Author: Dhanushka

මේ වසරේ ගත වු කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 14 ලක්ෂයට ආසන්න වී තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර ඇත්තේ ජනවාරි පළමු වැනිදා සිට සැප්තැම්බර් 08 වැනිදා දක්වා දිවයිනට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 1,3 ලක්ෂ 95,773 ක් බවයි. සංචාරකයින් වැඩි සංඛ්‍යාවක් පසුගිය පෙබරවාරි මාසයේ දිවයිනට පැමිණි ඇති අතර එම සංඛ්‍යාව 2 ලකෂ 18,350ක් වනවා.

තව කියවන්​න

පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා වන අවම මුලික වැටුප රුපියල් 21,000ක් බවට පත්කරමින් පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගත් පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය ලැබී තිබෙනවා. 2016 අංක 3 දරණ සේවකයන්ගේ ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීම සඳහා වූ මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දෙවැනි වර කියවීමේ විවාදය පසුගිය 3 වන දා පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණා. එහිදී පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව සම්මත වුණා. ඒ අනුව සේවක භාරකාර අරමුදල, සේවක අර්ථසාධක අරමුදල් සහ පාරිතෝෂික ගෙවීමේ දී අවම වැටුප රුපියල් 21,000 ලෙස සැලකිය යුතු බවයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

තව කියවන්​න

ඊශ්‍රායල හමුදාව විසින් මධ්‍යම ගාසා තීරයේ එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන පාසලකට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගිය පිරිස අතර එම සංවිධානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 06 දෙනෙකු ද සිටින බව සදහන්. පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයන් 41,084 ක් මියගොස් 95,029 ක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කරන්නේ.

තව කියවන්​න

ඊශ්‍රායල හමුදාව විසින් මධ්‍යම ගාසා තීරයේ එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන පාසලකට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගිය පිරිස අතර එම සංවිධානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 06 දෙනෙකු ද සිටින බව සදහන්. පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයන් 41,084 ක් මියගොස් 95,029 ක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කරන්නේ.

තව කියවන්​න

ප්‍රංශයේ පැරිස් නුවර පැවති පැරා ඔලිම්පික් ක්‍රීඩා උළලේදි නව ලෝක වාර්තාවක් පිහිටුවමින්ල රිදී පදක්කමක් දිනා ගත් සමිත දුලාන් දිවයිනට පැමිණියාග හෙල්ල විසිකිරීම ඉසව්වේ එෆ් 44 කාණ්ඩය යටතේ ඔහු ලෝක වාර්තාව පිහිටවනු ලැබුවේ එහි එෆ් 64 කාණ්ඩයෙන් තරග වදිමින්ග එහිදී ඔහු මීටර් 67යි දශම 0යි 3ක දක්ෂතාවක් දැක්වීමට සමත් වුණාග සමිත දුලාන් එලෙස බිඳ හෙලු‍වේ මීට පෙර ඔහු විසින්ම තබා තිබූ ලෝක වාර්තාවයිග සමිත දුලාන් සමග පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද කටුනායක ගුවන් තොටුපොළින් ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණියාග එහිදි සමිත දුලාන් පිලිගැනීමට ඔහුගේ පවුලේ ඥාතින් මෙන්ම ජාතික පැරා ඔලිම්පික් කමිටුවේ මෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරින්ද පැමිණි…

තව කියවන්​න

තරාතිරම නොබලා පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන්ට නිසි දඬුවම් ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කාදිනල් හිමියන්ට පොරොන්දු වී තිබේග විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ අති උතුම් කාදිනල් මැල්කම් රංජිත හිමිපාණන් අතර හමුවක් අද :11* කොළඹ දී සිදුවියග එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සහන සැලසීම උදෙසා විධිමත්ව පත් කරන ලද අධිකරණ ක්‍රියාදාමයක් වෙනුවෙන් තමා උරදෙන බවත් අධිකරණ ක්‍රියාදාමය නැවත ප්‍රත්‍යක්ෂ කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා වන අදාළ නෛතික ක්‍රියාමාර්ග නිසි පරිදි ගන්නා බවත් කාදිනල් හිමිපාණන් හමුවේ පොරොන්දු වියග එසේම පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සහන ලබාදීමටත් එහි මහමොළකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් ලබාදීමටත් තමා කටයුතු කරන බවත්…

තව කියවන්​න

අමෙරිකානු ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් වන හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් සහභාගි වූ ජනාධිපතිවරණ විවාදය ඊයේ (10) පැවැත්වුණි. මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් පැවැත්වෙන දෙවැනි විවාදය එය වූ අතර, එහි පළමු විවාදයට එක්වූයේ එවක ඩිමොක්‍රොටික් පක්ෂ අපේක්ෂකත්වය දැරු වත්මන් ජනාධිපති ජෝ බයිඩන් ය. මෙය කමලා හැරිස්ගේ පළමු ජනාධිපතිවරණ විවාදයයි. සාම්ප්‍රදායිකව පැවැත්වෙන විවාදයේ ප්‍රධාන මාතෘකා වූයේ අමෙරිකානු ආර්ථිකය, බදු, සුබසාධන කටයුතු මෙන්ම විදෙස් ප්‍රතිපත්තිය වැනි කරුණුය. ඊට අමතරව අපේක්ෂකයින් දෙදෙනාම එකිනෙකා වෙත වාග් ප්‍රහාර එල්ලකරගන්නා ආකාරයත් එහිදී දක්නට ලැබුණි.

තව කියවන්​න

මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා අද දින සහ හෙට දින අවස්ථාව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ පසුගිය 04 වනදා සිට 06 වනදා දක්වා තැපැල් ඡන්ද භාවිත කිරීමට නොහැකි වූ සියලු රාජ්‍ය සේවකයින් සඳහා මෙම දින දෙක තුළ තැපැල් ඡන්ද භාවිත කිරීමට හැකියාව පවතීන බවයි . ඒ අනුව අද දිනයේ දී තැපැල් ඡන්දය භාවිත කරන ඡන්ද දායකයින් හට සිය සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගොස් ඡන්දය භාවිත කිරීමට හැකියාව පවතිනවා.

තව කියවන්​න

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 65 දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. එමෙන්ම ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබදව අවදානයෙන් පසුවන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

තව කියවන්​න

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ලබන 15 වනදා එම විභාගය පවත්වා අවසන් වන තෙක් එම තහනම ක්‍රියාත්මකයි. එමෙන්ම අනුමාන ප්‍රශ්න පත්‍ර ලබා දෙන බවට පෝස්ටර්, බැනර් අත්පත්‍රිකා ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළග තබා ගැනීම ද තහනම් බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියා සිටියේ.

තව කියවන්​න