- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: Dhanushka
නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා. අප කල විමසීමකදී ඔහු කියා සිටියේ තැපැල් ඡන්ද අයදුම් කිරීමට අදාළ දින කිසිදු හේතුවක් නිසා දිර්ඝ නොකරන බවයි. කෙසේ වෙතත් අද දිනය පුරාම තැපැල් ඡන්ද අයදුම් කිරීමට අවස්ථාව ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා. ඒ අනුව, අද දින තැපැල් ඡන්ද නියමිත දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට ලැබිය යුතු අතර එදිනට අයදුම්පත්‍ර තැපෑලට භාර දීම පමණක්, එම අයදුම්පත්‍ර පිළිගැනිම සඳහා හේතුවක් නොවන බවත් මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් කියා සිටියා.
ගාල්ල බන්ධනාගාරයේ සිර වාට්ටුවල බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික ඒකකය විසින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී රැඳවියන් සන්තකයේ සඟවාගෙන සිටි ජංගම දුරකතන 53 ක් සොයා ගැනීමට සමත්ව තිබෙනවා. පසුගිය 06 වැනිදා දවස පුරා මෙම සෝදිසි මෙහෙයුම් සිදුකර ඇති අතර, එම බන්ධනාගාරයේ ‘ඒ’ සහ ‘බී’ සිර වාට්ටුවල තිබී මෙම ජංගම දුරකතන මෙන්ම ඊට අදාල උපාංග රැසක් මෙලෙස සොයාගෙන ඇති බව සදහන්. මෙම ජංගම දුරකතන සිර වාට්ටුවල බිත්ති තුළ, පැදුරු, කොට්ට තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබී ඇති අතර, ස්මාර්ට් වර්ගයේ දුරකතන 07ක් ද එලෙස සොයාගත් දුරකතන අතරට ඇතුළත්.
වෙළෙඳපොළේ යළිත් වරක් ඉහළ යමින් පවතින බිත්තර මිල පාලනය කිරීමට රජය විසින් පාලන මිලක් පැනවිය යුතු බව පාරිභෝගික කටයුතු පිළිබදව අධිකාරිය පවසනවා. එසේ නොමැති වුවහොත් යළිත් වරක් පාලනයකින් තොරව බිත්තර මිල ඉහළ යා හැකි බවයි එම අධිකාරිය සදහන් කළේ. පසුගිය දිනවල වෙළෙඳපොළේ රුපියල් 28 ත් 32 ත් අතර මිල පරාසයක පැවැති බිත්තරයක මිල යළිත් රුපියල් 40 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ, මෙරට බිත්තර නිෂ්පාදනය උපරිම මට්ටමක පවතින පසුබිමක වන අතර බිත්තර නිෂ්පාදකයින් පවසන්නේ අතරමැදියන් බිත්තර ගබඩාකර තබා ගැනීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලය සංවිධානය කරන මධ්‍යම ආසියානු වයස අවුරුදු 20න් පහළ යොවුන් වොලිබෝල් ශූරතාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් වොලිබෝල් ක්‍රීඩකයන් සමත් වී තිබෙනවා . පෙර දින පැවැති ආරම්භක තරගයේදී නේපාලය හමුවේ තරග වට 3 ට 0 ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකාව ඊයේ තරගයේ දී මාලදිවයින් කණ්ඩායමට එරෙහිව තරගවට 3 ට 0 ක් ලෙස තරගය ජයගනු ලැබුවා. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර තරගය පැවැත්වුණේ දවසේ 3 වැනි තරගය ලෙසයි. මාලදිවයින මෙම තරගාවලියේ ලැබූ 2 වැනි පරාජය වන්නේ මෙයයි. ඔවුන් පෙර දිනයේ ටර්කිමස්තානය වෙතින් ද පරාජයට පත් වූවා.
ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා එම පක්ෂයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. මෙවර මහ මැතිවරණය සදහා තරග කිරීමට අවස්ථාව ලබා නොදීම හමුවේ ඔහු මෙම තීරණය ගෙන ඇති බව සඳහන්. එමෙන්ම ලංකා කම්කරු කොංග්‍රසයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක භාරත් අරුල්සාමි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් නායකත්වය දරණ දමිල ප්‍රගතිශිලි සන්ධානයට එක් වී තිබෙනවා. මේ අනුව ඉදිරි මහ මැතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කය සදහා තරග කිරීමට ඔහු නාමයෝජනා භාරදීමට නියමිත බවයි දමිල ප්‍රගතිශිලි සන්ධානයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ.
වී ගොවීන් සඳහා ලබාදෙන රුපියල් 25,000 ක පොහොර සහනාධාරය ලබාදීම එළඹෙන සඳුදා අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.
ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සටන්කාමින් අතර යුධ ගැටුම් උත්සන්න වීමත් සමඟ ලෙබනනයට හදිසි වෛද්‍ය ආධාර ලබාදීමට චීනය තීරණය කර තිබෙනවා. එරට නිල විදේශ ආධාර ඒජන්සිය වන චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා ආයතනය ප්‍රකාශ කර ඇත්තේ ලෙබනනයේ බොහෝ ස්ථානවල සිදු වූ පිපිරීම් සහ ගුවන් ප්‍රහාර හේතුවෙන් විශාල සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි. මේ අනුව ලෙබනන රජයේ ඉල්ලීම මත වෛද්‍ය ආධාර ලබා දීම සඳහා චීන රජය තීරණය කර ඇති බව සඳහන්.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ සහය ජාතික ජන බලවේගයට ලබාදීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා. අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා මේ බව පවසා සිටියා.
මාලදිවයිනේ ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා තම පූර්ණ සහාය ලබාදීමට ඉන්දියාව එකඟතාව පළ කර තිබෙනවා. මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු දින 5 ක නිල සංචාරයක් සදහා ඉන්දියාවට පැමිණියා. ඉන්දිය හිතවාදී ප්‍රතිපත්තිවලින් බැහැර චීන හිතවාදී මතධාරියෙකු ලෙසයි මොහොමඩ් මුයිසු සැලකෙන්නේ. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඔහු ගත් ඉන්දීය විරෝධි ඇතැම් තීරණ හේතුවෙන් එරට ආර්ථිකය කඩාවැටීමට ලක්වුණා. කෙසේ වුවද ඉන්දීය සංචාරයට එක්වෙමින් මාලදිවයින් ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා ඇත්තේ තම රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා සහාය දක්වන ලෙසයි. ඒ අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක මූල්‍ය හුවමාරුවක් සදහා ඉන්දීයාව එකඟතාව පළ කර තිබෙනවා.
2023/2024 තක්සේරු වර්ෂයට අදාළව මෙතෙක් බදු නොගෙවූ පුද්ගලයින්ගේ පරිශ්‍ර වෙත ගොස් එම බදු අය කරගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව අද සිට මෙම වැඩපිළිවෙල ආරම්භ කිරීමට නියමිත බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ .. මේ වසරේ සැප්තැම්බර් 30 වැනිදා වනවිට රුපියල් බිලියන 1,417ක් බදු වශයෙන් අය කරගෙන ඇති බව ද සදහන් මෙම තක්සේරු වර්ෂයේ ආදායම් බදු ගෙවීම් කාලසීමාව සැප්තැම්බර් මස 30 වනදායි අවසන් වී තිබෙනවා
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222