- ජනපති අනුරගෙන් ඇමරිකානු ජනපති ට්‍රම්ප්ට විශේෂ ස්තුතියක්
- කොත්මලේ වේල්ල මතින් බර වාහන ධාවනය අත්හිටුවයි
- එළඹෙන වසරේ සිදුකිරීමට නියමිත විගණන 3000 ඉක්මවයි
- ආපදා සහන සලසන බවට පවසන ජාවාරම්කරුවන්ට රැවටෙන්න එපා
- රට ගොඩනැගීමේ අරමුදලට තවත් මිලියන 100ක පරිත්‍යාගයක්
- දෙසැම්බර් මුල් සතියේ මෙරටට සංචාරකයින් 43,000ක්
- පාසල් යළි ආරම්භ කිරීමට අදාළ චක්‍රලේඛය අද නිකුත් කෙරේ
- ජලාශ කිහිපයක ජල මට්ටම් අඩු කෙරේ
Author: Dhanushka
චීන රජය විසින් අමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් මෙරටට ප්රදානය කර තිබෙනවා. ඒ ‘දිට්වා‘ සුළි කුණාටුවෙන් මෙරට තුල ඇතිවූ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පිඩාවට පත් වුවන්ට සහන සැලසීම සදහායි . ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කළේ, චීන රතු කුරුස සමාජය විසින් හදිසි මුදල් ආධාර වශයෙන් මෙම මුදල ශ්‍රී ලංකා රතු කුරුස සමාජය වෙත ලබා දී ඇති බවයි.
ජල ගැලීම්වලට ලක්වු ප්‍රදේශවල ජනතාව පානීය ජලය භාවිත කිරීමේදී දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ ජල ගැලීම්වලට හසු වූ ප්‍රදේශවල ළිං ජලය පානය කිරීමෙන් වළකින ලෙසයි. එමෙන්ම පාචනය වැනි තත්ත්වයන් ඇතිවීමේ දැඩි ප්‍රවණතාවයක් ඇති බැවින් හැකිතාක් උණුකර නිවා ගත් ජලය පානය කරන ලෙස ද ඔහු දැනුම් දෙනවා.
හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කඳු ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා. හැටන් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතා සදහන් කළේ හැටන්, වටවල, දියගල හා කළුගල යන ප්‍රදේශවලට මෙලෙස පස් කඳු කඩා වැටී ඇති බවයි. මේ වනවිට එක් මංතීරුවක් විවෘත කරගැනීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකරමින් පවතින බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.
ඇල්ල – වැල්ලවාය මාර්ගය ගමනාගමනය සඳහා සම්පූර්ණයෙන්ම විවෘත කර තිබෙනවා. බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා සදහන් කළේ මේ වන විට බදුල්ල දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක්ම ගමනාගමනය සඳහා විවෘත කර ඇති බවයි. බදුල්ල දිස්ත්‍රික්කයේ පැවති නායයෑම් අවදානම් තත්ත්වය අඩුවීමත් සමග මෙම තීරණය ගෙන තිබෙනවා.
නාගලගම් වීදිය ජල මාපකය මේ වන විට අඩි 8.35 ක මට්ටමකට පැමිණ තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්යක්ෂ, එල්.එස්. සූරියබණ්ඩාර මහතා සදහන් කළේ කැලණි ගංගා ද්‍රෝණියේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි. තවදුරටත් ජල මට්ටමේ වැඩිවීමක් සිදු නොවන බව ද ඔහු සදහන් කළා. එමෙන්ම ඉදිරියේ දී යම් අවදානමක් පැමිණියහොත් කඩිනමින් දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බැවින් එම නිවේදන ගැන අවදානයෙන් සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
බංග්ලාදේශය වයස අවුරුදු 17 න පහල කණ්ඩායම සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට අදාළ ශ්‍රී ලංකා වයස 17 න් පහළ සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා . ඒ අනුව කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ කොළඹ රාජකීය විදුහලේ රෙහාන් පීරිස්ට හටයි. ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට රාජකීය විදුහල නියෝජනය කරන තවත් ක්‍රීඩකයන් දෙදෙනක් ඇතුළත්. එමෙන්ම රත්ගම දේවපතිරාජ, මහනුවර කිංග්ස්වුඩ් සහ ගල්කිස් සාන්ත තෝමස් යන විදුහල්වලින්ද ක්‍රීඩකයන් දෙදෙනා බැගින් සංචිතයේ ස්ථාන හිමිකරගෙන තිබෙනවා . තරගාවලියේ පළමු තෙදින තරගය නොවැම්බර් මස 27 වැනිදා සිට 29 වැනිදා දක්වා මීර්පූර්හිදී පැවැත්වෙන අතර දෙවැනි තෙදින තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් මස 2 වැනිදා සිට සිවුවැනිදා දක්වායි එක්දින තරග…
රුසියා – යුක්රේන යුද ගැටුම් අවසන් කිරීම වෙනුවෙන් අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුක්රේනය වෙත යෝජනා 28කින් යුත් සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම යෝජනාව එළඹෙන 27 වැනිදා වන විට පිළිගන්නා ලෙසට ජනපති ට්‍රම්ප් විසින් යුක්රේනය වෙත බලකරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. රුසියාව විසින් යුක්රේනට පූර්ණ පරිමාණ වශයෙන් ආක්‍රමණය කිරීම ආරම්භ වී මේවන විට වසර 03කට වැඩි කාලයක් ගතව තිබෙනවා. යුද්ධයෙන් දෙපාර්ශවයෙන්ම මියගොස් ඇති පිරිස දහස් ගණනාවකට ආසන්නයි. කෙසේවෙතත් මෙම යෝජනාව තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජනපදය, බි්රතාන්ය, ප්‍රංශය, ජර්මනිය සහ යුක්රේනය ඇතුළු රටවල ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී හමුවීමට නියමිතයි.
නවීන පහසුකම්වලින් යුක්තව දඹුල්ල ප්‍රාදේශීය තැපැල් හුවමාරු මධ්‍යස්ථානය ඉදිකිරීම ආරම්භ කෙරුණා. මාස 09 ක් තුළ අවසන් කිරීමට සැළසුම් කර ඇති ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 129 ක්. දඹුල්ල නව ප්‍රාදේශීය තැපැල් හුවමාරු මධ්‍යස්ථානය ඉදිකිරීම් ආරම්භ කෙරුණේ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්. නවීන සැලසුමකට අනුව අංග සම්පූර්ණ පහසුකම්වලින් යුක්තව මෙය ඉදිකෙරෙනවා. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ගත වූ මාස 09ට පමණක් මෙරට පුද්ගලයින් ලක්ෂ 49 කට රුපියල් කෝටි 1800 ක ප්රතිලාභ සේවා තැපෑලෙන් ලබාදී ඇති බවයි.
පාකිස්ථානයේ වයඹදිග පෙෂාවර් නගරයේ පිහිටි පැරාමිලිටරි හමුදා මූලස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල වී තිබෙනවා. මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු මෙම ස්ථානයට පැමිණ ඇති අතර ඉන් එක් අයෙක් මූලස්ථානයේ ප්‍රධාන දොරටුව අසළ බෝම්බය පුපුරවා හැර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. එමෙන්ම අනෙක් පුද්ගලයා හමුදා මූලස්ථාන පරිශ්‍රය තුළ දී බෝම්බය පුපුරවා හැර ඇති බව ද වාර්තා වනවා. කෙසේවෙතත් මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළා.
පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයෙකු තණමල්විල, බටුවැව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ පුද්ගලයා කැණීම් උපකරණ ද සමග අත්අඩංගුවට ගත් බවයි තණමල්විල පොලීසිය සදහන් කලේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 52ක් වන සූරියආර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















