- පාරිභෝගික අධිකාරියේ සහල් වැටලීම් අඛණ්ඩව
- පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක්
- පළමු ආනයනික වාහන නැව 25 වැනිදායින් පසු දිවයිනට
- 09 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල ඇරඹෙයි
- බ්‍රසීලයේදී කුඩා ගුවන් යානයක් කඩා වැටෙයි
- නුවරඑළියට මල්තුහීන
- රොටුඹ උපාලිගෙන් ප්‍රශ්න කිරීමට දින 7ක රැඳවුම් නියෝග ගනී
- වැසි රහිත කාලගුණ තත්ත්වයක්
Author: Dhanushka
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නව අමාත්‍ය මණ්ඩලය අද දින පස්වරුවේ දිවුරුම් දීමට නියමිතයි. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් නිපුණාරච්චි මහතා කියා සිටියේ අද දින පස්වරුවේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමට බොහෝ දුරට ඉඩ පවතින බවයි. එමෙන්ම නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රිනි ආචාර්ය හරිනි අමරසුරිය මහත්මිය පත් කිරීමට නියමිතව ඇති බව ද එම පක්ෂයේ දේශපාලන ආරංචි මාර්ග පවසනවා . ජාතික ජන බලවේගයේ මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයන් දරන තිදෙනෙකු සිටින අතර මේ වනවිට අමාත්‍යවරුන් වශයෙන් ඔවුන්ව පත් කොට අමාත්‍යංශ සියල්ලම ඔවුන් වෙත බෙදාහැරීමට තීරණය කර ඇති බවද සදහන්. කෙසේ වෙතත් අමාත්‍ය ධුර ලබා දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව අද මධ්‍යම…
නවසීලන්තය සමග පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට දග පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා. ආබාධයකට ලක්ව සිටින විශ්ව ප්‍රනාන්දු වෙනුවට ඔහුව සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ. පුහුණුවීම් අතරතුර විශ්ව ප්‍රනාන්දුගේ දකුණු පාදයේ එම ආබාධය සිදුව ඇති අතර, ඒ අනුව ඔහුගේ ආබාධය සුව කර ගැනීමට අවශ්‍ය ප්‍රතිකාර කටයුතු සදහා යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව දෙවැනි ටෙස්ට් තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ අංශයේ වෙනසක් සිදු කළහොත්, බොහෝ විට නිශාන් පීරිස්ට ටෙස්ට් වරම් හිමි කර ගැනීමට අවස්ථාවක් උදා වනු ඇති. 27 හැවිරිදි…
ජපානයේ ටෝකියෝ හි ඉසු දූපත් ආසන්නයෙන් රික්ටර් මාපක 5.9 ක භූ චලනයක් සිදුව තිබෙනවා. ජපාන කාලගුණ විද්‍යා ඒජන්සියට අනුව භූමිකම්පාවෙන් මිනිත්තු 40 කට පමණ පසු ඉසු දූපත් සමූහයට අයත් හචිජෝ දූපතට සෙන්ටිමීටර 50 ක පමණ උසැති උදම් රළක් පැමිණ ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. කෙසේ වෙතත් මෙම භූ චලනයෙන් කිසිදු හානියක් සිදුව නැහැ.
09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ සිය ධුරයේ දිවුරුම් දෙනු ලැබුවා. ඒ, අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති දිවුරුම් දීමේ උත්සවයේදියි. සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් ද සිදු කරනු ලැබුවා.
සබරගමු පළාතේ ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වුණා. තමන් වසරකුත් මාස තුනක කාලයක් සබරගමු පළාත් ආණ්ඩුකාර ධූරයේ කටයුතු කළ බව ලිපියක් නිකුත් කරමින් ඒ මහතා සදහන් කර සිටියා. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට හිස නමමින් මේ අවස්ථාවේ ඉල්ලා අස්වීමට කටයුතු කරන බවයි නවීන් දිසානායක මහතා වැඩි දුරටත් සඳහන් කර සිටියේ. නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් පිරිනමමින් සිය නිල ෆෙස්බුක් ගිණුමෙහි සටහනක් පල කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කලා. මේ අතර දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාද තම ධුරයෙන් ඉල්ලා අස්වන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් නිකුත් කරමින් සදහන් කර සිටිනවා. ජනාධිපතිවරණය සදහා වෙනත්…
2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලැබුවා. ඒ අනුව 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිලිබඳ පනතේ 61 වන වගන්තිය යටතේ අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කර ගත් ලෙස ප්‍රකාශයට පත්කළ බව එම පනතේ 64(2) වගන්තිය යටතේ මැතිවරණ කොමිෂන් සභාව මෙම ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
නව ජනාධිපති ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායක මහතාගෙන් හිස්වන පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය සඳහා ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පත් කිරීමට නියමිතව තිබෙනවා. පැලවත්තේ පිහිටි පක්ෂ කාර්යාලයේදී අදහස් දක්වමින් ටිල්වින් සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළා. ඒ මහතා පැවසුවේ නව මන්ත්‍රීවරයා පත් කිරීම ඔවුන්ගේ කටයුත්තක් නොවන බැවින් එය මැතිවරණ නීතිය අනුව මැතිවරණ කොමිසම විසින් සිදුකළ යුතු බවයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් පසු මනාප ලැයිස්තුවේ මී ළඟට සිටින්නේ ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා බැවින් මැතිවරණ කොමිසම නව මන්ත්‍රීවරයා ලෙස ඔහු පත් කරනු ඇති බවයි ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් සදහන් කළේ.
මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර දින 7 ක් යනතුරු රථවාහන හෝ පෙළපාලි පැවැත්වීම තහනම් බව පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා. ඒ අනුව කිසිදු නීතිවිරෝධී සිදුවීමකට අවස්ථාවක් නොලැබෙන බව එම නිවේදනයේ සඳහන්. එමෙන්ම තවදුරටත් නීතිය හා සාමය පවත්වාගෙන යාමට අවශ්‍ය සහාය ලබාදෙන ලෙසත් පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
අභිනව ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට රටවල් රැසකින් සුබපැතුම් එක් කර තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, සිය එක්ස් ගිණුම ඔස්සේ සුබපතමින් ප්‍රකාශ කර ඇත්තේ කුමන පාලකයෙකු පත්වුවද ශ්‍රී ලංකාව සමග අඛන්ඩව සහයෝගයෙන් කටයුතු කරන බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී සිය සුබපැතුම් එක් කරනු ලැබුවා. ඊට අමතරව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් සුබපැතුම් එක් කර තිබුණා. මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මොයිෂු ද සුබපැතුම් එක් කර ඇති අතර, ශ්‍රී ලංකාවේ බි්‍රතාන්‍ය තානාපති ඇන්ඩෲ පැටි්‍රක් මෙන්ම ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා ද සුබපැතුම්…
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වුණා. දිනේෂ් ගුණවර්ධන මහතා ඒ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබෙනවා. සැප්තැම්බර් මස 21 වනදා පැවති ජනාධිපතිවරණයෙන් මෙරට 9 වන විධායක ජනාධිපතිවරයා තේරී පත්ව ඇති බැවින් ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (2) ආ වගන්තිය ප්‍රකාරව, තමා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවයි දිනේෂ් ගුණවර්ධන මහතා අදාළ ලිපියේ සඳහන් කර ඇත්තේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222