- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: Dhanushka
ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර මහතා සමග ඉදිරි මහ මැතිවරණයට තරඟවැදීමට තීරණය කර තිබෙනවා. කමල් අද්දරආරච්චි මහතා සමග පාර්ශව කිහිපයක් ඉදිරි මහ මැතිවරණය සඳහා උවිඳු විජේවීර මහතා නායකත්වය දරන දෙවැනි පරපුර යටතේ තරඟ වැදීමට ගිවිසුම් ගත වුණා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බහුතර බලයෙන් ආණ්ඩුවක් ගොඩනගන බවට තමා විශ්වාස කරන හෙයින් වැරදි පෙන්වා දිය හැකි ශක්තිමත් විපක්ෂයක් ගොඩනගාගැනීම මෙම අවස්ථාවේදී ඉතා වැදගත් බවයි කමල් අද්දර ආරච්චි මහතා සඳහන් කළේ.
දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වී හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.
වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් වැඩිදියුණු කිරීම පිළිබදව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මෙරට වියට්නාම තානාපතිනි ටිරන්තී ටෑන් මහත්මිය අතර සාකච්ඡා පවත්වා තිබෙනවා. ඒ, ජනාධිපතිවරයාට සුබපැතීම සඳහා ජනාධිපති කාර්යාලයට පැමිණි අවස්ථාවේදීයි. මෙහිදී දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීම පිළිබඳවද සාකච්ඡා පවත්වා තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින ඓතිහාසික, බෞද්ධ මෙන්ම සංස්කෘතික සබඳතා වර්ධනය කර ගැනීම පිළිබඳවද මෙහිදී අවදානය යෙමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
අදට යෙදී ඇති ශ්‍රී ලංකා යුධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව නිලධාරින් 139 දෙනෙකුට සහ සෙසු නිලයන් 1273 දෙනෙකුට උසස්වීම් ලබා දී තිබෙනවා. ඒ ආරක්ෂක අමාත්‍යාංශයේ සහ යුධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතාගේ නිර්දේශය මත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අනුමැතියට අනුවයි. ඒ අනුව, ශ්‍රී ලංකා යුධ හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බල සේනාවන්හි ලුතිනන් නිලයේ නිලධාරීන් සහ උපකරණ පාලක අංශයේ නිලධාරීන් 131 දෙනෙකු කපිතාන් නිලයට උසස් කර තිබෙනවා. එමෙන්ම දෙවන ලුතිනන් නිලයේ නිලධාරීන් 08 දෙනෙකු ලුතිනන් නිලයට උසස් කර ඇති බවයි යුධ හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
මෙරට ඇගලුම් කර්මාන්තශාලා වෙත ලැබෙන ඇණවුම් ප්‍රමාණය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒකාබද්ධ ඇගලුම් සංගම් සංසදයේ උප සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු මහතා කියා සිටියේ බංග්ලාදේශයේ ඇතිවූ ගැටුම් සහ එරට පවතින දේශපාලන අස්ථාවරත්වය මෙරටට ලැබෙන ඇගලුම් ඇණවුම් ඉහළ යාමට හේතු වී ඇති බවයි. මෙම වසරේ මේ දක්වා සිදු කළ මුළු අපනයනයන්ගෙන් 42% ක් ඇඟලුම් අපනයනයන කර ඇති බවද සදහන්.
ළුෑණු ගොවින්ගෙන් චෝදනා දේශීය ලොකු ළුෑණු ගොවියා ආරක්ෂා කිරීමට රජය ආනයනික ලොකු ළුෑණු සඳහා බද්දක් පැනවූවද එහි වාසිය අතරමැදියන් සහ ව්‍යාපාරිකයින් ලබා ගන්නා බව ගොවීන් පවසනවා. දේශීය ලොකු ළුෑණු ගොවියාගේ අස්වනු සදහා සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් ආනයනික ළුෑණු සඳහා රුපියල් 20 ක බද්දක් පනවනු ලැබු අතර ඒ අනුව ලොකු ළුෑණු කිලෝවක විකුණුම් මිල රුපියල් 180 ත් 230 ත් අතර වනවා. කෙසේ වුවත් ලොකුළුෑණු ගොවීන් චෝදනා කරන්නේ එවන් සහනයක් ලබා දුන්නද සිය අස්වනුවලට නිසි මිලක් වෙළෙඳපොළේ තවමත් නොලැබෙන බවයි.
2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද නිකුත් කිරීම සහ සලකුණු කිරීම සම්බන්ධ දිනයන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව, තැපැල් ඡන්ද සලකුණු කිරීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ සියලුම කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලිස් ස්ථාන හා පොලිසියට අදාළ කාර්යාල සඳහා මෙම මස 30 වන දා සහ නොවැම්බර් මස 04 වනදා යන දෙදින තුළ සිදුකිරීමට නියමිතයි. එමෙන්ම, අනෙකුත් රජයේ ආයතන හා හමුදා කඳවුරුවල තැපැල් ඡන්දය සලකුණු කිරීම නොවැම්බර් පළමුවැනිදා සහ 04 වැනිදා යන දෙදින තුළ සිදුකිරීමට නියමිතයි. සලකුණු නොකරන ලද තැපැල් ඡන්ද පත්‍රිකා සඳහා නැවත ලබා දෙන ලකුණු කිරීමේ දිනය ලෙස නොවැම්බර් 07 සහ 08 යන දෙදින නම් කර තිබෙනවා.…
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා. ඒ, ඉන්දීය කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 82 කින් පරාජය වීමත් සමගයි. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03 ක් දැවී ලකුණු 172 ක් ලබා ගැනීමට සමත් වුණා. පිළිතුරු ඉනිම සදහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 19 යි පන්දු 5 ක් තුළ දී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 90 ක් පමණයි. ඒ අනුව මෙම තරගාවලියේදී ක්‍රීඩා කළ මූලික වටයේ පළමු තරග තුනම පරාජයට පත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමට…
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙදින නිල සංචාරයක් සදහා ලාඕසයට පැමිණ තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ වාර්ෂිකව පැවත්වෙන එෂියන් – ඉන්දියා සමුලුවට සහභාගි වීම සදහා ඉන්දිය අග්‍රාමාත්‍යවරයා එරටට පැමිණි බවයි. මෙවර 21 වන වරට පවත්වන මෙම සමුලුව අද සහ හෙට යන දෙදින තුළ පැවත්වෙනවා.
හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් පෙරේදා:8*පිහිටුවා ගනු ලැබීයග පෙරළියක ඇරඹුම එම සන්ධානයේ මැතිවරණ තේමාවයිග දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන විස්සකට ආසන්න සංඛ්‍යාවක් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය සමග එහිදී ගිවිසුම් ගතවියග ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ සභාපති සහ අග්‍රාමාත්‍ය ධුර අපේක්ෂක ලෙස ව්‍යවසායක මොහාන් පෙරේරා මහතා පත් කරනු ලැබ සිටීග මහලේකම්වරයා වශයෙන් කටයුතු කරන්නේ ආචාර්ය සුරේෂ් ගංගාදරන් මහතායග
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222