Author: Dhanushka

ලොව අතිශය ජනප්‍රිය, දකුණු කොරියාව නිජබිම කරගත් ටයිකොන්ඩෝ ලෝක සටන් සංදර්ශන කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ තිබෙනවා. 20 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම ඊයේ දිවයිනට පැමිණියා. ඔවුන් අද පස්වරුවේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී සිය සංදර්ශනය ඉදිරිපත් කිරීමට නියමිත බවද සදහන් මෙම ලෝක ටයිකොන්ඩෝ මූලස්ථාන සටන් සංදර්ශන කණ්ඩායම 2017 වසරෙන් පසුව මෙරටට පැමිණි පළමු අවස්ථාව මෙය වනවා.

තව කියවන්​න

බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම දකුණු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද සදහන්. මේ අතර මධ්‍යම – නැගෙනහිර බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික යාත්‍රාවලට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස දැනුම් දෙනවා. මධ්‍යම – නැගෙනහිර සහ උතුරු අන්දමන් මුහුද ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් ඇති වී තිබීම මීට හේතු වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. මෙම අඩු පීඩන කලාපය…

තව කියවන්​න

2025 වසර ආරම්භයේ දී ශ්‍රී ලංකාව තුළ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කරන බව ආසියානු සංවර්ධන බැංකුව පවසනවා. ග්‍රාමීය යටිතල පහසුකම් නැංවීම මෙම ව්‍යාපෘති අතර ප්‍රමුඛත්වය හිමිව තිබෙනවා. එමෙන්ම දැනට සිදු කරමින් පවතින ව්‍යාපෘති සදහා අඛණ්ඩව අරමුදල් සැපයීමට ද සූදානම් බවයි ආසියානු සංවර්ධන බැංකුව සදහන් කළේ.

තව කියවන්​න

තම රට වෙනුවෙන් ක්‍රිඩා කරන්න ලැබීම විශාල භාග්‍යයක් බව ක්‍රිකට් ක්‍රිඩක නිෂාන් මධුෂ්ක පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ, සංචාරක කොදෙව් – ශ්‍රී ලංකා පළමු එක්දින තරගයේ ජය වාර්තා කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින්. එහිදී සිය පලමු එක් දින තරගය ක්‍රිඩා කල නිශාන් මධුෂ්ක පන්දු 54 කදී ලකුණු 69ක් ලබා ගත්තා. ඒ 4 පහර 7 ක් සහ 6 පහර 1 ක් සමඟින්. මාධ්‍ය වෙත අදහස් පල කරමින් නිෂාන් මධුෂ්ක කියා සිටියේ මෙම තරගය ක්‍රීඩා කිරීමට තමා තුළ පෙර සැලසුමක් නොතිබු බවයි.

තව කියවන්​න

ඉන්දියාවේ දිල්ලි නගරයේ වායු දූෂණය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම දිල්ලි නගරයේ වායු තත්ත්ව දර්ශකයේ අගය තුන්සිය තිස්හතර දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. අඛණ්ඩව හතරවන දිනටත් දිල්ලි නගරයේ වායු දූෂණය ඉහළ යමින් පවතිනවා. මේ වන විට නගරයේ වායු ගුණාත්මක තත්ත්වය දුර්වල තත්ත්වයේ සිට ඉතා දුර්වල තත්ත්වය දක්වා පහත වැටී ඇති බවයි කාලගුණ අංශ සඳහන් කරන්නේ. ඉදිරි දින කිහිපයේදී තත්ත්වය තවදුරටත් අහිතකර මට්ටමකට ළඟා වනු ඇති බවට ද කාලගුණ අංශ අනතුරු අඟවා තිබෙනවා.

තව කියවන්​න

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනා ප්‍රතිපත්තීන් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද ක්‍රියාත්මක කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. මේ හේතුවෙන් පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ කුමන පක්ෂය ද යන්න තීරණය කිරීම ජනාතාව සතු වගකීමක් බවයි මාධ්‍යට අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ.

තව කියවන්​න

කොළඹ කොටුව සහ මඩකලපුව අතර අද දිනට ධාවනය වීමට නියමිතව තිබූ සියලුම දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ, අද උදෑසන මින්නේරිය – රොටවැව මංසන්ධිය ආසන්නයේදී ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක වන අලි රංචුවක් ගැටීමෙන් සිදු වූ අනතුරක් හේතුවෙන්. මෙම අනතුරින් අලින් දෙදෙනෙකු මිය ගොස් තවත් අලියෙක් තුවාල ලබා ඇති බවයි වනජීවි දෙපාර්තමේන්තුව සදහන් කළේ. අනතුරත් සමඟ දුම්රිය පීලි පැන ඇති අතර, එහිදී ටැංකි දෙකක් පෙරලී තිබෙනවා. එමෙන්ම, ඉන්ධන කාන්දුවක් ද සිදුව ඇති බවයි අප වාර්තාකරුවන් පවසා සිටියේ.

තව කියවන්​න

මෙරට රෝහල් 8 කට වැඩි ප්‍රමාණයක විකිරණ පරික්ෂණ සේවාවන් අඩාල වී ඇති බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදින්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසනවා. රජයේ රෝහල් පද්ධතිය තුළ පවතින පරිපුරක වෛද්‍ය සේවාවට අයත් නිලධාරින්ගේ හිඟය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි ඔවුන් පවසන්නේ. එහි ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ පසුගිය රජය සමයේ පරිපූරක වෛද්‍ය සේවාවට අවශ්‍ය නිලධාරින් බදවා ගැනීම නතර කිරිම හේතුවෙන් සී.ටී ස්කෑනර්, එම්.ආර්.අයි ස්කෑනර් සහ හෘද කැතීටර්කරණ ඒකකයන්වල පරීක්ෂණ රැසක් ද සිදුකිරීම මේ වන විට ගැටළු සහගත වි ඇති බවයි.

තව කියවන්​න

ගංවතුරට හසු වු ආහාර, පාරිභෝගිකයින්ට අලෙවි කරන වෙළෙඳසැල් ඇත්නම් ඒ පිළිබඳ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාව දැනුවත් කරන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලිමක් කරනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා සඳහන් කළේ පසුගිය සමයේ එවැනි සිදුවිම් වැඩිවශයෙන් වාර්තා වූ බවයි. මේ අතර, පාරිභෝගිකයින්ට ලබාදෙන ආහාර නිසි ප්‍රමිතියකට තබා නොගන්නේ නම් නීතිමය පියවර ගන්නා බව එම ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ටී.බී ආනන්ද ජයලාල් මහතා පවසනවා.

තව කියවන්​න

මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සිය වියදම් සහ ආදායම් වාර්තා පවත්වාගෙන යාම සඳහා වෙනමම පුද්ගලයෙකු පත් කරගැනීමට කටයුතු කිරීම සුදුසු බව පැෆ්රල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ එම ක්‍රියාමාර්ගය නොගන්නේ නම්, පසුගිය ජනාධිපතිවරණයේදී ආදායම් වියදම් වාර්තා ලබාදීමේදී ඇතැම් අපේක්ෂකයින්ට සිදු වු අපහසුතාවලට මෙම අපේක්ෂකයින්ට ද මුහුණ දීමට සිදුවිය හැකි බවයි.

තව කියවන්​න