Author: Dhanushka

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළුවකු වන රංජන් රාමනායක මහතා නායකත්වය දරණ “එක්සත් ප්‍රජාන්ත්‍රවාදී හඩ” නමින් දේශපාලන පක්ෂයක් එළි දැක්වීම අද (09) දින සිදු විය. එළඹෙන මහ මැතිවරණය සදහා මෙම පක්ෂය තරග කිරීමට බලාපොරොත්තු වන අතර ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න දිල්ෂාන් මහතා ද එම පක්ෂයට එක් වූ අතර ඒ මහතා එම පක්ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස පත් කර ඇත

තව කියවන්​න

මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ  දේශපාලන පක්ෂ 33ක් අද වන විට  නාමයෝජනා බාරදී ඇත. දේශපාලන පක්ෂ 17 ක් සහ ස්වාධීන කණ්ඩායම් 16 ක්  මෙසේ නාම යෝජනාදී ඇත. මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම පසුගිය4 වැනිදා ආරම්භ කෙරිණ. එය අවසන් වන්නේ අනිද්දා (11) පෙරවරු 12.00ටය

තව කියවන්​න

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි. සමාජ මාධ්‍ය ඔස්සේ, බ්‍රිතාන්‍ය තරුණ තරුණියන් පමණක් නොව, අපරාධ කල්ලි සාමාජිකයන් හවුල් කර ගනිමින් ඔවුන් ලවා ඝාතන කිරීම, කඩාකප්පල්කාරී ක්‍රියා සිදු කිරීම රුසියාවේත්, ඉරානයේත් අරමුණ වී ඇතැයි ද එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් ලන්ඩන් නුවර පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී පැහැදිලි කළේය.

තව කියවන්​න

ලබන නොවැම්බර් 14 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළව ප්‍රධාන දේශපාලන පක්ෂ නාම යෝජනාවලට අත්සන් කිරීමේ කටයුතු අවසන් අදියරයේ ඇති බව වාර්තා වනවා . ඒ අනුව පොදු ජන පෙරමුණේ නාම යෝජනා සකස් කිරීමේ කටයුතු අද දිනය තුළ අවසන් කරන බව එම පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා . එමෙන්ම හිටපු අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා මහලේකම් ධූරය දරන ලංකා කම්කරු කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය ඊයේ රැස් වූ අතර එහිදී තීරණය වී ඇත්ත් නුවරඑළිය දිස්ත්‍රික්කයට අලියා ලකුණින් තරග වැදීමට තීරණය කල බවයි. අනෙක් දිස්ත්‍රික්කවලට ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ තරග වැදීමටද එහිදී තීරණය වී තිබෙනවා. එමෙන්ම ජාතික ජනබලවේගය ගාල්ල, කළුතර,…

තව කියවන්​න

නාමයෝජනා භාරදෙන සෑම අපේක්ෂකයෙක්ම එදිනට සිය වත්කම් සහ බැරකම් භාරදීම අනිවාර්්‍ය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත අනුව ඡන්ද විමසීමේ දිනය ප්‍රකාශයට පත් කළ දිනයට තමන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ අදාළ තේරීම්භාර නිලධාරි වෙත නාමයෝජනා පත්‍රය සමග භාරදිය යුතු බවයි. නාමයෝජනා පත්‍රය සමග වත්කම් සහ බැරකම් ප්‍රකාශ භාරදීමට අපොහොසත් වන්නේ නම් එය දඩුවම් ලැබිය හැකි වරදක් බවටයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

තව කියවන්​න

පාර්ලිමේන්තු මැතිවරණය නිරීක්ෂණ කටයුතු සඳහා රටවල් 08ක නිරීක්ෂකයන්ට ආරාධනා කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා සඳහන් කළේ සාක් කලාපීය රටවල් සහ රුසියාවෙන් එම නිරීක්ෂකයන් මෙරටට පැමිණෙන බවයි. මීට අමතරව මහ මැතිවරණ කටයුතු නිරීක්ෂණය සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂකයන් සහ යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයන්ද මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා. එමෙන්ම ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ නිරීක්ෂකයන්ද මහ මැතිවරණය නිරීක්ෂණය සඳහා පැමිණීමට නියමිතයි.

තව කියවන්​න

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සදහන්.

තව කියවන්​න

රටවල් 6 ක හිටපු සුපිරි ක්‍රිකට් තරු ක්‍රීඩා කරන ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමට දින නියම කර තිබෙනවා. ඒ අනුව තරගාවලියේ පළමු අදියර ලබන නොවැම්බර් 17 වන දා සිට දෙසැම්බර් 8 වන දා දක්වා පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙනු ඇති. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කුමාර් සංගක්කාරට හිමිව ඇති අතර ඉන්දීය කණ්ඩායම සචින් තෙන්දුල්කාර් විසින් මෙහෙයවනු ලබනවා. එමෙන්ම බටහිර ඉන්දීය කොදෙව් කණඩායමේ නායකත්වය හිමිව ඇත්තේ බ්‍රයන් ලාරාටයි. ඕස්ටේ්‍රලියානු කණ්ඩායම ෂේන් වොට්සන් විසින් මෙහෙයවනු ලබන අතර එංගලන්තය කණ්ඩායමට ඔයින් මෝගන් නායකත්වය ලබාදෙනවා. මේ අතර මාස්ටර් ලීග් තරගාවලියට එක්වන දකුණු අප්‍රිකානු කණ්ඩායමට…

තව කියවන්​න

හිස්බුල්ලා සටන්කාමීන් පාලනය නොකළහොත් ලෙබනනය ද ගාසා තීරයක් වනු ඇති බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අනතුරු අගවනවා. ලෙබනන ජනතාව වෙත වීඩියෝ පණිවිඩයක් යොමු කරමින් ඔහු කියා සිටියේ යුද්ධය අවසන් කරමින් තමන්ගේ රට බේරාගැනීමට නම් හිස්බුල්ලා සංවිධානය ලෙබනනයෙන් පලවා හැරිය යුතු බවයි. මේ අතර හිස්බුල්ලාට සංවිධානයට එරෙහි ප්‍රහාර සදහා, ඊශ්‍රායල හමුදා සෙබලුන් දහසක් නිරිතදිග ලෙබනනයට යොමු කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

තව කියවන්​න

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම භාවිත කිරීම තහනම් කිරීම හේතුවෙන් ඒවා ළඟම තැපැල් කාර්යාලයට හෝ පාර්ලිමේන්තුවට බාර දෙන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදුන් එම මුද්දර අවලංගු ඒවා හැටියට සලකන ලෙස දිවයිනේ සියලුම තැපැල් කාර්යාලවලට දැනුම් දී ඇති බවද තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වාර්ෂිකව රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා මුද්දර නොමිලේ නිකුත් කෙරෙන අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සපයා ඇති සියලු පහසුකම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ අහෝසි  වනවා .

තව කියවන්​න