Author: Dhanushka

මතභේදකාරී තත්වයකට මුහුණ දුන් මෙවර 5ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය යළි පැවැත්වීමේ අවශ්‍යතාවක් නොවන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර අද (14) ප්‍රකාශ කළේය. ඔහු ප්‍රකාශ කළේ, අදාළ මතභේදාත්මක ප්‍රශ්න 03 සඳහා නිදහස් ලකුණු ලබාදීමට තීරණය කළ බවය. මතභේදයට තුඩු දී ඇති මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන්නේද ? නැද්ද ? යන්න තීරණය කිරීම සඳහා 07 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පසුගියදා පියවර ගත්තේය. අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පැවසුවේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය ගේ උපදෙස් මත  මෙම පියවර ගත් බවය. මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් පිටවීමේ සිද්ධිය හේතුවෙන් ගැටලුකාරී තත්වයක් උද්ගත වූ අතර ඒ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව මෙන්ම…

තව කියවන්​න

මේ වනවිට වෙළෙඳපොළේ බිත්තරයක මිල යළිත් රුපියල් 45 ඉක්මවා ගොස් තිබෙනවා. පසුගිය දිනවල වෙළෙඳපොළේ රුපියල් 28 ත් 32 ත් අතර මිල පරාසයක පැවති බිත්තරයක මිල දිනෙන් දින මෙසේ ඉහළ යන බවයි වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසන්නේ. නිෂ්පාදනය පහත වැටීම හමුවේ මෙලෙස බිත්තර මිල ඉහළ ගොස් ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා. එමෙන්ම නිෂ්පාදන අතිරික්තය අලෙවී වී ඇති බැවින්, දෛනික බිත්තර නිෂ්පාදනය මේ වනවිට පරිභෝජනය සඳහා ප්‍රමාණවත් නොමැති බවටයි එම ආරංචි මාර්ග පවසන්නේ.

තව කියවන්​න

උතුරු ඊශ්‍රායලයේ හයිෆා නගරය ආසන්නයට එල්ලවූ ඩ්‍රෝන ප්‍රහාරයෙන්, එහි වෙසෙන ශ්‍රී ලාංකිකයින් කිසිවෙකුට අනතුරක් සිදු වී නොමැති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා. මෙවැනි ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා ලබා දී ඇති උපදෙස් හා විධිවිධාන නිරන්තරයෙන් පිළිපදින ලෙස ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දී ඇති බවයි ඊශ්‍රායලයේ, ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේ. හයිෆා නගරයට දකුණින් සැතපුම් 20ක් පමණ දුරින් පිහිටි හමුදා කඳවුරක් ඉලක්ක කර හිස්බුල්ලා සටන්කාමීන් විසින් මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කර තිබුණා. එහිදී සෙබලුන් සිව් දෙනෙකු මියගොස් තවත් 60 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

තව කියවන්​න

බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවිය හැකියි. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශ වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ. මේ අතර දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයෙන් ගං වතුරෙන් විපතට පත් වූ ජනතාව ඉන් මුදවා ගැනීම සදහා අමතර යුද හමුදා භට පිරිස් යොදවා තිබෙනවා. එම සහන සේවා…

තව කියවන්​න

බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පත් කිරීම තුළින් පැරණි දේශපාලන සංස්කෘතියම යළි පිළිබිඹු වන බව ජන අරගල සන්ධානය පවසනවා. එමෙන්ම, ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව හා පාස්කු ප්‍රහාරය ඇතුළු ආන්දෝලනාත්මක සිදුවීම් 7ක් සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කිරීමට නව රජය පියවර ගැනීම සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ජන අරගල සන්ධානය මේ පිළිබදව කරුණු පැහැදිලි කළා.

තව කියවන්​න

මහව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. අදාළ දුම්රිය තිඹිරියාගෙදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී කාර්මික දෝෂයකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දුම්රිය ධාවනයේ යම් ප්‍රමාදයක් ඇතිවිය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කියා සිටියේ.

තව කියවන්​න

ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ ලබන 26 වනදා ආරම්භ වීමට නියමිත ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද දින සිදු කරනු ලබනවා. අද දිනයේදී ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන අයට ලබන 18 වැනිදා අවස්ථාව ලබා දෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා නිවේදනය කර සිටියේ. පිළිගත් දේශපාලන පක්ෂ 10 ක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා ඇප තැන්පත් කර තිබූ නමුත් ඉන් පිළිගත් දේශපාලන පක්ෂ අටක් සහ ස්වාධීන එක් කණ්ඩායමක් පමණක් නාමයෝජනා බාරදී තිබුනා. ලබන 26 වනදා පැවත්වෙන ඇල්පිටිය ඡන්දයට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබන 17 වනදා සිට 20 වන දා දක්වා බෙදාහැරීම සිදු කිරීමට නියමිත බවද මැතිවරණ කොමිෂන්…

තව කියවන්​න

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවත්වෙන පන්දුවාර විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ මුලික වටයෙන් ඉවත් වු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියාග කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් ඔවුන් මෙලෙස දිවයිනට පැමිණි අතර ලෝක කුසලාන තරගාවලියේ මුලික වටයේ සහභාගි වු තරග හතරම පරාජයට පත්වුනාග දිවයිනට පැමිණිමෙන් පසු තරග පරාජය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පවසා සිටියේ තමා ඇතුළු කාන්තා කණ්ඩායම මෙම පරාජයේ වගකීම භාර ගන්නා බවයිග

තව කියවන්​න

ගාසා තීරයේ පාසලකට ඊශ්‍රායලය එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාරවලින් 15 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ගැටුම් හේතුවෙන් අවතැන් වූ පලස්තීනුවන්ට නවාතැන් ගැනීමට යොදාගත් මධ්‍යම ගාසා තීරයේ අල් – මුෆ්ටි පාසලටයි මෙලෙස ප්‍රහාර එල්ල කර තිබුණේ. මේ අතර ගාසා හි නුසෙයිරාත් සරණාගත කඳවුරටද ඊයේ කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල වුණා. මේ අතර අද දිනයේ පාසලට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයින් 50 දෙනෙකු තුවාල ලැබුවා. ඊශ්‍රායල හමුදා මේ වනවිට ගොඩබිම් මෙහෙයුමක නිරත වන අතර එම මෙහෙයුමේදී සිදු කරන ප්‍රහාර තවත් දැඩිකර තිබෙනවා.

තව කියවන්​න

අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් යොමුකරමින් දන්වා සිටියි. එම නිවේදනය අනුව අත්තනගලු ඔය ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව මේ මොහොතේ සිට ඉදිරි පැය 48ක් දක්වා වූ කාලය තුළ ප්‍රදේශ කිහිපයක ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදනමක් පවතින බවට අනතුරු අඟවා තිබේ. ඒ අනුව දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාව තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

තව කියවන්​න