Author: Dhanushka

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කිරීම වෙනුවෙන් තරුණ නියෝජනය ඉහළ දැමීමට නාම යෝජනා මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බව සමගි ජන බලවේග පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා. මෙවර මැතිවරණයට තරග කිරීමට නාම යෝජනා ලබාදීමේදී කාන්තාවන් සහ තරුණයන් සඳහා වැඩි අවස්ථාවක් ලබා දීමට පක්ෂය තීරණය කළ බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. තරුණ නායකත්වය ගොඩනැගීම බිම් මට්ටමේ පාක්ෂිකයන්ගේ මතය වී ඇති බැවින් එම යෝජනාවලට සවන් දී මෙම තීරණය ගෙන ඇති බව ඔහු ප්‍රකාශ කළා. මේ අනුව කාන්තාවන් හා තරුණයන් ඇතුළත් වන ලෙස නවතම අපේක්ෂකයන් තිදෙනෙකු හෝ දිස්ත්‍රික්කයකින් පත් කිරීමට කටයුතු කරන බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ.

තව කියවන්​න

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන කිහිපයක සවස් කාලයේදී සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දකුණ සහ බස්නාහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව ද සදහන්. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

තව කියවන්​න

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබෙනවා. ඒ මහතා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයකු ලෙස මින් පෙර ද අවස්ථා දෙකකදී කටයුතු කළ අයෙකු වනවා. අමාත්‍ය විජිත හේරත් මහතා විසින් නැවතත් ඔහුව එහි සභාපතිවරයා ලෙස පත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

තව කියවන්​න

එළවළු මිල අඩු වීම හේතුවෙන් තමන් දැඩි පීඩාවට පත්ව ඇති බව ගොවියන් පවසනවා. ඒ හේතුවෙන් සිය අස්වන විකුණා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවයි ඔවුන් සදහන් කරන්නේ. මේ අතර ළුණූ වගා කළ ගොවීන් ද මිල අඩු වීම හේතුවෙන් තම අස්වනු විකුණා ගැනීමට නොහැකිව දැඩි අර්බුදයකට මුහුණ පා සිටිනවා.

තව කියවන්​න

ශ්‍රී ලංකා මහ බැංකු අධිතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කර තිබෙනවා. ඒ අනුව මින් ඉදිරියට හිටපු අධිපතිවරුන්ට හෝ වර්තමානයේ සහ අනාගතයේ පත්වන කිසිදු අධිපතිවරයෙකුට විශ්‍රාම වැටුප නොලැබෙන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. එම ගැසට් නිවේදනයට අනුව ඉකුත් සැප්තැම්බර් මස 11 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මහ බැංකුවේ අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි වනවා.

තව කියවන්​න

පන්දුවාර විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අද ආරම්භ වනවා. ආසියානු ශූරියන් වන ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන් සමාරම්භක දිනයේදීම පාකිස්ථාන ක්‍රීඩිකාවන් සමග තරග වැදීමට නියමිතයි. එම තරගය අද රාත්‍රී 07. 30 ට ආරම්භ වනු ඇති. එමෙන්ම ස්කොට්ලන්තය සහ බංග්ලාදේශය අතර තරගය ද අද පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතයි.

තව කියවන්​න

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළු වීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රමුඛ රජය තීරණය කර තිබෙනවා. එයට හේතුව වී ඇත්තේ පසුගිය දා ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාර තරයේ හෙලා දැකීමට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් ක්‍රියා නොකිරීම හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා ද සිය එක්ස් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ඇන්තෝනියෝ ගුටේරස්ගේ මෙම ක්‍රියා කලාපය පිළිබදව සිය විරෝධය දක්වා තිබෙනවා.

තව කියවන්​න

පාස්කු ප්‍රහාරයේ පිටුපස සිටි මහමොළකරු වන්නේ අබු හින්ද් නම් පුද්ගලයෙකු බව කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී පියතුමන් පවසනවා. උන්වහන්සේ මේ බව පැවසුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති උත්සවයක් අමතමින්. එහිදී උන්වහන්සේ කියා සිටියේ අබු හින්ද් නමැත්තා සොයා ගැනීම ආරක්ෂක අංශවල වගකීම බවයි.

තව කියවන්​න

දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම භාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසනවා. දරුවන්ට සුරක්ෂිත, ආරක්ෂාකාරී රටක් බිහි කිරීම වෙනුවෙන් අවශ්‍ය මැදිහත් වීම රජයක් ලෙස සිදු කරන බව ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා. ලෝක ළමා දිනය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධාන කළ උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසා සිටියා.

තව කියවන්​න

පසුගිය සමයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට භාර දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ඒ අනුව වාහන 19 ක් නිදහස් කිරීමට කටයුතු කළ අතර එයින් වාහන 15 ක් පමණ පූර්ව දැනුම් දීමකට අනුව එම ස්ථානයට පැමිණි අදාළ ආයතනවල නිලධාරීන් රැගෙන යනු ලැබුවා. ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරියෙන් ලබාගත් වාහන 08 ක්, මුදල් අමාත්‍යාංශයෙන් ලබාගත් වාහන 03 ක්, දකුණු පළාත් සභාවෙන්, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයෙන් සහ වනජීවි දෙපාර්තමේන්තුවෙන් ලබාගත් වාහන 01 බැගින් වාහන 15 ක් අදාල ආයතනවලට නැවත භාර දීමටයි කටයුතු යොදා තිබුණේ.

තව කියවන්​න