Author: Dhanushka

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ හමු වී තිබෙනවා. එමෙන්ම ගරු දුෂාන්ත රොද්‍රිගෝ රදගුරුතුමා හා අග්‍රාමාත්‍යතුමිය අතර හමුවක් ද සිදුව තිබෙනවා. මෙම අවස්ථා සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා ද එක් වුණා.

තව කියවන්​න

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත් වුණා. මෙම සාකච්ඡාව සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන්, ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෘවර් යන මහත්වරුන් එක්ව සිටියා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම වෙනුවෙන් වූ වත්මන් ජනාධිපතිවරයාගේ කැපවීම පිළිබවදව එහිදි සාකච්ඡා වී තිබෙනවා.

තව කියවන්​න

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත් වුණා. මෙම සාකච්ඡාව සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන්, ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෘවර් යන මහත්වරුන් එක්ව සිටියා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම වෙනුවෙන් වූ වත්මන් ජනාධිපතිවරයාගේ කැපවීම පිළිබවදව එහිදි සාකච්ඡා වී තිබෙනවා.

තව කියවන්​න

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ, මෙරට තුළ ආන්දෝලනයට තුඩුදුන් ජාතික තලයේ අපරාධ, වංචාවන් සහ වෙනත් විශේෂ අපරාධ සම්බන්ධයෙන් පොලිසිය පවත්වනු ලබන විවිධ විමර්ශනවල ප්‍රගතිය සොයාබැලීම සඳහායි. මේ සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය ඇතුළු ජේ්‍යෂ්ඨ නිලධාරින් පිරිසක් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජේ්‍යෂ්ඨ නිලධාරින් පිරිසක් ද එක්ව තිබෙනවා.

තව කියවන්​න

ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහිත දරුවන් මේ දිනවල වාර්තා වන බැවින් එම රෝග ලක්ෂණ සහිත දරුවන්ට මුඛ ආවරණ පළඳවන ලෙස සෞඛ්‍ය අංශ දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් සිදු කරනවා. එමෙන්ම අත්, පා මුඛ රෝග සහිත දරුවන්ද මේ දිනවල වැඩිවශයෙන් වාර්තා වන බැවින් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම මගින් දරුවන් ආරක්ෂා කරගත හැකි බවයි ළමාරෝග විශේෂඥ වෛද්‍ය දිපාල් පෙරේරා මහතා සදහන් කරන්නේ.

තව කියවන්​න

උතුරු – නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එමෙන්ම දකුණ සහ බස්නාහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශයේ උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

තව කියවන්​න

ඊශ්‍රායල – පලස්තීන යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොලේ තෙල් මිල යළිත් වරක් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි වර්ගයේ බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 73.92 දක්වා ඉහළ ගොස් ඇති බව සදහන්. එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ද අමෙරිකානු ඩොලර් 77.804 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පවතින යුද ගැටුම් හමුවේ තෙල් මිල තවදුරටත් ඉහළ යා හැකි බව ද සදහන්.

තව කියවන්​න

පන්දුවාර විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 3 වන තරගය අද පැවැත්වෙනවා. ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතරයි. මෙම තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 3.30 ආරම්භ කිරීමට නියමිතයි. මේ අතර ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ඊයේ පැවති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජටයට පත් කරමින් ලකුණු 31 ක ජයක් හිමි කර ගැනීමට පාකිස්ථානු කණ්ඩායම සමත් වුණා.

තව කියවන්​න

ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ හමාස් සංවිධානයේ, එම නගරය භාර ප්‍රධානීයා ද ප්‍රහාරයෙන් මිය ගොස් ඇති බවයි. මේ අතර ඊශ්‍රායලය විසින් ලෙබනනයේ බේරූට් හි පිහිටි හිස්බුල්ලා සංවිධානයේ බුද්ධි අංශ මධ්‍යස්ථානයකට ද ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එල්ල කළ ප්‍රහාරවලින් ලෙබනනයේ දහසකට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.

තව කියවන්​න

ඩෙංගු මර්දනය වෙනුවෙන් ශ්‍රී ලංකාව දරණ ප්‍රයත්නයන් සඳහා කියුබානු රජය අඛණ්ඩව සහාය ලබා දෙන බව කියුබානු තානාපති ඇන්ද්‍රස් මර්සෙලෝ මහතා පවසනවා. ඒ මහතා මේ බව පවසා ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදීයි. ශ්‍රී ලංකාව තුළ ඩෙංගු උවදුර තුරන් කිරීම අරමුණු කරගත් මහජන සෞඛ්‍ය වැඩසටහන් සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම බෙදාහදා ගැනීමට සහ සහයෝගයෙන් කටයුතු කිරීමට කියුබානු රජය කැමැත්තෙන් පසුවන බවයි තානාපතිවරයා එහිදි වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

තව කියවන්​න