- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අඛණ්ඩව සිව්වැනි තරගයත් පරාද වෙයි
- මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්
- සූරියකන්ද පොලිසියේ කොස්තාපල් පොලිස් ආරක්ෂාව ඉල්ලයි?
- දිට්වා සුළි කුණාටුවෙන් මියගිය සහ අතුරුදන් වූ සියලු දෙනාට සෙත්පතා ආශීර්වාදාත්මක බෝධි පූජා පින්කමක්
- ඩග්ලස් දේවානන්දා රිමාන්ඩ්
- වතු කම්කරුවන්ගෙන් රුපියල් 108,000ක් රී බිල්ඩ් ශ්‍රී ලංකා අරමුදලට
- ඩග්ලස් දේවානන්දා පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර
- “ජින්ගා” අත්අඩංගුවට
Author: Dhanushka
මෙරට පළමු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හිටපු පාදඟ පන්දු යවන්නෙකු වූ ඩී.එස්. ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ලන්ඩනයේදී ඔහු අභාවප්‍රාප්ත වන විට 83 වැනි වියේ පසුවුණා. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයෙකු ලෙසද කලක් කටයුතු කරනු ලැබුවා .
2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරය සඳහා 6 සිට 10 ශ්‍රේණිය දක්වා වාර පරීක්ෂණ පැවැත්වීම නොකරන ලෙස නැවත වරක් දැනුම් දී තිබෙනවා. ඒ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින්. සියලුම විදුහල්පතිවරුන් වෙත නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ මේ සම්බන්ධයෙන් මීට පෙර දැනුම් දී ඇති උපදෙස් අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරන ලෙසයි.
පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක්ව සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාන, පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ . එම විශේෂ නිවාඩු ලබාගැනීමට නම් තමාට රාජකාරියට වාර්තා කිරීමට නොහැකි වූ හේතුව සඳහන් කරමින් ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරන ලද තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීගේ නිර්දේශය, සහිත ඉල්ලීම ආයතන ප්‍රධානියා වෙත ඉදිරිපත් කළයුතු වනවා.
ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට අනුව ලෝක බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 120 ක හදිසි ආධාර මෙරටට ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ, ආපදාවෙන් හානියට පත් ප්‍රදේශවල සෞඛ්‍ය, ජලය, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය ඇතුළු අත්‍යවශ්‍ය සේවා යථා තත්වයට පත් කිරීම සදහායි. මෙම ආපදා තත්ත්වය සාර්ථකව කළමනාකරණය කිරීම සදහා රජය ගන්නා උත්සහය අගය කරන බව ද ලෝක බැංකුව වැඩිදුරටත් පවසා තිබෙනවා.
මුදල් විශුද්ධීකරණ පනත යටතේ දූෂණය නමැති වරද සිදු කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය සී.බී.රත්නායක මහතා ඇප මත මුදා හැර තිබෙනවා. ඒ, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නිකුත් කළ නියෝගයකට අනුවයි. සැකකරු ලක්ෂ 20 බැගින් වු ශරීර ඇප 2 ක් මත මුදාහැරීමට මෙන්ම ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද නියෝග කර තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ සිඩ්නිහි බොන්ඩි වෙරළ තීරයේ සිදු වූ වෙඩි තැබීමෙන් මිය ගිය ගණන 15ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා . විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම පිරිස අතර වයස අවුරුදු 10ක ගැහැණු ළමයෙකු ද සිටින බවයි. වෙරළ තීරයේ රැදී සිටි පිරිස් ඉලක්ක කරගනිමින් තුවක්කරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබූනා. එහිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු තවත් පුද්ගලයින් 42දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ .
නොවැම්බර් මාසයට අදාළ ගමන් වාර ප්‍රවේශ පත්‍රය මගින් පාසල් දරුවන්ට දෙසැම්බර් මාසයේ ද ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථවල ගමන් කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ අනුව පසුගිය මාසයේ ගමන් ප්‍රවේශ පත්‍රය ඉදිරිපත් කර එම පහසුකම ලබා ගත හැකි වනු ඇති . පැවති අයහපත් කාලගුණික තත්වය සහ ආපදා තත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
උතුරු කොලොම්බියාවේ පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබෙනවා. අනතුරින් තවත් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. බස් රථය අනතුරට ලක්වන විට එහි පුද්ගලයින් 37 දෙනෙකු සිට ඇති අතර රථය අඩි 262ක පමණ ප්‍රපාතයකට පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
පුදුකුඩිඉරිප්පු – දේවී පුරම් ප්‍රදේශයේදී පුරාවස්තු සෙවීමේ අරමුණින් ඉඩමක කැණීම් කරමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු හා සැකකාරියන් දෙදෙනෙකු කැණීම් උපකරණ සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම වැටලීම සිදු කර ඇත්තේ මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මතයි. සැකකරුවන් අවුරුදු 35 ත් 48 ත් අතර වයස්වල පසුවන අනුරාධපුර, ඉනාමළුව, මොරගොඩ හා ගලේවෙල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකාරියන් අවුරුදු 36 හා 45 වයස්වල පසුවන මඩාටුගම හා දේවී පුරම් ප්‍රදේශවල පදිංචිකාරියන් වනවා.
කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර එහිදී කිලෝ 21 කඩ වැඩි මත්ද්‍රවය පෙඅමානයක් සොයා ගැනීමටයි සමත්ව ඇත්තේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මෙරට ප්‍රධානම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවද අනාවරණය වී තිබුනා .
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















