- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: Dhanushka
ඉදිරියේදී වාහන ආනයනය සිදුකරන ආකාරය පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා අද :15* පැහැදිලි කිරීමක් කළේයග අද :15* පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශකවරයා ඒ බව රජයේ ස්ථාවරය පැහැදිලි කළේයග එහිදී කැබිනට් ප්‍රකාශකවරයා පවසා සිටියේ කිසිදු ආකාරයකින් තීරුබදු සහන සහිත වාහන ආණ්ඩුව විසින් ආනයනය කිරීමට කටයුතු කර නොමැති බවයග
දේශපාලන බලපෑම්වලින් තොරව රාජකාරී කිරීම සඳහා පොලිස් නිලධාරීන්ට හැකියාව තිබිය යුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ පසුගිය කාලයේ පොලීසියට ජනතාවගෙන් එල්ල වූ චෝදනාවලින් නිදහස් වීමට කාලය එළඹ ඇති බවයි . කළුතර පොලිස් පුහුණු පාසලේ පැවති උත්සවයකට එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා මෙම අදහස් පළ කළා.
මාස 6 ක් සඳහා රුපියල් ලක්ෂ 3 ක උපරිමයකට යටත්ව ධීවරයන් සදහා ඩීසල් සහ භූමිතෙල් සහනාධාරයක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉන්ධන මිල ගණන් විශාල ලෙස ඉහළ යාම හේතු කරගනිමින් ධීවර කර්මාන්තයට සිදුවන අහිතකර බලපෑම් සදහා පිළියම් ලෙස මෙම තීරණය ගෙන ඇති බව සදහන්. ඔක්තෝම්බර් මස පළමු වනදා සිට ක්‍රියාත්මක ධීවර ප්‍රජාව සදහා විශේෂ ඉන්ධන සහනයක් ලබාදීමටයි ඒ අනුව කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට මත්ස්‍ය මිල ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසනවා. මේ හේතුවෙන් පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ද මත්ස්‍ය මිල ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට මත්ස්‍ය තොග ලැබුණද පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් ඒවා බෙදාහැරීමට බාධා එල්ල වී ඇති බවටයි වාර්තා වන්නේ. මෙම තත්ත්වය මත මත්ස්‍ය මිල ගණන් ඉහළ ගොස් තිබෙන අතර, මේ වනවිට තෝරා මාළු කිලෝවක මිල රුපියල් 1800 ත්, තලපත් කිලෝවක මිල රුපියල් 1400 ත් අතර මිලකට පවතිනු ඇති බවද සදහන්.
දිවයිනේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගය යළි හිස එසවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය සඳහන් කළේ මෙම වසරේ ගත වූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 40,657 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි. එමෙන්ම ඩෙංගු රෝගය වැළදීමෙන් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් තිබෙනවා. ඇය වැඩිදුරටත් සඳහන් කළේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය සමඟ යළිත් වරක් ඩෙංගු මඳුරුවන් බෝවීමේ අවදානම ඉහළ යා හැකි බවයි.
ලබන සඳුදා සිට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි යලි ආරම්භ කරන බව, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්. එහිදී ඔහු කියා සිටියේ පසුගිය 11 වනදා දින මේ සම්බන්ධයෙන් විශේෂ කැබිනට් මණ්ඩලය රැස් වී පාස්පොට් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත් වූ බවයි.
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව අපේක්ෂකයින්ගේ මනාප අංක නිකුත් කිරීම ඉදිරි දින දෙකේදී සිදු කර අවසන් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මේ වන විටත් සියලු දිස්ත්‍රික්කවල මනාප අංක සහිත අපේක්ෂක ලේඛන මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති බවයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. ඒ අනුව මනාප අංක පරීක්ෂා කිරීමෙන් අනතුරුව යළිත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත අදාළ ලේඛන යොමු කිරීමට නියමිතයි.
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගය අද රාත්‍රී 7 ට ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගය කඩුලු 5 කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන 20 යි 20 තරගාවලිය තරග 3 කින් සමන්විත වනවා.
උතුරු ලෙබනනයට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තවත් 08 දෙනෙකු තුවාල ලබා ඇති බව ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. උතුරු ලෙබනනයේ ක්‍රිස්තියානි ගම්මානයක් ඉලක්ක කර ගනිමිනුයි ඔවුන් මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ. ප්‍රදේශවාසීන් සඳහන් කළේ යුද්ධයෙන් අවතැන් වූ පවුල් එහි වාසය කරන බවයි. එහෙත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකුත් අදහස් ප්‍රකාශ කර නොමැති බව ද සදහන්.
වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 6ක සිරදඬුවම් නියම කර තිබේ. 2016 වසරේ සිට 2019 වසර දක්වා කාලසීමාව තුළ රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම වගඋත්තරකරුවන්ට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව ගොනුකර තිබුණි. අදාළ බදු මුදල් ගෙවන ලෙස අධිකරණය විසින් වගඋත්තරකරුවන්ට ඉකුත් වසරේ නොවැම්බර් මස 14 වෙනිදා නියෝගයක් නිකුත් කර තිබුණි. මෙම නඩුව අද (14) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී අදාළ මුදල් ගෙවා නොතිබීම හේතුවෙන් වගඋත්තරකරුවන්ට එරෙහිව අධිකරණය විසින් මෙම…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222