Author: Dhanushka

ශාන්ත ලුසියාවේ ඔලිම්පික් රන් පදක්කමක් දිනූ පළමු මලල ක්‍රීඩිකාව බවට පත් වූ ජූලියන් ඇල්ෆ්‍රඩ්ට ගෞරවයක් වශයෙන් ”ජූලියන් ඇල්ෆ්‍රඩ් දිනය” නමින් විශේෂ දිනයක් නම් කර තිබෙනවා. ඇය මීටර 100 ඉසව්වෙන් තත්පර 10.72 ක් වාර්තා කරමින් ජාතික වාර්තාවක් සමඟින් රන් පදක්කම් හිමිකර ගනිමින් ඉතිහාසගත වූ අතර, මීටර් 200 ඉසව්වෙන් රිදී පදක්කමක් ද දිනා ගනු ලැබුවා. ඇයගේ මෙම අසාමාන්‍ය ජයග්‍රහණයට පෙර ශාන්ත ලුසියන් කිසිවෙක් ඔලිම්පික් පදක්කමක් දිනාගෙන නොතිබීමද මෙහි ඇති විශේෂත්වයක්. ඔලිම්පික් ජයග්‍රහණයෙන් පසු ප්‍රථම වරට ඇය සැප්තැම්බර් 24 වැනිදා නැවත ශාන්ත ලුසියා වෙත පැමිණියා.

තව කියවන්​න

අමෙරිකාවේ නවයයි එකොලහ ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට වසර 23 ක් ගත වනවා. ඒ අනුව අමෙරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානය සහ පෙන්ටගනය වෙත එල්ල වූ අල්කයිඩා ප්‍රහාරය සැලකෙන්නේ ලෝක ඉතිහාසයේ දැවැන්තම ත්‍රස්ත ප්‍රහාරයක් ලෙසයි. දැවැන්තම ත්‍රස්තවාදි ප්‍රහාරය ලෙස සැලකෙන මෙම ප්‍රහාරයෙන් අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි ලෝක වෙළද මධ්‍යස්ථාන ගොඩනැගිලි ද්විත්වයට සහ වොෂින්ටන් නුවර පෙන්ටගනයට ද දැඩි හානි සිදු වුණා. මගීන් ප්‍රවාහන ගුවන් යානා 4 ක් යොදාගනිමිනුයි මෙම ත්‍රස්ත ප්‍රහාරය අල්කයිඩා සංවිධානය මගින් සිදුකරනු ලැබුවේ.

තව කියවන්​න

ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ ශ්‍රී ලංකා – කාම්බෝජය අතර පැවැත්වෙන දෙවැනි තරගය කාම්බෝජයේදී අද මෙරට වේලාවෙන් රාත්‍රි 8.30ට ආරම්භ වනවා. දෙරට අතර පසුගියදා කොළඹ තුරග තරග පිටියේදී පැවති පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූණා. ඒ හේතුවෙන් අද තරගය දෙපිලටම තීරණාත්මක සාධකයක් වනු ඇති. මෙම තරගයේදී නියමිත කාලයේදී තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්වුවහොත් අතිරේක කාලයක් ලබාදීමට පියවර ගැනෙන අතර එහිදී ද විසදුමකින් තොරව අවසන් වුවහොත් දඩුවම් පහර මගින් ජයග්‍රාහකයා තිරණය කිරීමට නියමිතයි. මේ වන විට ජාත්‍යන්තර පාපන්දු වර්ගීකරණයේ කාම්බෝජය 180 වන ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකාව පසුවන්නේ 205 වන ස්ථානයේයි.

තව කියවන්​න

ඉංජිනේරුවන් දෙදෙනෙකු ගමන් ගත් කැබ් රථයක් අද පෙරවරුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මිටර්  0 දශම 5 කොට්ටාව ප්‍රදේශයේදී හදිසියේ ගිනි ගැනීමට ලක්වුණි. ගින්නෙන් කැබ් රථයට බරපතළ අලාභ සිදුවී ඇතැයි අධිවේගී මාර්ග අතුරුගිරිය අනුපාලක මධ්‍යස්ථානය සඳහන් කළේය. එම ගින්නෙන් ඉංජිනේරුවන් දෙදෙනාට හෝ රියදුරුට කිසිදු තුවාලයක් සිදුවී නොමැත.

තව කියවන්​න

අද මධ්‍යම රාත්‍රීයේ සිට මිල්කෝ කිරිපිටි මිල පහළට අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල්කෝ කිරිපිටි මිල පහත දමන බව මිල්කෝ සමාගම පවසනවා. ඒ අනුව කිරිපිටි කිලෝග්‍රෑම් 1 ක පැකට්ටුවක් රුපියල් 190 කින් අඩු කර තිබෙනවා. එමෙන්ම ග්‍රෑම් 400 ක කිරි පිටි පැකට්ටුවක මිලද රුපියල් 75 කින් අඩු කර ඇති බවයි එම ආයතනය මහජනතාවට දැනුම් දෙන්නේ.

තව කියවන්​න

බත්තරමුල්ලේ පිහිටි රාජ්‍ය දැව සංස්ථාවට කළමනාකාර පත්වීම් තුනක් ලබා දීමට ගිය අවස්ථාවේ එම පත්වීම් ලබාදීම ජනාධිපතිවරණය අවසන් වන තෙක් අවලංගු කළේ යැයි කොළඹ දිස්ත්‍රි දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයිග මැතිවරණ කොමිසමට මේ හා සම්බන්ධයෙන් ලැබී තිබූ පැමිණිල්ලක් එම කොමිසම විසින් කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකිරීමේ මධ්‍යස්ථානය වෙත යොමු කර ඒ ගැන සොයා බලන ලෙස දැනුම් දීමක් කර තිබිණි යැයි එම මධ්‍යස්ථානයේ උසස් නිලධාරියෙක් පැවැසීයග කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකිරීමේ මධ්‍යස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් මේ සම්බන්ධයෙන් කරුණු සොයා බලා ජනාධිපතිවරණය අවසන් වන තෙක් මෙම පත්වීම් දීම තාවකාලිකව අත්හිටුවා ඇතග හදිසි සේවා අවශ්‍යතා මතයයි කියමින් එම…

තව කියවන්​න

ප්‍රවීණ හඬ නළු ජේම්ස් අර්ල් ජෝන්ස් දිවියෙන් සමුගත්තේය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 93 කි. හොලිවුඩ් චිත්‍රපට ගණනාවක හඬ නළුවකු ලෙස කටයුතු කළ ජේම්ස් අර්ල් ජෝන්ස් දක්ෂ රංගන ශිල්පියෙක් ද විය. ජේම්ස් අර්ල් ජෝන්ස් ලොව අතරේත් ජනප්‍රිය වූයේ, ස්ටාර් වෝස් චිත්‍රපට මාලාවේ නපුරා වන ඩාත් වේඩර්ට සහ ලයන් කිංග් කාටූන් චිත්‍රපටයට හඬ ලබා දෙමිනි. ෆීල්ඩ්ස් ඔෆ් ඩ්‍රීම්ස්, කමින් ටු ඇමෙරිකා, කොනන් ද බාබේරියන් ඇතුළු චිත්‍රපට රැසකට ජේම්ස් අර්ල් ජෝන්ස් රංගනයෙන් දායක විය. සම්මාන රැසක් දිනාගත් ජේම්ස් අර්ල් ජෝන්ස්, 2011 දී, කලා ක්ෂේත්‍රයට කළ මෙහෙවර වෙනුවෙන්, ඔස්කාර් සම්මානයෙන් ද පිදුම් ලැබුවේය.

තව කියවන්​න

දිවයිනේ සියලුම පාසල් ජනාධිපතිවරණයට පෙර දින එනම් මේ මස 20 වැනිදා වසා තබන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයිග ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා සියලුම පාසල් මේ මස 19 වැනිදා පාසල් පැවැත්වෙන වේලාවෙන් පසුව අවශ්‍යතාව පරිදි ග්‍රාම නිලධාරීන් වෙත භාරදිය යුතු බව ද අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වේග මෙවර ජනාධිපතිවරණය මෙම මස 21 වැනිදා පැවැත්වේග

තව කියවන්​න

යාගි සුළි කුණාටුව හේතුවෙන් වියට්නාමයේ පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. මේ වසරේ ආසියානු මහද්වීපයට බලපෑ දරුණුතම සුළි කුණාටුව මෙය වන අතර ඒ හේතුවෙන් උතුරු වියට්නාමයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ එරට ප්‍රාන්ත 12 ක පාසල් වසා දමා ඇති අතර වෙරළ ආශ්‍රිත කලාපයෙන් පනස් දහසක අධික පිරිසක් ඉවත් කර ඇති බවයි. යාගි සුළි කුණාටුව පළමුව චීනයට කඩා වැදුණු අතර ඉන් පුද්ගලයින් 24 දෙනෙකු මිය ගියා.

තව කියවන්​න

ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි සංඛ්‍යාව 3041 ක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම කොමිෂන් සභාව නිවේදනය කළේ 08 වනදා සිට 09 වනදා පැය 24 වන විට පැමිණිලි 178 ක් ලැබී ඇති බවයි. මෙම පැමිණිලි අතරින් පැමිණිලි 172 ක්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ලැබී ඇති බව මැතිවරණ කොමිසම කියා සිටියා.

තව කියවන්​න