්පති ධුරයේ වගකීම් හා රාජකාරී ඉටු කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන අතරමැදි පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 13 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. මෙම අතරමැදි පෙත්සම අද (06) යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 13 වනදා කැඳවන ලෙසයි. පූජ්‍ය, ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් ඇතුළු හිමිවරු තුන්දෙනෙකු විසින් එම අතරමැදි පෙත්සම ඉදිරිපත් කර තිබුණා. Share

තව කියවන්​න

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා තරඟ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. පසුගිය 26 වැනිදා ඒ සඳහා ඇප මුදල් භාර ගැනීම ආරම්භ වුවද මීට පෙර කිසිදු කණ්ඩායමක් හෝ පක්ෂයක් ඇප මුදල් තැන්පත් කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. ඒ අනුව, ඇප මුදල් භාර ගැනීම සැප්තැම්බර් 11 දින මධ්‍යහන 12 දක්වා සිදු කිරීමට නියමිතයි. ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීමේ නිවේදනය පසුගිය 26 දින ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තේරිම්භාර නිලධාරියා විසින් ප්‍රසිද්ධ කරනු ලැබුවා.

තව කියවන්​න

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී.ඒකනායක මහතා විසින් නිකුත් කරනු ලැබුවා. මෙම ගැසට්ටුව මගින් ඕනෑම රාජ්‍ය සංස්ථාවකින්, දෙපාර්තමේන්තුවකින්, පළාත් පාලන ආයතනයකින්, සමුපකාර සමිතියකින් හෝ ඒවායේ ශාඛාවකින් සපයනු ලබන මෙම සේවාවන් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍ය සේවා බවට පත්කර තිබෙනවා.

තව කියවන්​න

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද පස්වරු 3.30 ට ලන්ඩන් ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. අද පැවැත්වීමට නියමිත තරගයේ වෙනස්කම් දෙකක් සිදුකර තිබෙනවා. ඒ, මීට පෙර තරග කළ නිශාන් මධුෂ්ක වෙනුවට කුසල් මෙන්ඩිස් ද, ප්‍රභාත් ජයසූරිය වෙනුවට විශ්ව ප්‍රනාන්දු ද තරගය සදහා එක් කිරීමයි.

තව කියවන්​න

බෲනායි සංචාරය අවසන් කිරීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිංගප්පූරුව වෙත පැමිණ තිබෙනවා. එහිදි නරේන්ද්‍ර මෝදි මහතාට සිංගප්පූරු පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කිරීමට ද අවස්ථාව උදා වී තිබෙනවා. මෙය ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු සිංගප්පූරු පාර්ලිමේන්තුවට පැමිණි පළමු අවස්ථාව වනවා. අග්‍රාමාත්‍ය මෝදි සමඟ ඉන්දීය රජයේ විශේෂ නියෝජිතයෝ පිරිසක් ද මෙම සිංගප්පූරු සංචාරයට එක් වුණා. ඉන්දියාව සහ සිංගප්පූරුව අතර පවතින සබඳතා තවත් ශක්තිමත් කරගැනීම මෝදිගේ මෙම සංචාරයේ අරමුණ වනවා.

තව කියවන්​න

මෙවර ජනාධිපතිවරණයේ දි කිසිදු අපේක්ෂකයෙකුට සහයෝගය ලබා නොදෙන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය. නිවේදනයක් නිකුත් කරමින් ඇය පෙන්වා දෙන්නේ ඉදිරියේ දී හෝ එසේ කිරීමට බලාපොරොත්තුවක් නොමැති බවයි. විවිධ අපේක්ෂකයින්ට සහාය පළකරන බවට ඇතැම් මාධ්‍ය විසින් සඳහන් කරන වාර්තා අසත්‍ය බව ද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිය නිවේදනයෙන් දැනුම් දුන්නාය.

තව කියවන්​න

පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා සම්බන්ධයෙන් අපහාසාත්මක හා අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කිරීම වළක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී  දයාසිරි ජයසේකර මහතාට වාරණ නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා අද(05) නිකුත් කළේය. දයාසිරි ජයසේකර මහතා විත්තිකරු කරමින් වේළු කුමාර මහතා විසින් පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව මෙම වාරණ නියෝගය නිකුත් කළේය.

තව කියවන්​න

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීමට අදාළව කිසියම් සිදුවීමක් වාර්තා වුවහොත් සහකාර තේරීම්භාර නිලධාරීවරයාට හෝ දිස්ත්‍රීක් ලේකම්වරයාට ඒ පිළිබදව දැනුවත් කරන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඉල්ලීමක් කරනවා. දිස්ත්‍රික් ලේකම් කාර්යාවල, මැතිවරණ කාර්යාලවල සහ පොලිස් නිලධාරීන්ට ඊයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව හිමි වුණා. කෙසේ වෙතත් සෙසු රාජ්‍ය සේවකයින්ට අද සහ හෙට තැපැල් ඡන්දය සලකුණු කිරීමේ හැකියාව තිබෙනවා.

තව කියවන්​න

මේ වන විට ඩෙංගු උවදුර යලි හිස ඔසවමින් යන තත්ත්වයක් නිරීක්ෂණය වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා. එය තවදුරටත් වැඩිවෙමින් පැවතියහොත් වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බවටයි ඔහු අනතුරු අඟවන්නේ. මේ දිනවල රටේ පවතින දේශපාලනික තත්ත්වය මත ජනාධිපතිවරණයට වැඩි ඉඩක් දී ඩෙංගු උවදුර නොසලකා හැරියහොත් ජනතාවට භයානක ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවණු ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂක උපුල් රෝහණ මහතා සඳහන් කළේ.

තව කියවන්​න