Author: Dhanushka

විද්‍යුත් දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ව්‍යාපාරිකයෙකු කටුනායක ගුවන් තොටුපළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් ලක්ෂ 20ට අධික වටිනාකමකින් යුත් විද්‍යුත් දුම්වැටි 1,105ක් සැකකරු සන්තකයේ තිබී සොයාගෙන ඇති බව සදහන්. රේගු පරීක්ෂණ වලින් අනතුරුව මෙම විද්‍යුත් දුම්වැටි තොගය රාජසන්තක කර සැකකරුට දඩ නියම කර තිබෙනවා.

තව කියවන්​න

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා ඇතුළත් රක්ෂිත පැකට්ටු අද තැපෑලට භාරදෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව අද තැපැල් දෙපාර්තමේන්තුව මගින් එම රක්ෂිත පැකට්ටු රජයේ ආයතන වෙත භාරදෙන බවයි එහි සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සඳහන් කළේ. ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා තැපැල් ඡන්දය සලකුණු කිරීම ලබන 14 වැනිදා සිදු කිරීමට නියමිත බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

තව කියවන්​න

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමට වරදකරු වූ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට රුපියල් මිලියන 75 ක වන්දියක් ගෙවන ලෙස අධිකරණය විසින් නියම කර තිබුණා. නමුත් එම වන්දි මුදල සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් නොකිරීම හේතුවෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කරනු ලැබුවා. ඊට අදාළව කරුණු දැක්වීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර නිකුත් කළ නොතිසියකට අනුව නිලන්ත ජයවර්ධන මහතා අද අධිකරණය හමුවේ පෙනී සිටියා.

තව කියවන්​න

2024 සැප්තැම්බර් මාසයේදී මෙරට සංචාරක ව්‍යාපාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 181 ක අදායමක් උපයා තිබෙනවා. ඒ අනුව පසුගිය වසරේ මෙම කාලසීමාව වන විට උපයා තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 152 දශම 2 අදායම මෙම වසරේ දී ඉක්මවා තිබෙනවා. එමෙන්ම මේ වසරේ ගත වූ මාස නවය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 2,348කට ආසන්න අදායමක් උපයා ඇති අතර, එය පසුගිය වසරේ එම කාල සීමාව තුළ උපයා ගත් අදායමට වඩා සියයට 61 දශම 2 ක වර්ධනයක් පෙන්නුම් කිරීම ද විශේෂත්වයක්.

තව කියවන්​න

සියලුම පොලිස් ස්ථානවලට ලැබි ඇති සුළු පැමිණිලි ඉදිරි සති දෙක ඇතුළත විසදීමට කටයුතු කරන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. එමෙන්ම ජනතාවට සිදුවිය හැකි ගැටලුකාරි තත්ත්වයන් විසදිමේ අරමුණින් මෙය ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ.

තව කියවන්​න

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට මහතා හට ලබා දී තිබූ ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයේ ආරක්ෂාව ඊයේ සිට වත්මන් ජනාධිපතිවරයා වෙත අනියුත්ක කර තිබෙනවා. ඒ අනුව, රනිල් වික්‍රමසිංහ මහතා හට හිටපු ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයේ ආරක්ෂාව හිමිවන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ. ජනාධිපතිවරයෙකු ධූරයෙන් විශ්‍රාම යාමෙන් පසු එම ආරක්ෂාව හිටපු ජනාධිපති ආරක්ෂක කොට්ඨාශය වෙත පැවරෙනවා. ඒ අනුව, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් 08 වැනි ආරක්ෂක ඒකකය පිහිටුවීමට නියමිත බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් සදහන් කළා.

තව කියවන්​න

පසුගිය අගොස්තු මස සිට විශ්‍රාමිකයින්ට හිමි විය යුතුව ඇති රුපියල් තුන් දහසක මුදල අහිමි කිරීම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සිදු කළ බලවත් අසාධාරණයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න මහත්මිය පවසනවා. ඇය මේ බව පැවසුවේ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින්. එම නිවේදනයේ ඇය සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරණය පැවැත්වීම හේතුවෙන් මැතිවරණ කොමිසම විසින් අගෝස්තු, සැප්තැම්බර් සහ ඔක්තෝබර් යන මාස තුනෙහි රුපියල් නව දහසක මුදලක් විශ්‍රාමිකයින්ට අහිමි වී ඇති බවයි.

තව කියවන්​න

ආසියානු සත් සාමාජික රගර් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ජාතික රගර් කණ්ඩායම දිවයිනට පැමිණියා. එම තරගාවලියේ තුන් වන ස්ථානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝකඩ පදක්කම් දිනා ගෙන තිබෙනවා. මෙම තරගාවලිය පසුගිය 04 වනදා සහ 05 වනදා ආසියානු කළාපයේ රටවල් 32 ක සහභාගීත්වයෙන් නේපාලයේ කත්මණ්ඩු නුවර දී පැවැත්වුණා. ශ්‍රී ලංකා රගර් කණ්ඩායමට වසර 05 ක ජාත්‍යන්තර තරග තහනමක් පනවා තිබීමෙන් පසුව සහභාගී වූ පළමු තරගය මෙය වීම විශේෂත්වයක් . ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා රගර් සම්මේලනයේ උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

තව කියවන්​න

තම රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සදහා ඉන්දියාවේ සහය අපේක්ෂා කරන බව, මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු පවසනවා. දින 05 ක ඉන්දීය සංචාරයක් අරඹමිනුයි ඔහු මේ බව කියා සිටියේ. දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින මාලදිවයිනේ ඩොලර් සංචිත ප්‍රමාණය මිලියන 440 දක්වා අඩු වී තිබෙනවා.

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක, කොමදෝරු එම්.මොනිරුසාමන් මහතා, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා හමු වුණා. මෙම හමුවේදී බංග්ලාදේශ ආරක්ෂක උපදේශකවරයා විසින් සම්පත් තුයියකොන් මහතා වෙත සිය සුභාශිංසන එක් කර තිබෙනවා. මෙහිදී අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර ඇත්තේ දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා සහ ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම තම අභිප්‍රාය වන බවයි.

තව කියවන්​න