- ජනපති අනුරගෙන් ඇමරිකානු ජනපති ට්‍රම්ප්ට විශේෂ ස්තුතියක්
- කොත්මලේ වේල්ල මතින් බර වාහන ධාවනය අත්හිටුවයි
- එළඹෙන වසරේ සිදුකිරීමට නියමිත විගණන 3000 ඉක්මවයි
- ආපදා සහන සලසන බවට පවසන ජාවාරම්කරුවන්ට රැවටෙන්න එපා
- රට ගොඩනැගීමේ අරමුදලට තවත් මිලියන 100ක පරිත්‍යාගයක්
- දෙසැම්බර් මුල් සතියේ මෙරටට සංචාරකයින් 43,000ක්
- පාසල් යළි ආරම්භ කිරීමට අදාළ චක්‍රලේඛය අද නිකුත් කෙරේ
- ජලාශ කිහිපයක ජල මට්ටම් අඩු කෙරේ
Author: Dhanushka
ඊශ්‍රායලයේ සේවයේ නිරතව සිටි ශ්‍රී ලාංකිකයෙක් රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරනවා. ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සඳහන් කළේ ඉදිකිරීම් අංශයේ සේවය කළ ශ්‍රී ලාංකිකයෙක් මෙලෙස මියගොස් ඇති බවයි. හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල් ගත කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ කුරුණෑගලල ගල්කටුයාය ප්‍රදේශයේ පදිංචිව සිට 33 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.
කාම්බෝජයේ අගනුවර වන ප්නොම් පෙන්හි බස් රථයක් පාලමකින් ගඟකට පෙරළී 16 දෙනෙකු මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අනතුරින් තවත් 24 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. බස් රථයේ සිටි සියලුදෙනා කාම්බෝජ ජාතිකයන් බව ද එරට මාධ්‍ය සඳහන් කරනවා.
මහකන්නයේ වගා කිරීමට අවශ්‍ය සියලුම පොහොර වර්ග මේ වන විට පවතින බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමආරච්චි මහතා පවසනවා. පොහොර පිළිබදව විවිධ අසත්‍ය ප්‍රචාරයන් සිදු කරමින් ගෙන යන වැඩපිළිවෙලට හසුනොවන ලෙස ඒ මහතා ගොවිජනතාවට දැනුම් දුන්නා. මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව සදහා පොහොර සහනාධාරය ලබාදීමේ කටයුතු සාර්ථකව සිදු වෙමින් පවතින බව අනුරාධපුර ගොවිජන සේවා නියෝජ්‍ය කොමසාරිස් කැලුම් දිසානායක මහතා සදහන් කළා.
විනයගරුක රිය පැදවීම ප්‍රවර්ධනය කිරීම සඳහා රජය විසින් රියදුරු බලපත්‍ර සඳහා දඬුවම් ලකුණු ක්‍රමයක් හඳුන්වා දීමට තීරණය කර තිබෙනවා. ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසන්නේ ලබන වසරේ සිට රියදුරු බලපත්‍ර සඳහා දඬුවම් ලකුණු ක්‍රමය හඳුන්වා දෙන බවයි. මෙකී නව යාන්ත්‍රණය මගින් මෙරට මාර්ගවල මාර්ග නීති නැවත නැවතත් උල්ලංඝනය කරන රියදුරන් හඳුනා ගැනීම සිදුවනවා.
ඔක්තොබර් මස 30 දින ආරම්භ වූ මත්ද්‍රව්‍ය නිවාරණ ”රටම එකට” ජාතික මෙහෙයුම මඟින් විශාල මත්ද්‍රව්‍ය තොගයක් මේ වනවිට සොයා ගෙන තිබෙනවා. එම මෙහෙයුම යටතේ ඊයේ දිනය වනවිට දිවයින පුරා සිදුකළ මෙහෙයුම් 23,891කින් සැකකරුවන් 23,550ක් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ. එමෙන්ම එම වැටලීම්වලදී නීතිවිරෝධී වත්කම් විමර්ශන සැකකරුවන් 26 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා. මේ අතර, සැකකරුවන් 638 දෙනෙකු පුරනරුත්තාපනයට යොමුකර ඇති අතර, තවත් සැකකරුවන් 614කට රැඳවුම් නියෝග ලබාගෙන ඇතැයි ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. ඉහත කාලය තුළ සිදුකළ වැටලීම්වලදී අයිස් කිලෝ 650ක්, ගංජා කිලෝ 553ක්, හෙරොයින් කිලෝ 133ක්, මාවා කිලෝ 59ක්, හෂීෂ්…
විදේශිකයින් සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී අය කරන ගාස්තු සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සදහන්. ඒ අනුව විදෙස් පුරවැසියෙකුට මාසයක කාලසීමාවක් සඳහා තාවකාලික රියදුරු බලපත්‍රයක් ලබාගැනීමේදී මෙතෙක් අය කළ රුපියල් 2,000ක මුදල රුපියල් 15,000 දක්වා ඉහළ නංවා තිබෙනවා. එමෙන්ම මසකට වැඩි සහ මාස දෙකක් දක්වා කාලසීමාව සඳහා රියදුරු බලපත්‍රයක් ලබාගැනීමේදී අය කරනු ලබන මුදල රුපියල් 21,000 ක් බව සදහන්. මාස දෙකකට වැඩි සහ මාස 6 ක් දක්වා කාලසීමාවක් සඳහා රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට අය කරනු ලබන මුදල රුපියල් 30,000 ක් වනවා.…
රුපියල් කෝටි 4 කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදි සැකකරුවන්ගේ ගමන් මලු තුළ තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4 යි ග්‍රෑම් 22ක ප්‍රමාණයක් රේගු භාරයට ගනු ලැබුවා. මැලේසියාවේ ක්වාලාලම්පුර් නුවර සිට මෙරටට පැමිණ ඇති මෙම සැකකරුවන් කොළඹ සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභිකයින් 8 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට එම පක්ෂය කටයුතු කර තිබෙනවා. 2026 අයවැය සම්මත කිරීම සඳහා ජාතික ජන බලවේගයට සහාය ලබා දීම හේතුවෙනුයි මෙවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත්තේ. ඒ අනුව දර්ශන විතානගේ, නසීර් මොහමුදු, ඒ.ඒ. අනුර කුමාර සහ අමිල් එරංග යන සභිකයින්ගේ සමාජිකත්වය අත්හිටුවා තිබෙනවා. එමෙන්ම උමේෂා රශ්මි, අතුල කුමාර, අනුර කුමාර සහ සුමේද ලක්මාල් යන අයගේද සාමාජික්තවය අත්හිටුවීමටයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කර ඇත්තේ. එම පක්ෂය සදහන් කළේ පක්ෂයේ දැනුවත් කිරීම්, ලබාදී ඇති මඟ පෙන්වීම් සහ උපදෙස්වලට පටහැනිව මෙම පිරිස කටයුතු කර ඇති බවයි. ඒ අනුව මීළඟ මධ්‍යම කාරක සභා රැස්වීමට ඒ පිළිබඳව…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිරිමත් කිරීමේ අරමුණින් ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරන්න මහතා පකිස්ථානයට බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ, ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදෙස් පරිදියි. එහිදි නියෝජ්‍ය අමාත්‍යවරයාව පිළිගනු ලැබුවේ ශ්‍රී ලංකා – පාකිස්තාන මහ කොමසාරිස් රියර් අද්මිරාල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්න මහතා විසින්. පාකිස්ථානය තුළ උද්ගත වූ තත්ත්වය හමුවේ,මෙරට ක්‍රීඩකයින්ගේ මාන්සිකත්වය පිළිබඳ සොයා බැලීමටත්, තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් තුළ යහපත් මානසික මට්ටමක් ඇති කරමින් ඔවුන් තුළ විශ්වාසයක් ඇති කිරීමත් මෙම සංචාරයේ අරමුණ වනවා. පකිස්ථාන රජයේ නිල ආරාධනාවකට අනුවයි මෙම සංචාරය සදහා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා පිටත්ව ගොස් ඇත්තේ.
ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයින් 28 දෙනෙකු මිය ගොස් 77 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ගාසාහි අමාත්‍යාංශ ගොඩනැගිල්ලක් ඇතුළු ස්ථාන කිහිපයකට එල්ල වූ මෙම ඊශ්‍රායල ප්‍රහාර මාලාවෙන් එම ප්‍රදේශයට සහ ජනතාවට දැඩි හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. අමාත්‍යාංශ ගොඩනැගිල්ලට එල්ල වූ ප්‍රහාරයෙන් පමණක් දස දෙනෙකුට අධික පිරිසක් මිය ගොස් තිබෙනවා. තවත් ස්ථාන කිහිපයකට ඊශ්‍රායල ගුවන් ,ඩ්‍රෝන සහ කාලතුවක්කු ප්‍රහාර මෙලෙස එල්ල වී ඇති අතර මුදාගැනීමේ සහන කණ්ඩායම්වල කිහිප දෙනෙකු ද ප්‍රහාරවලින් මිය ගොස් ඇති බව සදහන්. ඇමෙරිකාවේ මැදිහත්වීමෙන් ඇති කරගත් සටන් විරාමය දරුණු ලෙසම උල්ලංඝණය කළ අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222














