- කොළඹ දිස්ත්‍රික්කයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මෙම මස 09 වැනිදා
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණි බැතිමතෙකු මියයයි
- දුම්රිය කිහිපයක ආසන වෙන් කිරීමේ පහසුකම ඉවතට
- වෛද්‍යවරුන් රට හැර යාමේ අවධානමක්
- මහින්ද රාජපක්ශ සහ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
- ජනාධිපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් අතර හමුවක්
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට
- කොළඹ ලෝටස් පාර වැසෙයි
Author: Dhanushka
පවතින වැසි තත්ත්වයත් සමග මතු වී ඇති ඩෙංගු අවදානම තුරන් කිරීමේ අරමුණින් අද සිට දින තුනක ඩෙංගු මර්ධන වැඩසටහනක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා. කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා සඳහන් කළා. ඩෙංගු මදුරුවන් බෝවීම වළක්වා ගැනිමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබනවා. පසු ගිය දින 21 ක කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 1874 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, වසරේ මේ දක්වා කාලය තුල ඩෙංගු රෝගීන් 41,285 දෙනෙකු වාර්තා වී ඇති බවයි.
මහ කන්නයේ වී වගා කටයුතු සඳහා පොහොර සහනාධාරය ලෙස රුපියල් මිලියන 46 ක මුදලක් දිස්ත්‍රික්ක 11 ක ගොවින්ට ලබා දී ඇති බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසනවා. ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ මහතා සඳහන් කළේ, තවත් රුපියල් මිලියන 58 ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇති බවයි. එම මුදල අද දින හෝ හෙට දිනයේ ලැබෙන බවයි ගොවිජන සේවා කොමසාරිස්වරයා සදහන් කළේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සහල් මෝල් හිමියන් අතර අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. මෙම සාකච්ඡාවේ දී නාඩු සහල් හිඟය පිළිබඳව සාකච්ඡා කරන බවයි සදහන් වන්නේ. මේ වනවිට වෙළඳපොළේ නාඩු සහල්වල හිඟයක් පවතින අතර ඒ හේතුවෙන් නාඩු සහල් කිලෝවක මිල රුපියල් 230 ත් 240 ත් අතර අගයක් ගෙන තිබෙනවා. කෙසේ වෙතත් නාඩු සහල් කිලෝවක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල රුපියල් 220 ක් ලෙස දක්වා තිබෙනවා.
පොලිසිය විසින් මහජනතාව සඳහා ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා. ඒ, පොලිසිය තුළ කිසියම් අකර්යක්ෂමතාවයක් හෝ වංචාවක් සිදුවුවහොත් ඒ පිළිබඳව දැනුම් දීම සඳහායි. ඒ අනුව 1997 ක්ෂණික දුරකථන ඇමතුම් අංකය ඔස්සේ යම් පැමිණිල්ලක් ඇත්නම් දැනුම් දෙන ලෙසයි වැඩබලන පොලිස්පතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
මෙම වසරේ ගත වූ පළමු මාස 9 තුළ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි 3,000කට අධික සංඛ්‍යාවක් ලැබී තිබෙනවා. ජනවාරි මස පළමු වනදා සිට සැප්තැම්බර් මස 30 වන දා දක්වා කාලය තුළ පැමිණිලි 3,045 ක් ලැබී ඇති බවයි අල්ලස් කොමිෂන් සභාව සදහන් කළේ. එම කාලය තුළ දිවයින පුරා වැටලීම් 81 ක් සිදුකර ඇති අතර වැටලීම්වලදී පුද්ගලයින් 67 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර පොලිස් නිලධාරීන් 20 දෙනෙකු, ග්‍රාම නිලධාරීන් තිදෙනෙකු, කාති විනිසුරුවරුන් තිදෙනෙකු, ආදායම් පරීක්ෂකවරු දෙදෙනෙකු ඇතුළු රාජ්‍ය නිලධාරීන් 45 දෙනෙකු සිටින බව සඳහන්.
ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා සඳහා ලියාපදිංචිය වී සිටින අපේක්ෂකයන්ට යළි මුදල් ලබා දෙන ලෙස පවසමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් දුරකතන ඇමතුම් ලබා දී නොමැති බව එම කාර්යාංශය පවසනවා. එම කාර්යාංශය කියා සිටියේ මේ වන විට ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා සඳහා ලියාපදිංචි වී ඇති ඇතැම් අපේක්ෂයන්ට නැවත රුපියල් 14,700ක මුදලක් ගෙවන ලෙසට දුරකතන ඇමතුම් ලැබෙන බවයි. එම දුරකතන ඇමතුම්වලට නොරැවටෙන ලෙසත්, ජාවාරම්කරුවන් පවසන බැංකු ගිණුම්වලට මුදල් බැර කිරීමෙන් වළකින ලෙසත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ පිළිබදව වැඩිවිස්තර දැනගැනීම සඳහා 1989 කෙටි දුරකථන අංකය අමතන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය වැඩිදුරටත් පවසනවා.
බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එමෙන්ම බස්නාහිර, සබරගමුව, දකුණ සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල මිලිමීටර 75ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
ඕමානයේ පැවැත්වෙන “නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන තරගාවලියේ” තවත් තරගයක් අද පැවැත්වෙනවා. ඒ, බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ’ඒ’ කණ්ඩායම අතරයි. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රි 7 ට පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. අද තරගය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වන බවයි ක්‍රිකට් විචාරකයක් පෙන්වා දෙන්නේ. මෙම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුවහොත් බංග්ලාදේශ කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනවා. මේ වනවිට තරග දෙකකට සහභාගි වී එම තරග දෙකම ජයගෙන ප්‍රසාද ලකුණු 4 ක් ලබා ගනිමින් ඇෆ්ගනිස්ථානය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබෙනවා. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය තරග දෙකකට සහභාගි වී එක් තරගයක් ජයගෙන ප්‍රසාද ලකුණු 2 බැගින් හිමිකරගෙන…
රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ ප්‍රධානත්වයෙන්, බි්‍රක්ස් රාජ්‍ය නායක සමුළුව අද ඇරඹෙනවා. අද සහ හෙට යන දෙදින පුරා මෙම සමුළුව පැවැත්වෙනු ඇති. බටහිර රටවලින් එල්ල වන ආර්ථික සහ වෙළෙඳ අභියෝගවලට මුහුණදීමේ අරමුණින් බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල් එක් වී පිහිටුවා ගත් සංවිධානය ලෙස බි්‍රක්ස් සංවිධානය හඳුන්වනු ලබනවා. මෙම වසරේදී ඊජිප්තුව, ඉරානය, එක්සත් අරාබි එමිර් රාජ්‍යය, සෞදි අරාබිය සහ ඉතියෝපියාව යන රටවල්ද එහි සාමාජිකත්වය ගනු ලැබුවා.
සහල්, අල, ඵෑණු ඇතුළු අත්‍යාවශ්‍ය වියළි ආහාර සම්බන්ධයෙන් පවතින වෙළෙඳපොළ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊට අදාළ සියලු පාර්ශව සමග සාකච්ඡාවක් කැදවා තිබෙනවා. ඒ අනුව, හෙට එම සාකච්ඡා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බවයි කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් නිශාන්ත වික්‍රමසිංහ කියා සිටියේ. මේ අතර, බිත්තර තොග සගවන්නන්ට එරෙහිව සිදුකරන වැටලීම් දැඩි කිරීමටද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ අවධානය යොමුව තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222