Author: Dhanushka

යාගි සුළි කුණාටුව හේතුවෙන් මියන්මාරයේ මියගිය සංඛ්‍යාව 113 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තාවල දැක්වෙන්නේ තවත් 64 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි. එමෙන්ම යාගි සුළි කුණාටුව සමග ඇතිවූ ගංවතුර සහ නායයෑම් සමග මියන්මාරයේ තුන්ලක්ෂ විසිදහසකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා. මේ වසරේ ආසියාවේ හටගත් බලවත්ම සුළි කුණාටුව ලෙස යාගි සුළි කුණාටුව හැදින්විය හැකි අතර එය වියට්නාමය, ලාඕසය, චීනය සහ පිලිපීනයටද කඩා වැදී ඇති බව සඳහන්.

තව කියවන්​න

2024 අගෝස්තු මාසයේ ෂක්‍ක්‍ ක්‍රීඩකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පත්ව තිබෙනවා. ඉන්දියාවට එරෙහිව දුනිත් වෙල්ලාලගේ දැක් වූ තුන් ඉරියව් දක්ෂතා ඔහුට 2024 අගෝස්තු මාසයේ ෂක්‍ක්‍ ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට උපකාරී වුණා. 21 හැවිරිදි ඔහු දකුණු අප්‍රිකාවේ කේෂව් මහරාජ් සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ජේඩන් සීල්ස් අභිබවමින් මෙම සම්මානය දිනාගනු ලැබුවා.

තව කියවන්​න

මෙම වසරේ ජනවාරි 1 වනදා සිට සැප්තැම්බර් 15 වනදා දක්වා කාලය තුළ සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 15,200ක වාර්තාගත ආදායමක් ලබාගෙන තිබෙනවා. පසුගිය වසරේ එම කාලය තුළ සුරාබදු දෙපාර්තමේන්තුව උපයා තිබූ ආදායම රුපියල් කෝටි 12,200ක්. ඒ අනුව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි සඳහන් කළේ පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව මේ වසරේ එම කාලයේදී ආදායම 25%ක වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි.

තව කියවන්​න

දකුණු අප්‍රිකානු ් කණ්ඩායමට එරෙහි දකුණු අප්‍රිකාවේ පැවති පළමු නිල නොවන සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශතකයක් හා අර්ධ ශතකයක් ලබාගත් ඕෂධ ප්‍රනාන්දු හදිසියේම ශ්‍රී ලංකාවට කැඳවා තිබෙනවා. ඒ, එළැඹෙන නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට එක්කිරීම සඳහායි. ඒ අනුව, නිමාවට පත්වූ එංගලන්තය සමඟ ටෙස්ට් තරගාවලියේදී ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කළ නිශාන් මධුෂ්ක වෙනුවට ඕෂධ ප්‍රනාන්දු නවසීලන්ත ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිලට එක්වීමට නියමිතයි. මේ අතර, එංගලන්තයේදී කඩුලු රකිමින් සිටියදී පිටකොන්දේ ආබාධයකට ලක්වූ දිනේෂ් චන්දිමාල් වෙනුවට කුසල් මෙන්ඩිස් හෝ සධීර සමරවික්‍රම කඩුලු රැකීම සඳහා සූදානම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.

තව කියවන්​න

මෙම මැතිවරණ සමය තුළ ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඇමරිකානු පුරවැසියන්ට එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් දැනුම් දීමක් කර තිබෙනවා. ඒ වඩාත් කල්පනාකාරීව කටයුතු කරන ලෙසයි. වැඩිවශයෙන් ජනතාව රැස්වන ස්ථානවලට යාමෙන් වළකින ලෙස ඉල්ලා ඇති ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය වැසියන්ට දැනුම් දී ඇත්තේ තමන් නිකුත් කරන සංචාරක උපදේශයන් පිළිබඳව සැළකිලිමත් වන ලෙසයි. ඉදිරීයේ පවතින මැතිවරණ කාලයේදී ජනතාව ඒකරාශීව කලබලකාරීව හැසිරෙන ස්ථානවල රැදී නොසිටින ලෙසයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා ඇත්තේ.

තව කියවන්​න

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දින විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවද සඳහන්. මේ අතර නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ .

තව කියවන්​න

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත මේ දක්වා පැමිණිලි 4,215 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 1,360 ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානවලට පැමිණිලි 2,855 ක් ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ. මෙම පැමිණිලිවලින් 4,097 ක්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වන බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

බොරිස් කුණාටුව හේතුවෙන් ඇති වූ ධාරානිපාත වර්ෂාව මධ්‍යම සහ නැගෙනහිර යුරෝපය පුරා අඛණ්ඩව විනාශයක් සිදු කර ඇති බව විදෙස් වාර්තා පවසනවා. මධ්‍යම සහ නැගෙනහිර යුරෝපීය රටවල මාර්ග ගංගා බවට පත්ව ඇති අතර, පාලම් සහ නිවාස ගසාගෙන ගොස් තිබෙනවා. ඔස්ට්‍රියාවේ ගංවතුර ගලවා ගැනීමේ මෙහෙයුමකදී ගිනි නිවන භටයෙකු මිය ගොස් ඇති අතර, පෝලන්තයේ එක් පුද්ගලයෙකු දියේ ගිලී මිය ගොස් ඇති බව සඳහන්.

තව කියවන්​න

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන කාලසීමාවේදී මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලින් වැළකී සිටින ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිනවා. එළඹෙන 15 වන ඉරු දින උදෑසන 9.30 ත් දහවල් 12.15 ත් අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමටයි විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත්තේ. ඒ අනුව එම කාලසීමාවේදී මැතිවරණ ප්‍රචාරණ රැස්වීම්, පෙළපාලී සහ විභාග මධ්‍යස්ථාන අසල පවත්වනු ලබන සියළුම මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලින් ඉවත් වන ලෙසටයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙන්නේ.

තව කියවන්​න

ජනාධිපතිවරණයට අදාළ සියලු ප්‍රචාරක කටයුතු එළඹෙන 18 වන දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා. ඒ අනුව 18 වන දායින් පසු කිසිඳු දේශපාලන පක්ෂයකට, අපේක්ෂකයෙකුට, සහ ආධාරකරුවෙකුට ප්‍රචාරක කටයුතුවල නියැලීම තහනම් වනු ඇති. එමෙන්ම පොදු හෝ පෞද්ගලික වාහනවල, අපේක්ෂකයින් හා පක්ෂ ප්‍රවර්ධනය වන ආකාරයට අලවා තිබෙන දැන්වීම් ආදිය ගළවා ඉවත් කිරීමේ බලය ශ්‍රී ලංකා පොලීසිය සතු බවද මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා. ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු කිරීම සඳහා සති 6 ක කාලයක් ලබාදුන් බවත් ඒ අනුව ජානාධිපතිවරණය පැවැත්වෙන එළඹෙන 21 දාට පෙර පැය 48 ක් තුළ සියලු ප්‍රචාරක කටයුතු නතර කළ යුතු බවත් මැතිවරණ කොමිෂන්…

තව කියවන්​න