- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: Dhanushka
ඉන්ධන මිල අඩුවීමත් සමග ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් අඩු කෙරුණු බව බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය පවසනවා. එමෙන්ම බස් ගාස්තු අඩුවීම ද ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වුණා. ඒ අනුව බස් ගාස්තුව සියයට 4.24 කින් අඩු වූ අතර අවම බස් ගාස්තුව රුපියල් 27 දක්වා අඩු වී තිබෙනවා.
වර්තමානයේ ඇති එකම විකල්පය සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය බව එහි නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු පවසන්නේ රට මුහුණ දෙන අභියෝග ජයගැනීම සඳහා සමගි ජන බලවේගයටද විශාල කාර්යභාරයක් පැවරි ඇති බවයි. මහරගම ප්‍රදේශයේ පක්ෂ ක්‍රියාකාරීන් සමග පැවැති හමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළා.
ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසට් සුගු අසකාවා මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් එක්කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ වැඩපිළිවෙල ආසියානු සංවර්ධන බැංකුව පිළිගන්නා බව සභාපතිවරයා ප්‍රකාශ කර ඇති බවයි. සාමකාමී හා ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව මෙරට ජනතාවට ස්තූතිවන්ත වන බව ද එම සුබ පැතුම් පණිවුඩයෙන් දන්වා තිබෙනවා.
මාලදිවයින් පැසිපන්දු සංගමය විසින් සංවිධානය කළ “සුපිරි කුසලාන ” පැසිපන්දු තරගාවලියේ දී කාන්තා සහ පිරිමි ශූරතා දෙකම දිනා ගනිමින් රන් පදක්කම් හිමි කර ගත් ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම් දිවයිනට පැමිණ තිබෙනවා. මෙම තරගාවලිය මාලේ නගරයේ දී ඉකුත් 26 වන දා සිට 30 වන දා දක්වා කලාපයේ රටවල් හතරක් සමග පැවැත්වුණා. ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා පැසිපන්දු සංචිතයේ සභාපති, ගුවන් හමුදා කොමදෝරු අමල් පෙරේරා මහතා ඇතුළු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.
ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය තමන් හෙළා දකින බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා. ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමී කණ්ඩායමට සහය දක්වන ඉරානයෙන් ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත්වනු ඇතැයි ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය අනතුරු අඟවා තිබෙනවා. මේ අතර, ප්‍රතිප්‍රහාරයක් එල්ල කළහොත් ඊශ්‍රායලයේ සියලුම යටිතල පහසුකම්වලට පහර දෙන බවට ඉරාන මාණ්ඩලික ප්‍රධානියා අනතුරු අඟවා ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. එමෙන්ම ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙන් වැළකී සිටින්නේ නම් ඔවුන් තම ප්‍රහාර අවසන් කරන බවයි ඉරාන විදේශ ඇමති සඳහන් කරන්නේ. එලෙස සිදු නොවන්නේ නම් ඊශ්‍රායලයේ ප්‍රහාරයකට ඔවුන්ගේ ප්‍රතිචාරය වඩාත් ශක්තිමත් සහ බලවත් වනු ඇති බවටයි ඉරානය අනතුරු අඟවා තිබෙන්නේ.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව බස් ගාස්තු අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඊට අදාළ ගණනය කිරීම් ආරම්භ කර ඇති බවයි, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය පැවසුවේ. අද දහවල් වන විට නව බස් ගාස්තු ප්‍රකාශයට පත්කිරීමට අපේක්ෂා කරන බව, ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළා.
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් අතර හමුවක් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වුණා . ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධූරයට පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමූ ජුලී චන්ග් මහත්මිය ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වර්ධනය කර ගැනීම පිළිබඳ සාකච්ඡා කළා. ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා මෙන්ම ආර්ථික සහ සමාජයීය සහයෝගිතාව ශක්තිමත් කර ගැනීමත්, දෙරට අතර අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳවත් මෙහිදී විශේෂ අවධානය යොමු කර සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කර සිටියා.
ආගමන හා විගමන පාලක ජනරාල් ලෙස සේවය කළ හර්ෂ ඉලුක්පිටිය රක්ෂිත බන්ධනාගාරගත කරීම හේතුවෙන් එම තනතුරේ රාජකාරි කටයුතු ඉටු කිරීම සදහා තවත් පුද්ගලයෙකු පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අනුව, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙස දැනට සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනි බී. එම්. ඩී. නිලුෂා බාලසූරිය මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරට පත් කිරීමට කටයුතු යොදා තිබෙනවා.
ලබන නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අදින් ආරම්භ වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම කොමිෂන් සභාව පැවසුවේ එම කටයුතු ලබන මස 8 වනදා දක්වා සිදුකිරීමට නියමිතව ඇති බවයි. පසුගිය ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්කළ සියලුම දෙනා මෙම ඡන්ද විමසීම සඳහා නැවතත් තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කිරීම අනිවාර්ය බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කළා. ඒ අනුව සුදුසුකම් සපුරා ඇති සියලු අයදුම්කරුවන්ගේ අයදුම්පත් ලබන මස 8 වනදා හෝ ඊට පෙර අදාළ දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරී වෙත ලැබිය යුතු බවයි සියලු ආයතන ප්‍රධානීන්, සහතික කිරීමේ නිලධාරීන් හා තැපැල් ඡන්ද හිමියන් වෙත මැතිවරණ කොමිෂන් සභාව…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ මධ්‍යම, සබරගමුව, වයඹ සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ට වැඩිතරමක තද වැසි ඇති විය හැකි බවයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222