Author: Dhanushka

යාපනයේ ප්‍රදේශයේ නිවසක සගවා තිබූ ආයුධ තොගයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. පොලීසියට ලැබුණු රහසිගත තොරතුරක් මත එම නිවස වටලා පරීක්ෂා කළ අවස්ථාවේදී මෙම ආයුධ හමු වූ බවයි වාර්තා වන්නේ. එම නිවස වටලන අවස්ථාවේ එම නිවසේ අයිතිකරු නිවසින් පලාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. කිසියම් අපරාධයක් සිදු කිරීම සඳහා මෙම ආයුධ තොගය එම නිවසේ සගවා තබන්නට ඇතැයි විශ්වාස කරන බවයි පොලිසියි සඳහන් කළේ.

තව කියවන්​න

සහන මිලට පොල් අලෙවි කිරීමේ ජංගම රථ සේවාවක්, පොල් වගාකිරීමේ මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව මෙම සේවාව අද දිනයේදී මහරගම ප්‍රදේශය ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමටයි එම මණ්ඩලය කටයුතු කර ඇත්තේ. මෙම ජංගම රථයෙන් රුපියල් 100 ත් 120 ත් අතර මිලකට පොල් මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට හැකියාව පවතිනවා.

තව කියවන්​න

ආරුගම්බේ ප්‍රදේශයේ ප්‍රහාර සැලසුම් සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාව රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන තවදුරටත් ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පවසනවා. මෙම සැකකරුවන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. මේ අතර ආරුගම්බේ සිද්ධිය සම්බන්ධයෙන් රජය දියත් කළ ආරක්ෂක වැඩපිළිවෙල පිළිබදව විදේශීය රටවල් බොහෝ ලෙස පැහැදී ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

තව කියවන්​න

මෙම වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 41,700 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඉන්, වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් හඳුනාගෙන තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 10,486 ක් වනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4936 ක් වාර්තා වී ඇති අතර රෝගීන් 2306 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව බස්නාහිර පළාතෙන් රෝගීන් 17,728 දෙනෙක් වාර්තා වී ඇති බවයි ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ. මේ මාසයේ ගත වු කාලය තුළ පමණක් රටපුරා රෝගීන් 2289 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා.

තව කියවන්​න

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව කොළඹ සහ වන්නි මැතිවරණ දිස්ත්‍රික්ක දෙකෙහි තැපල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීම අද සිදු කරනවා. පසුගිය 23 වනදා තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීම සිදුකළ අතර අධිකරණය නියෝගයක් හේතුවෙන් කොළඹ සහ වන්නි මැතිවරණ දිස්ත්‍රික්ක දෙකෙහි තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීම තාවකාලිකව අත්හිටුවා තිබුණා. නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ මැතිවරණ කොමිසමේ දැනුම් දීම මත ප්‍රාදේශීය තැපල් අධිකාරිවරුන්ගේ අධීක්ෂණය යටතේ අද දිනයේ අදාළ තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීම සිදුවන බවයි. ලබන 30 වනදාට පෙර තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු බෙදාහැර අවසන් කිරීමට කටයුතු කරන බවද නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසා සිටියා.

තව කියවන්​න

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ජන්ද විමසීම හෙට දින පැවැත්වෙනවා. ඒ අනුව ඊට අදාල ඡන්ද පෙට්ටි අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම අද උදෑසන ආරම්භ කෙරුණා. හෙට උදෑසන 7 සිට පස්වරු 4 දක්වා ඡන්දය විමසීම පැවැත්වෙන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළේ . මධ්‍යස්ථාන 48 කදී ජන්ද විමසීම් සිදු කෙරෙන අතර මේ සදහා ලියාපදිංචි වී ඇති ජන්දදායකයින් සංඛ්‍යාව 55,643 ක්. ඡන්ද විමසීම සදහා පිළිගත් දේශපාලන පක්ෂ 8 ක් සහ ස්වාධීන කණ්ඩායමක් තරග වදිනවා. ජන්ද විමසීමේ රාජකාරි කටයුතු සදහා රාජ්‍ය නිලධාරීන් 600 ක් සහ පොලිස් නිලධාරීන් 500 ක් යොදවා ඇති බවයි ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඩබ්ලිව්.…

තව කියවන්​න

එළඹෙන වසරේ ජනවාරි පළමු වැනිදා සිට මත්පැන් බලපත්‍ර අලුත් කිරීමට අදාළ නිෂ්කාශන සහතික ඉල්ලුම් කිරීමේදී කරුණු කිහිපයක් පිළිබදව විශේෂ අවධානය යොමු කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, 2023 – 2024 තක්සේරු වර්ෂය සදහා ආදායම් බදු අනිවාර්යයයෙන් ගෙවා තිබිය යුතු අතර, 2024 – 2025 තක්සේරු වර්ෂයටද මුල් කාර්තු දෙක සදහා ගෙවීම් සිදුකර තිබිය යුතුයි. එමෙන්ම නියමිත පරිදි සමාජ ආරක්ෂණ දායකත්ව බදු ගෙවා තිබිය යුතු අතර, වෙනත් බදු සදහා ලියාපදිංචි වී ඇත්නම් ඊට අදාළ වාර්තා ලබාදී ඒවාද ගෙවා නිමකර තිබිය යුතු වනවා. බදු ගෙවීමට නොමැති නම් ඊට හේතු අයදුම්පතෙහි සඳහන් කළ යුතු අතර, අදාළ නිෂ්කාශන සහතිකය සෘජුවම සුරාබදු දෙපාර්තමේන්තුව වෙත…

තව කියවන්​න

උතුරු පළාතේ වැසි තත්ත්වය තවදුරටත් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එමෙන්ම එම ප්‍රදේශයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවද එහි සදහන්. මේ අතර බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම පුත්තලම, මන්නාරම, යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බව ද සදහන්.

තව කියවන්​න

ඊශ්‍රායලය ගාසා තීරයෙන් සම්පූර්ණයෙන් ඉවත් වන තුරු සටන් විරාමයකට එළඹීම හමාස් සංවිධානය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. එම සංවිධානයේ නියෝජිතයින් පිරිසක් සහ ඊජිප්තුවේ ඉහළ පෙලේ ආරක්ෂක නිලධාරින් පිරිසක් අතර කයිරෝ නුවරදී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන හම්ඩාන් සදහන් කර ඇත්තේ, තම සංවිධානය විසින් රදවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරනු ලබන්නේ ද ඊශ්‍රායලය, ගාසා තීරයෙන් සම්පූර්ණයෙන් ඉවත් වන්නේ නම් පමණක් බවයි.

තව කියවන්​න

නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් කණ්ඩායම් වර්ගීකරණය ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව එක්දින ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් පළමුතැන හිමිව ඇත්තේ ඉන්දීය කණ්ඩායමටයි. ඔස්ටේ්‍රලියානු කණ්ඩායම දෙවන ස්ථානයේත් දකුණු අප්‍රිකාණු කණ්ඩායම තෙවන ස්ථානයේත් පසුවනවා. නවතම එක්දින කණ්ඩායම් වර්ගීකරණයේ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ හත් වන ස්ථානයයි.

තව කියවන්​න