- පාරිභෝගික අධිකාරියේ සහල් වැටලීම් අඛණ්ඩව
- පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක්
- පළමු ආනයනික වාහන නැව 25 වැනිදායින් පසු දිවයිනට
- 09 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල ඇරඹෙයි
- බ්‍රසීලයේදී කුඩා ගුවන් යානයක් කඩා වැටෙයි
- නුවරඑළියට මල්තුහීන
- රොටුඹ උපාලිගෙන් ප්‍රශ්න කිරීමට දින 7ක රැඳවුම් නියෝග ගනී
- වැසි රහිත කාලගුණ තත්ත්වයක්
Author: Dhanushka
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු ටෙස්ට් තරගය ලකුණු 63 කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ අනුව තවත් ටෙස්ට් තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගාවලිය තරග 1 ට 0 ක් ලෙස පෙරමුණ ගනු ලැබුවා. අද දිනය සඳහා තරගය ආරම්භ කරනවිට ලකුණු 275 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම සිය දෙවන ඉනිමට කඩුලු 8ක් දැවි ලකුණු 207 ක් රැස්කරගෙන සිටියා . රචින් රවීන්ද්‍ර නොදැවි ලකුණු 91 ක් රැස්කරගෙන සිටි අතර අජාස් පටෙල් ලකුණු නොලබා කඩුල්ලේ රැඳි සිටියා. දිනය ආරම්භයේදීම රචින් රවීන්ද්‍ර දවාගත් ප්‍රභාත් ජයසූරීය ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය සනාථ කලා. ඒ අනුව නවසීලන්තය…
මෙවර ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වුවහොත් නැවත තරග නොකරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. ලබන නොවැම්බරයේ පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණයෙන් තමන් පරාජයට පත්වුවහොත් 2028 වසරේ යළි මැතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු නොවන බව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඇමරිකානු නීතිය අනුව ජනාධිපතිවරයෙක් වාර දෙකකට වඩා සේවය කිරීම තහනම් වන අතර ට්‍රම්ප් ජයග්‍රහණය කළහොත් 2028 වසරේදී තරග කිරීමට නොහැකි වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරන්නේ.
ජනාධිපතිවරණයට අදාළව යොදා ගැනෙන ඡන්ද පෙට්ටි දිවයිනේ සියලු තේරීම් භාර නිලධාරීන් වෙත නිකුත් කර අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව ලබන 20 වනදා එම ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන සඳහා නිකුත් කරන බව සඳහන්. මේ අතර ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම පසුගිය 14 වනදායින් අවසන් කෙරුණු අතර, එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයෙකු සිටීනම් හෙට සිට ජනාධිපතිවරණය පැවැත්වෙන ලබන 21 වනදා තෙක් තමන්ට අයත් ප්‍රදේශයේ තැපැල් කාර්යාලයෙන් ලබාගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව කියා සිටියා.
ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරක රැළි හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා. ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු කිරීම සඳහා සති 6 ක කාලයක් ලබාදුන් බවත්, ඒ අනුව ජානාධිපතිවරණය පැවැත්වෙන එළඹෙන 21 වනදාට පෙර පැය 48 ක් තුළ සියලු ප්‍රචාරක කටයුතු නතර කළ යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වන අවසන් රැලිය හෙට මරදාන ප්‍රදේශයේදී පැවැත්වෙන අතර සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වන අවසන් රැලිය හෙට මරදාන ටවර් රඟහල අසලින් ආරම්භ වීමට නියමිතව ඇති බව සඳහන්.
ජනාධිපතිවරණයේ ආරක්ෂාව ඇතුළුව අනෙකුත් රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 63,000 ක් යොදවන බව පොලීසිය පවසනවා. පොලිස් මුලස්ථානය සඳහන් කළේ, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන, ඡන්ද වීමසීමේ මධ්‍යස්ථාන ඇතුළු කටයුතුවල ආරක්ෂාව සඳහා එම පොලිස් නිලධාරීන් යොදවන බවයි. මේ අතර ආර්ථික මරමස්ථානවල ආරක්ෂාව සඳහා යුද හමුදාව යොදවන බව ද පොලීසිය පවසනවා . පොලීසියේ සහයට සිවිල් ආරක්ෂක භටයින් 10,000 ක් යෙදවීමට නියමිතව ඇති බව සදහන්.
ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා දිවයිනට පැමිණ සිටින මැතිවරණ නිරීක්ෂකයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. ඒ මැතිවරණ කොමිෂන් සභා කාර්යාල පරිශ්‍රයේදීයි. නිදහස් මැතිවරණයක් සඳහා වූ ආසියානු ජාලය හෙවත් ඇන්ෆරල් සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂකයන් මෙම සාකච්ඡාවට සහභාගී වන බවයි වාර්තා වන්නේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . ඒ අනුව නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද සදහන් .
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මේ දක්වා කාලය තුළ පැමිණිලි 4,411 ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත පැමිණිලි 1,379ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථාන වෙත පැමිණිලි 3,032ක් ලැබී ඇති බවයි එම කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. සමස්ත පැමිණිලි 4,411 න් 3,828 ක්ම මේ වන විට විසඳා ඇති බවද සදහන්.
ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරගය හෙට තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. එම ටෙස්ට් තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි පැවැත්වීමට නියමිතයි. එම පළමු තරගය හෙට ආරම්භ වීමට නියමිත අතර ජනාධිපතිවරණය හේතුවෙන් 21 වන දා අදාළ තරගය නොපැවැත්වෙන බවටයි වාර්තා වන්නේ.
ලෝකයේ වඩාත්ම අනාරක්ෂිත ස්ථානය බවට ගාසා තීරය පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. ගාසා තීරයේ ආධාර හා ප්‍රතිසංස්කරණ අධීක්ෂණය කරන එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨතම නිළධාරිනිය වන සිග්රිඩ් කාග් පවසා ඇත්තේ ජාත්‍යන්තර ප්‍රජාව සාමූහිකව ගාසා තීරයේ සිටින අහිංසක සිවිල් වැසියන්ගේ බලාපොරොත්තු සුන් කරවන බවයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222