- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
- විදුලි සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
- අමෙරිකාවේ තීරණය ශ්‍රී ලංකාවට වාසියක් – ප්‍රතිභා මහනාමගෙන් ප්‍රකාශයක්
- කොළඹ දිස්ත්‍රික්කයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මෙම මස 09 වැනිදා
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණි බැතිමතෙකු මියයයි
Author: Dhanushka
මෙම වසරේ ගත වූ පළමු මාස 9 තුළ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි 3,000කට අධික සංඛ්‍යාවක් ලැබී තිබෙනවා. ජනවාරි මස පළමු වනදා සිට සැප්තැම්බර් මස 30 වන දා දක්වා කාලය තුළ පැමිණිලි 3,045 ක් ලැබී ඇති බවයි අල්ලස් කොමිෂන් සභාව සදහන් කළේ. එම කාලය තුළ දිවයින පුරා වැටලීම් 81 ක් සිදුකර ඇති අතර වැටලීම්වලදී පුද්ගලයින් 67 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර පොලිස් නිලධාරීන් 20 දෙනෙකු, ග්‍රාම නිලධාරීන් තිදෙනෙකු, කාති විනිසුරුවරුන් තිදෙනෙකු, ආදායම් පරීක්ෂකවරු දෙදෙනෙකු ඇතුළු රාජ්‍ය නිලධාරීන් 45 දෙනෙකු සිටින බව සඳහන්.
ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා සඳහා ලියාපදිංචිය වී සිටින අපේක්ෂකයන්ට යළි මුදල් ලබා දෙන ලෙස පවසමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් දුරකතන ඇමතුම් ලබා දී නොමැති බව එම කාර්යාංශය පවසනවා. එම කාර්යාංශය කියා සිටියේ මේ වන විට ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා සඳහා ලියාපදිංචි වී ඇති ඇතැම් අපේක්ෂයන්ට නැවත රුපියල් 14,700ක මුදලක් ගෙවන ලෙසට දුරකතන ඇමතුම් ලැබෙන බවයි. එම දුරකතන ඇමතුම්වලට නොරැවටෙන ලෙසත්, ජාවාරම්කරුවන් පවසන බැංකු ගිණුම්වලට මුදල් බැර කිරීමෙන් වළකින ලෙසත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ පිළිබදව වැඩිවිස්තර දැනගැනීම සඳහා 1989 කෙටි දුරකථන අංකය අමතන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය වැඩිදුරටත් පවසනවා.
බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එමෙන්ම බස්නාහිර, සබරගමුව, දකුණ සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල මිලිමීටර 75ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
ඕමානයේ පැවැත්වෙන “නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන තරගාවලියේ” තවත් තරගයක් අද පැවැත්වෙනවා. ඒ, බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ’ඒ’ කණ්ඩායම අතරයි. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රි 7 ට පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. අද තරගය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වන බවයි ක්‍රිකට් විචාරකයක් පෙන්වා දෙන්නේ. මෙම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුවහොත් බංග්ලාදේශ කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනවා. මේ වනවිට තරග දෙකකට සහභාගි වී එම තරග දෙකම ජයගෙන ප්‍රසාද ලකුණු 4 ක් ලබා ගනිමින් ඇෆ්ගනිස්ථානය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබෙනවා. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය තරග දෙකකට සහභාගි වී එක් තරගයක් ජයගෙන ප්‍රසාද ලකුණු 2 බැගින් හිමිකරගෙන…
රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ ප්‍රධානත්වයෙන්, බි්‍රක්ස් රාජ්‍ය නායක සමුළුව අද ඇරඹෙනවා. අද සහ හෙට යන දෙදින පුරා මෙම සමුළුව පැවැත්වෙනු ඇති. බටහිර රටවලින් එල්ල වන ආර්ථික සහ වෙළෙඳ අභියෝගවලට මුහුණදීමේ අරමුණින් බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල් එක් වී පිහිටුවා ගත් සංවිධානය ලෙස බි්‍රක්ස් සංවිධානය හඳුන්වනු ලබනවා. මෙම වසරේදී ඊජිප්තුව, ඉරානය, එක්සත් අරාබි එමිර් රාජ්‍යය, සෞදි අරාබිය සහ ඉතියෝපියාව යන රටවල්ද එහි සාමාජිකත්වය ගනු ලැබුවා.
සහල්, අල, ඵෑණු ඇතුළු අත්‍යාවශ්‍ය වියළි ආහාර සම්බන්ධයෙන් පවතින වෙළෙඳපොළ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊට අදාළ සියලු පාර්ශව සමග සාකච්ඡාවක් කැදවා තිබෙනවා. ඒ අනුව, හෙට එම සාකච්ඡා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බවයි කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් නිශාන්ත වික්‍රමසිංහ කියා සිටියේ. මේ අතර, බිත්තර තොග සගවන්නන්ට එරෙහිව සිදුකරන වැටලීම් දැඩි කිරීමටද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ අවධානය යොමුව තිබෙනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ භාවිතය සඳහා ලබාදී තිබූ වාහන තුනක් නැවත භාරදී තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ, එම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයට ගෙනැවිත් භාර දුන් බවයි. ගිලන්රථයක්, වෑන් රථයක් හා කැබ් රියක් මෙලෙස භාර දී තිබෙනවා.
හැටන්ල දික්ඔය නගර සභාවේ ලේකම්වරයාල නිලධාරින් ඇතුළු සේවකයින් අද :21* දිවා ආහාර පැයේ නගර සභාව ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත වුණාග ඒ නගර සභාවේ අදායම් පරිපාලක නිලධාරිණියට බැණ වැදී තර්ජනය කර නගර සභාවේ වාහනවලට පහර දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නැවත පරීක්ෂණ සිදුකරන ලෙස බලකරමින්ග මේ අතර සැකකාර තරුණයා අද :21* දිනයේද නගර සභාව ඉදිරිපිටට පැමිණි ර්‍ණ උඹලට මට විරුද්ධව කිසිම දෙයක් කරන්න බෑ” යනුවෙන් පවසමින් තර්ජනය කළ බවත්ල රාජකාරියට බාධා කළ සැකකරුවන් නිදැල්ලේ සිටිම විමතියට කරුණක් බවයි ලේකම්වරයා කියා සිටියේග දිපවාලි උත්සව සමය නුදුරේ හැටන් නගරයට පැමිණෙන පාරිභෝගිකයන්ට අවහිර නොවන ආකාරයෙන් පදික වේදිකාව පවත්වාගෙන යාමත් එහි අනවසර වෙළඳාම් ඉවත් කිරිමටත්…
මේ දිනවල වවුනියාවේ පුවක් මිල ඉහල යාමත් සමගම බුලත් විටක මිලද රුපියල් 150ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. රුපියල් හතරට තිබූ සාමාන්‍ය පුවක් ගෙඩියක් රුපියල් 30ක් දක්වාද මධ්‍යම ප්‍රමාණයේ පුවක් ගෙඩියක් රුපියල් 40ක් දක්වාද ඉහළ ගොස් ඇති අතර, ලොකු ප්‍රමාණයේ පුවක් ගෙඩියක් රුපියල් 50ක් දක්වා ඉහල ගොස් තිබෙන බවටයි වාර්තා වෙන්නේ. ඒ අනුව පුවක් මිල ඉහළ යාම හා පුවක් හිඟය නිසා රුපියල් 50ට තිබූ බුලත් විටක මිල රුපියල් 150ක් දක්වා ඉහළ ගොස් ඇති බවටයි වැඩි දුරටත් සදහන් වන්නේ.
වෛද්‍ය චමල් සංජීව මහතාට අදාළ පරීක්ෂණයක් සදහා නීතිපති උපදෙස් ලබාගැනීමට කටයුතු කර ඇති බව පොලීසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙනු ලැබුවා. ඒ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිල නිවස ඉදිරිපිට මල්වඩමක් තැබූ බව කියන සිද්ධියට අදාළවයි. ඒ අනුව මෙම පැමිණිල්ල පෙබරවාරි 10 වනදා කැදවීමට නියම බවයි අධිකරණය වැඩි දුරටත් සදහන් කරන්නේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222