Author: Dhanushka

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය කළ සැලසුම් නතර කිරීමට වත්මන් රජය තීරණය කර ඇති බව වාර්තා වනවා. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය මගින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කොටස් විකුණා දැමීමට පසුගිය රජය සැලසුම් කර තිබුණා. ඒ අනුව පෞද්ගලික ආයෝජකයෙකු ආකර්ශනය කර ගැනීමේ පියවරක් ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පැවති ඩොලර් මිලියන 510 ක ණය රජයට පවරා ගැනීමටයි පසුගිය රජයේ අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරනු ලැබුවේ. කෙසේ වෙතත් ශ්‍රීලංකන් ගුවන් සේවයේ කොටස් විකුණා දමනවා වෙනුවට එහි කළමනාකාරීත්වය කාර්යක්ෂම කළ හැකි ක්‍රමවේදයක් සම්බන්ධයෙන් සොයා බැලීමටයි වත්මන් රජය තීරණය කර ඇත්තේ.

තව කියවන්​න

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරගාවලිය සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රවේශ පත්‍ර අලෙවිය ඔක්තෝම්බර් 6 වන දා සිට ආරම්භ වනවා. ඒ අනුව ප්‍රවේශ පත්‍ර අඅඅගිරසක්බන්ජරසජනැඑගකන වෙබ් අඩවිය වෙත පිවිස මිල දී ගත හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. එමෙන්ම ඔක්තෝබර් 10 වැනිදා සිට ප්‍රවේශපත්‍ර කොළඹ 07 විද්‍යා මාවතේ සහ දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ස්ථාපිත ප්‍රවේශපත්‍ර කවුළුවලින් ලබා ගැනීමට හැකියාව පවතිනවා. විස්සයි විස්ස තරග පැවැත්වෙන දිනවල දී දඹුල්ල ප්‍රාදේශීය සභා කාර්යාලයේදී ද ප්‍රවේශපත්‍ර අලෙවි කරනු ලබනවා. එමෙන්ම ඔක්තෝබර් 18 වනදා සිට පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ද ප්‍රවේශපත්‍ර අලෙවි කෙරෙන අතර එක්දින ජාත්‍යන්තර තරග පැවැත්වෙන දිනවලදී බලගොල්ල අභීත ක්‍රීඩා…

තව කියවන්​න

නේපාලයේ ඇතිවූ ගංවතුර සහ නායයාම් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 175ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා . එමෙන්ම තවත් පුද්ගලයන් 50 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . මීට අමතරව ගංවතර හේතුවෙන් නිවාසවල සිරවී සිටි පුද්ගලයන් 4000 ට වැඩි පිරිසක් බේරා ගැනීමට එරට ආරක්ෂක අංශය සමත් වී තිබෙනවා . අධික වර්ෂාපතනයත් සමග ඇති වූ ගංවතුර හා නායයෑම් හේතුවෙන් එරට ජලවිදුලි බලාගාර හා වැව් රැසකට දැඩි ලෙස හානි සිදුව ඇති බව සදහන් . මේ වන විට ඇස්තමේන්තුගත කර ඇති පරිදි සිදු වූ හානිය අමෙරිකානු ඩොලර් මිලියන 32.6 කට ආසන්න වනවා.

තව කියවන්​න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් මෙම සතියේ පැවැත්වෙනවා. ඒ සදහා සහභාගී වන අයි එම් එෆ් නියෝජිතයන් හෙට දිවයිනට පැමිණෙන බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීරණ අරමුදල් පහසුකමේ තුන්වන සමාලෝචනය සම්බන්ධයෙන් නව රජය සමග සාකච්ඡා කිරීමේ අරමුණෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නියෝජිතයන් පිරිසක් මෙසේ පැමිණීමට නියමිතයි. ශ්‍රී ලංකාව මූල්‍ය අරමුදල සමග ක්‍රියාත්මක කරන වැඩසටහනේ ප්‍රගතිය එහිදී සළකා බැලෙනු ඇති.

තව කියවන්​න

මහ කන්නයේ වී ගොවීන් සඳහා රුපියල් 25,000 ක දීමනාවක් සහ ධීවර ප්‍රජාවට ඉන්ධන සහනාධාරයක් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගත් තීරණය මැතිවරණ කොමිසම විසින් අත්හිටුවා තිබෙනවා. මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවේදී මෙවැනි සහනාධාරයක් ලබාදීමට තීන්දු කිරීමෙන් සෙසු අපේක්ෂකයන් අගතියට පත්වීම සැළකිල්ලට ගෙන මෙම තීන්දුව ගත් බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා කියා සිටියේ. ඒ අනුව අදාළ රාජ්‍ය ප්‍රතිපත්තිමය තීන්දුව මහ මැතිවරණයෙන් පසු ක්‍රියාත්මක කරන ලෙසට ජනාධිපතිවරයාට මැතිවරණ කොමිසම දැනුම් දී තිබෙනවා.

තව කියවන්​න

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 ක පමණ තද වැසිද ඇති විය හැකි බවයි . ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා .

තව කියවන්​න

2023 – 2024 තක්සේරු වර්ෂයේ ආදායම් බදු ගෙවා අවසන් කිරීමට ලබාදී ඇති කාලසීමාව අදින් අවසන් වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. සියලු ආදායම් බදු ගෙවා අවසන් කිරීමට පසුගිය සිකුරාදා සිට අද දක්වා අවස්ථාව ලබාදී ඇති අතර, එම නියෝග කඩකරන පුද්ගලයින්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. යම් තැනැත්තෙක් බදු ගෙවීම පැහැර හරින්නේ නම් නොගෙවන හෝ ප්‍රමාද වී ගෙවන ආදායම් බදු වෙනුවෙන් නීති ප්‍රකාරව දණ්ඩනයකට සහ පොලියකට යටත් වන බවත්, එම දඩ හෝ පොලී අඩු කිරීමක් හෝ ඉවත් කිරීමක් සිදු නොකරන බවත් ඔවුන් ප්‍රකාශ කළා. එමෙන්ම හිඟ බදු බදු පවතී නම් ඒ සියල්ල ලබන මස 30 වනදාට හෝ…

තව කියවන්​න

පසුගියදා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නපත්‍ර පිටවීම සම්බන්ධයෙන් ඇති වු ගැටළු සහගත තත්ත්වය හමුවේ අධ්‍යාපන අමාත්‍යාංශය ගත් තීරණයට එරෙහිව දෙමාපියන් විසින් මේ වන විට අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙනවා. එම උද්ඝෝෂණය සිදු කරන දෙමාපියන් පවසා සිටින්නේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නැවත පවත්වන ලෙසයි. 2024 වසරට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය 15 වනදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,849 කදී පැවැත්වුණා . ඒ සඳහා විභග අපේක්ෂකයින් 3,23,879 දෙනෙකු සහභාගී වී සිටියා . කෙසේ වෙතත් 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු කොටසේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කළින් පිටවීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විද්වත් කමිටුව මඟින් ඊයේ ප්‍රකාශ කර…

තව කියවන්​න

බේකරි ඇතුළු ආපනශාලා ආහාරවලට මිල පාලනයක් ගෙන ආ යුතු බව පාරිභෝගිකයින් පවසනවාග බිත්තර මිල පහළ යාමත් සමඟ ඒ ආශ්‍රිත ආහාර නිෂ්පාදනවල මිල අඩු කිරීමට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පියවර ගනු ලැබුවාග ඒ අනුව රයිස් සහ කොත්තු මිල රුපියල් 40 කින් දල බිත්තර රොටියක් රුපියල් 30 කින් ද අඩු කිරීමට පියවර ගන්නා බවයි සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගෙන් සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේග මේ අතරල බිත්තර මිල ගණන් පහළ ගියද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල අඩුකිරීමේ හැකියාවක් නොමැති බවයි කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමයේ සභාපති එන්ග කේගජයවර්ධන මහතා කියා සිටියේග

තව කියවන්​න

ශ්‍රී ලංකා රග්බි සංගමයේ හිටපු සභාපතිවරුන් දෙදෙනෙකුගේ පාලන කාලය තුළදී සිදු වී ඇතැයි පවසන දූෂිත ක්‍රියා කිහිපයක් පිළිබදව කඩිනමින් විමර්ශනයක් ඉල්ලා එහි හිටපු සභාපතිවරයෙකු අග්‍රාමාත්‍යවරිය වෙත ලිපියක් යොමු කර තිබෙනවා. මූල්‍ය අවභාවිතය, ආගමන හා විගමන පනත උල්ලංඝනය කිරීම ආදී චෝදනා රැසක් ගොනු කරමින් අදාළ ලිපිය අග්‍රාමාත්‍යවරිය වෙත මෙලෙස යොමු කර ඇති බව සදහන්. චෝදනාලාභී මෙම එක් රග්බි හිටපු සභාපතිවරයෙකු රුපියල් මිලියන 55 ක් අවභාවිත කර ඇති බවද අදාළ චෝදනාවේ අන්තර්ගත වනවා. හිටපු රග්බි සභාපතිවරයෙකු වන ඉල්ලීයාස් නමැති පුද්ගලයා විසින් වැඩිදුරටත් අදාළ නිවේදනයෙන් ඉල්ලා ඇත්තේ අදාළ අක්‍රමිකතා සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙසයි.

තව කියවන්​න