Author: Dhanushka

විභාග කොමසාරිස් ජනරාල්වරයා සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා අද දිනයේ මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබෙනවා. ඒ, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිට වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම විමර්ශනයක් ආරම්භ කිරීම හේතුවෙන්. විභාගය සම්බන්ධයෙන් පැමිණිලි රැසක් මානව හිමිකම් කොමිසමට ලැබීම හේතුවෙන් අදාළ කැඳවීම කළ බව මානව හිමිකම් කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළා.

තව කියවන්​න

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් දේශපාලන සන්ධානයක් යටතේ තරග වැදීමට සූදානම් වනවා. ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති අතර අද දිනයේත් ඒ පිළිබඳව සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන ආකාරය සහ ලකුණ සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරිමට නියමිත අතර සන්ධානගත වන්නේ නම් ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු පිළිබඳව ද මෙහිදි සාකච්ඡා කිරීමට නියමිතයි.

තව කියවන්​න

ඉදිකිරීම් අංශයේ රැකියා රැසක් ඊශ්‍රායල රජය මගින් මෙරටට ලබාදීමට තීරණය කර තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කළේ, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ හා වඩු කාර්මික ක්ෂේත්‍රවල රැකියා පුරප්පාඩු මෙරටට ලැබී ඇති බවයි. අවුරුදු 25 ත් 44 ත් අතර වයස් කාණ්ඩවල පළපුරුද්දක් හා දක්ෂතාවයක් සහිත පිරිසට ඒ සදහා අයදුම් කළ හැකියි. ඒ සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සඳහන් අයදුම්පත පමණක් පිරවිය යුතු බවයි එම කාර්යංශය සදහන් කළේ.

තව කියවන්​න

මෙවර මහ මැතිවරණයේදී 2024 ඡන්ද නාම ලේඛනයට අනුව ඒ ඒ දිස්ත්‍රික්කවලට හිමි මන්ත්‍රී ආසනවල වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවලට එක් මන්ත්‍රී ධුරය බැගින් එක්වී ඇති අතර, කොළඹ සහ යාපනයෙන් එක් මන්ත්‍රී ධුරය බැගින් අඩු වී තිබෙනවා. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයට හිමි මන්ත්‍රී ආසන සංඛ්‍යාව 19 ක් වනවා. එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 11 දක්වා වැඩිවී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියේ. කොළඹ දිස්ත්‍රික්කයට මන්ත්‍රී ධුර 19 ක් හිමිව තිබූ අතර, එය නව සංශෝධනයට අනුව 18 ක් බවට පත්ව තිබෙනවා. යාපනය දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව අඩු වී ඇත්තේ 6 ක් දක්වායි. අනෙක් දිස්ත්‍රික්කවල මන්ත්‍රී ධූර…

තව කියවන්​න

පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ මූලික මුද්‍රණ කටයුතු ආරම්භ කළ බව රජයේ මුද්‍රණාලයේ අධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය පවසනවා. ඒ මහත්මිය කියා සිටියේ ඉදිරි මහ මැතිරණයට මෙන්ම පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ කඩදාසි ප්‍රමාණවත් පරිදි රජයේ මුද්‍රණාලය සතු බවයි. ඒ අනුව මැතිවරණ ක්‍රියාවලියට අදාළ ගැසට් පත්‍ර ආදි මුලික මුද්‍රණ කටයුතු ආරම්භ කළ බවයි ඒ මහත්මිය කියා සිටියේ.

තව කියවන්​න

ලෙබනනයේ සහ ඊශ්‍රායලයේ යුධ ගැටුම් හේතුවෙන් විපතට පත් ප්‍රදේශවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහතික කිරීමට කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. පවතින අස්ථාවර තත්ත්වය හේතුවෙන් බේරුට් සහ ටෙල් අවිව් හි ශ්‍රී ලංකා දූත මණ්ඩලය ද සීරුවෙන් සිටින බව සදහන්. මේ වන විට ඇතිව තිබෙන තත්ත්වයෙන් ශ්‍රී ලාංකිකයන් කිසිවකුට මෙතෙක් කිසිදු බලපෑමක් සිදුව නැහැ.

තව කියවන්​න

සිය රටෙහි න්‍යෂ්ථික අවි භාවිතා කිරීමේදී අනුගමනය කරන නීති රිති වෙනස් කරන බවට රුසියානු ජනාධිපති වැලැදිමිර් පුටින් පවසනවා. ඔහු කියා සිටියේ, න්‍යෂ්ථික අවි නොමැති යුක්රේනය ඇතුලු න්‍යෂ්ථික අවි භාවිතා කරන බටහිර රටවල් රුසියාවට එරෙහිව සිදු කරන ක්‍රියාකාරකම් තම රටට එරෙහිව සිදු කරන සාමූහික ප්‍රහාරයක් ලෙස සළකන බවයි. කෙසේ වෙතත් රුසියාවට සිදු කළ හැක්කේ න්‍යෂ්ථික තර්ජන පමණක් බව යුක්රේන ජනාධිපති වැලැදිමියර් සෙලෙන්සිකි සඳහන් කරනවා.

තව කියවන්​න

ජනාධිපතිවරණයට පෙනී සිටි සියළු අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රචාරක වියදම් ලැයිස්තුව ලබන මස 13 වන දාට පෙර ඉදිරිපත් කළ යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා. ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ ප්‍රතිඵල නිකුත් කර දින 21 ක කාලයක් තුළදී අදාළ වාර්තාව කොමිසමට භාර දිය යුතු බව සඳහන්. ඒ අනුව අදාළ වාර්තාව කොමිසම වෙත ලබාදීමෙන් අනතුරුව මහජනතාවට එය ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා අද සිය දූරයේ යළි වැඩ භාරගෙන තිබෙනවා. භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරු සහ මුදල් අමාත්‍යාංශය යටතේ වන දෙපාර්තමේන්තුවල ප්‍රධානීන් ඇතුළු ජේ්‍යෂ්ඨ නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබාගැනීම සහ මෙරට ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට මහින්ද සිරිවර්ධන මහතා විශාල දායකත්වයක් ලබාදුන් අයෙකු ද වනවා. මේ අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ද පවත්වා තිබෙනවා. රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාවලිය ඇතුළු ආර්ථිකයට…

තව කියවන්​න

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන් වීමට පෙර ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. ඒ අනුව, ප්‍රතිඵල නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කරමින් සිටින බවයි ඔහු පවසන්නේ. 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,527කදී පැවැත්වූ අතර, ඒ සඳහා අයදුම්කරුවන් 4 ලක්ෂ 52,979 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණා. ඊට පාසල් අයැදුම්කරුවන් 3 ලක්ෂ 87,648 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 65,331 දෙනෙකු ද ඊට ඇතුළත්.

තව කියවන්​න