- කොළඹ දිස්ත්‍රික්කයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මෙම මස 09 වැනිදා
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණි බැතිමතෙකු මියයයි
- දුම්රිය කිහිපයක ආසන වෙන් කිරීමේ පහසුකම ඉවතට
- වෛද්‍යවරුන් රට හැර යාමේ අවධානමක්
- මහින්ද රාජපක්ශ සහ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
- ජනාධිපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් අතර හමුවක්
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට
- කොළඹ ලෝටස් පාර වැසෙයි
Author: Dhanushka
මහ මැතිවරණයට අදාළ නිරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව පැෆරල් සංවිධායනය පවසනවා. එහි විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ මැතිවරණ නිරීක්ෂකයින් 5000ක් ඒ සදහා යොමු කරන බවයි. ඔවුන්ට මැතිවරණ නිරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ද ලබා දෙන බවයි රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ.
කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ ලිබරල් නායක ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට පක්ෂ අභ්‍යන්තරයෙන් ඉල්ලීම් ඉදිරිපත් වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, ලිබරල් මන්ත්‍රීවරුන් ඊයේ (23) එරට පාර්ලිමේන්තුවට රැස්වී මෙම තීරණය ගෙන ඇති බවයි. අග්‍රාමාත්‍යවරයා සහ ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පක්ෂය තුළ වැඩෙන අතෘප්තිය මධ්‍යයේ මන්ත්‍රීවරුන් මෙම තීරණයට එළඹ ඇති අතර ඔවුන් එය අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇතැයි ද වාර්තා වනවා. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මෙම රැස්වීම පොදු මන්ත්‍රී මණ්ඩලයේ සැසිවාරය පැවැත්වෙන අතරතුර සතිපතා පැවැත්වෙන දේශපාලන බල මණ්ඩලයේ රැස්වීම්වල කොටසක් බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ. ඊයේ පැවැති රැස්වීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ ගැටළු සහ කලකිරීම් කෙලින්ම අගමැති…
රුපියල් මිලියන 32,500 ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් ලබන 28 වැනිදා සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා. මහ බැංකුව ප්‍රකාශ කළේ, එහිදී 2028 වසරේදී කල්පිරෙන රුපියල් මිලියන 20,000 ක බැදුම්කර නිකුත් කෙරෙන බවයි. එමෙන්ම 2033 වසරේ ජූනි මාසයේදි කල් පිරෙන තවත් රුපියල් මිලියන 12,500 ක භාණ්ඩාගාර බැදුම්කර ද එහිදි නිකුත් කිරීමට නියමිතයි.
ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් ඉදිරිපත් කළ මැතිවරණ වියදම් අද සිට ජනතාවට ප්‍රදර්ශනය කරන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රි රත්නායක මහතා කියා සිටියේ, රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ සහ එම වෙබ් අඩවියේ මැතිවරණ වියදම් ප්‍රදර්ශනය කරන බවයි.
නිල්වලා ගඟ ආශ්‍රිත පහත් බිම්වලට ඉදිරි පැය 48 ක කාලය තුළ ගංවතුර අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පස්ගොඩ, කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ, මාතර සහ දෙව්නුවර යන ප්‍රදේශිය ලේකම් කොට්ඨාසවල පහත් බිම් සඳහා මෙම අනතුරු ඇඟවීම නිකුත් කළ බවයි. ඊයේ සිට අද උදෑසන දක්වා කාලය තුළ නිල්වලා ගඟේ ඉහළ සහ මධ්‍ය ධාරා ප්‍රදේශවලට සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබි ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමෙන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
එළඹෙන සංචාරක සමයේදී මෙරට සංචාරය කරන ලෙස ලොව පුරා සිටින සංචාරකයින්ට ආරාධනය කරන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ සියලුම සංචාරකයින්ට ආරක්ෂාකාරීව දිවයිනේ සුන්දරත්වය භුක්ති විඳීමේ අවස්ථාව සලසා ඇති බවයි. එමෙන්ම සංචාරකයින් මෙරට රැඳී සිටින කාලය තුළදී ඉහළම අයුරින් ආරක්ෂාව ලබාදෙන බවත් එම නිවේදනයෙන් දන්වා තිබෙනවා.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුණා. එහිදී දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම, කාන්තා ව්‍යවසායකත්ව වර්ධනය කිරීම මෙන්ම කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශ නගාසිටුවීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කර තිබුණා.
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේදී ආරම්භ වීමට නියමිත එක්දින හා 20 යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරනු ලැබූ නවසීලන්ත සංචිතයේ ප්‍රබල ක්‍රීඩකයින් රැසක් විවේක ගන්වා තිබෙනවා. නම්කරනු ලැබූ සංචිතයේ වැඩබලන නායකයා ලෙස මිචෙල් සැන්ට්නර් කටයුතු කරනවා. එමෙන්ම ඔහු සමගින් මේ දක්වා කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කර නොමැති මිච් හේ හා නේතන් ස්මිත් ද සංචිතයට කැඳවා තිබෙනවා. ඒ අනුව කේන් විලියම්සන්, ඩෙවොන් කොන්වේ, ටොම් ලේතම්, ඩැරිල් මිචෙල්, රචින් රවීන්ද්‍ර සහ ටිම් සවුති ශ්‍රී ලංකා තරගාවලියෙන් විවේක ගැන්වීමටයි කටයුතු කර ඇත්තේ. එංගලන්තය සහ නවසීලන්තය අතර ලබන නොවැම්බර් මාසයේදී පැවැත්වෙන තරග 3 කින් යුත් ටෙස්ට් තරගාවලියට ප්‍රමුඛත්වය ලබාදීම සඳහායි ජේ්‍යෂ්ඨ ක්‍රීඩකයන් මෙලෙස…
තුර්කි ගුවන් මධ්‍යස්ථානයකට එල්ල වූ ප්‍රහාරයකින් 5 දෙනෙකු ජීවිතක්ෂයට තුර්කියේ අන්කාරා අගනුවර පිහිටි ගුවන් සේවා සමාගමකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් 22 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු විසින් මෙම ප්‍රහාරය සිදුකර ඇති බව සඳහන්. ප්‍රහාරයට සම්බන්ධ වී ඇත්තේ කුර්දි කැරලිකාර කණ්ඩායමක් වන ඡණණ සංවිධානය බවයි එරට බලධාරීන් පවසන්නේ. ඡණණ ත්‍රස්තවාදී සංවිධානය තුර්කියේ, එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ තහනම් කර තිබෙනවා. කෙසේ වෙතත් ප්‍රහාරයේ වගකීම තවමත් කිසිදු කණ්ඩායමක් භාරගෙන නොමැති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
යහපත් අනාගතයක් ගොඩනැගීම සඳහා සහය දැක්වීමට කැපවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීයේවා මහත්මිය යළි අවධාරණය කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් සහ ශ්‍රී ලංකාවේ නියෝජිතයින් අතර වොෂීන්ටනයේදී පැවති හමුවකදියි ඇය මේ බව සදහන් කර ඇත්තේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ඇතුළු එහි නියෝජිතයන් පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වුණා. මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් අබේසේකර මහතා ඇතුළු පිරිසක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ සදහා සහභාගි වී තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222