- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: Dhanushka
විගමනික ශ්‍රමික ප්‍රජාවගේ නොවිසඳුණු ගැටළු හා ජාවාරම්වලට එරෙහිව කටයුතු කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ක්‍රියාත්මක කර තිබෙනවා. එම කාර්යාංශයේ සභාපති, කෝෂල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානවත්වයෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. ඒ අනුව මෙම වැඩසටහන ”සභාපතිට කියන්න” ලෙස නම් කර ඇති අතර එය ජනගත කිරීම එම කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ දී සිදු කරනු ලැබුවා. මෙම වැඩසටහන තුළින් විගමනික ශ්‍රමික ප්‍රජාවගේ ගැටළු ඉදිරිපත් කිරිමට පොදු ස්ථානයක් නිර්මාණය කර තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ චෝදනා, විවේචන, දුක් ගැනවිලි සටහන් කරගැනීමට ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ බිම් මහලේ “සභාපතිට කියන්න” යනුවෙන් නව කවුළුවක් විවෘත කර තිබෙනවා. රටේ ඕනෑම පුරවැසියෙකුට…
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක අද දිනයේදී අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ සියලු දිස්ත්‍රික්කවල මනාප ලැයිස්තු, මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති අතර එම මනාප ලැයිස්තු පරීක්ෂා කර දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත යැවීමට පියවර ගෙන ඇති බවයි. මහ මැතිවරණයේදී එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි අවම මුදල අද ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරන බව ද සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළා. මේ අතර මහ මැතිවරණයට අදාලව නියෝග ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් උපදෙස් ලබාදීමට අමාත්‍යාංශ ලේකම්වරුන් සහ සියලුම සංස්ථා හා මණ්ඩලවල සභාපතිවරුන් සමග අද සාකච්ඡාවක් පැවැත්වෙනවා.
ලසන්ත වික්‍රමතුංග, ප්‍රදීප් එක්නැලිගොඩ සහ තාජුඩීන් ඝාතන සිද්ධීන් හැර ප්‍රධාන අපරාධ සිද්ධීන් 7 ක් කඩිනම් විමර්ශන සඳහා යොමු කරනු ලැබුවේ ඒවායේ අපරාධ පරීක්ෂණ බොහෝ දුරට අවසන් වීම හේතුවෙන් බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. කෙසේ වෙතත් අනෙකුත් ඝාතන සිද්ධීන් පිළිබඳ විමර්ශන ඉදිරියේදී යළිත් වරක් ආරම්භ කරන බවයි අමාත්‍යවරයා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් පවසා සිටියේ.
ගංවතුර තත්ත්වය බැස යාමත් සමඟ බෝවන රෝග වැළඳීමේ වැඩි අවදානමක් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. ලේ අතීසාරය, මී උණ, පණු රෝග වැනි රෝග ලක්ෂණ ඇත්නම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන ලෙසයි එම සංගමය ජනතාවට දන්වා සිටින්නේ. මේ අතර පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් පවුල් 40,758 කට අයත් පුද්ගලයින් එක් ලක්ෂ 59,511 දෙනෙකු බලපෑමට ලක්ව ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ආපදා තත්ත්වය හේතුවෙන් මරණ 3 ක් වාර්තා වී ඇති අතර පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, ආරක්ෂිත ස්ථාන 80 ක පවුල් 2,433 කට අයත් පුද්ගලයින් 10,361 දෙනෙකු රැඳී සිටින බවයි. එමෙන්ම අවතැන්වූවන්ගේ කඳවුරු…
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්තවයේ අඩු වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද සදහන්. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.
කළුතර උතුර ප්‍රදේශයේ අද උදැසන මුහුද ගොඩගැලීමක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් කළුතර කැලිඩෝ වෙරළ තීරය ආසන්නයේ කිලෝමීටරයටක ආසන්න දුරක ඇති නිවාස, සංචාරක නිවාඩු නිකේතන ඇතුළු අතුරු මාර්ග රැසක්ද මුහුදු ජලයෙන් යට වූ බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.
තද වැසි, තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. අද උදෑසන 8 ට නිකුත් කළ එම නිවේදනය හෙට උදෑසන 8 දක්වා වලංගු වන බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. ඒ අනුව මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය, වයඹ දිශාවට ගමන් කරමින්, පීඩන අවපාතයක් ලෙස වර්ධනය වී හෙට දිනයේදී දකුණු ආන්ද්‍රා ප්‍රදේශ වෙරළ වෙත ළඟා වන බව එම නිවේදනයේ සදහන්. ඒ හේතුවෙන් මුහුදුබඩ ප්‍රදේශවල ඉතා තද සුළං සමඟින් තද වැසි පැවතිය හැකි අතර මුහුද ඉතා රළු විය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
පළමු වරට පැවැත්වීමට සැලසුම් කර ඇති ලංකා ඔ ටෙන් ක්‍රිකට් තරගාවලිය එළඹෙන දෙසැම්බර් මස 12 දා සිට 22 දා තෙක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ක්‍රීඩකයින්ට මෙම තරගාවලිය සදහා ලියාපදිංචි වීමේ අවස්ථාව ඊයේ දින සවස 6 සිට එළඹෙන 23 වැනි දා සවස 6 දක්වා ලබා දී තිබෙනවා. අඅඅගීරසක්බන් ජරසජනැඑගකන වෙබ් අඩවිය වෙත පිවිසිමෙන් ද මෙම තරගාවලිය සදහා ලියාපදිංචි විය හැකියි. ලංකා ඔ ටෙන් ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් හයක් ක්‍රීඩා කිරීමට නියමිතයි. එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයින් 07 දෙනෙකු ඇතුළුව උපරිම ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් සංචිතයක් මේ සදහා පිහිටුවා ගත හැකියි.
ගතවූ පැය 48 ක කාලය තුළ ඉන්දීය ගුවන් යානා 10 කට සමාජ මාධ්‍ය හරහා බෝම්බ තර්ජන එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් විවිධ ගුවන් තොටුපලවල ත්‍රස්ත මර්දන අභ්‍යාස සිදු කිරීමටයි ආරක්ෂක ඒජන්සි කටයුතු කර ඇත්තේ. මේ සම්බන්ධයෙන් තර්ජනය කරමින් සමාජ මාධ්‍යවල පළ කළ ගිණුම් කිහිපයක් හඳුනාගෙන ඒවා අත්හිටුවීමට ද එරට බලධාරින් කටයුතු කර තිබෙනවා. එමෙන්ම ඇතැම් තර්ජන ලන්ඩනය සහ වෙනත් රටවලින් පැමිණි ඒවා බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.
ගාල්ල දිස්ත්‍රික්කයේ ජන හා නිවාස සංගණනය ඊයේ (14) ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතාගේ නිල නිවසේදී නිල වශයෙන් ආරම්භ වී තිබෙනවා. සෑම වසර 10කට වරක්ම පැවැත්වෙන ජන හා නිවාස සංගණන වැඩසටහනට සමගාමීවයි මෙම වැඩසටහන දියත් කර තිබෙන්නේ. ඊයේ (14) ආරම්භ කරන ලද මෙම වැඩසටහනට ගාල්ල දිස්ත්‍රික් සංඛ්‍යාලේඛනඥ ටී.පී.හෙට්ටිආරච්චි මහතා ඇතුළුව දිස්ත්‍රික් සංඛ්‍යාලේඛන අංශයේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222