Author: Dhanushka

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 100 කට ආසන්න මුදල් අච්චු ගසා තිබෙන බව වාර්තා වනවා. වෙන්දේසියක් හරහා රුපියල් බිලියන 36 යි දශම 16 ක් සහ මුද්‍රිත මුදල් වාරික වෙන්දේසියක් හරහා දින 7 කට රුපියල් බිලියන 70 ක් එකතු කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මහතා කියා සිටියේ මුදල් මුද්‍රණය කිරීම පිළිබදව මාධ්‍ය තුළ සංසරණය වන පුවත අසත්‍යක් බවයි.

තව කියවන්​න

දේශබන්දු තෙන්නකෝන් මහතා, පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සමක වග උත්තරකරුකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නා. ඒ, අදාල පත්කිරීම අභියෝගයට ලක් කරමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් ගොනු කළ පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි. අදාල පෙත්සම අද මෝසමක් මාර්ගයෙන් කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියා. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා වගඋත්තරකරුවකු ලෙස නම් කිරීමට අවසර දුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉන් අනතුරුව පෙත්සම…

තව කියවන්​න

පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු හෙට සිට ආරම්භ වනවා. මැතිවරණ කොමිසම පැවසුවේ, නොවැම්බර් මස පළමු වැනිදා සහ 4 වනදා යන දිනවලදී ද තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව සලසා දී ඇති බවයි. එම දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින්ට නොවැම්බර් 7 සහ 8 යන දෙදින තුළ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇති බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

තව කියවන්​න

රාජ්‍ය අංශයේ ආරවුල් වැළැක්වීම සහ ආරවුල් නිරාකරණය සඳහා යාන්ත්‍රණයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය විජිත හේරත් මහතා කියා සිටියේ මේ සදහා චක්‍රලේඛයක් ද නිකුත් කර ඇති බවයි.

තව කියවන්​න

පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කර ඇති මෙහොතක අපේක්ෂකයන් විසින් ආධාරකරුවන්ට සහ හිතවතුන්ට සංග්‍රහ කටයුතු කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මේ හේතුවෙන් ඊට අදාළ පහසුකම් ලබාදෙන ස්ථාන සහ හෝටල් හිමිකරුවන්ට ද නීතිමය පියවර ගැනීමට මැතිවරණ පනත යටතේ හැකියාව පවතින බවයි එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටියේ. පසුගිය දිනවල මහනුවර ඇතුළු ප්‍රද්ශ රැසකින් අපේක්ෂකයින් විසින් ආධාරකරුවන්ට සහ හිතවතුන්ට සංග්‍රහ කටයුතු පැවැත්වීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් මැතිවරණ කොමිසම වෙත ලැබී තිබුණා. එම පැමිණිලි වලට අනුව ඇතැම් ස්ථාන වටලා අදාල සාද නතර කිරීමට පියවර ගත් බවයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටියේ.

තව කියවන්​න

දුම්රිය ස්ථානාධිපතිවරුන් බදවාගැනීමේ සහ උසස්වීම් ගැටලුවට විසදුම් ලබා නොදුනහොත් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා කියා සිටියේ තම ගැටලුවට විසදුම් ලබාදීම සදහා රජයට පැය 48 ක කාලයක් ලබාදී ඇති බවයි. දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලන ගැටළු හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් දිගින් දිගටම පිඩාවට පත් වන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . ඒ අනුව දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද සදහන් . ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා .

තව කියවන්​න

ඔස්ටේ‍රලියාවේ සුපිරි පිතිකරුවෙකු සහ කඩුලු රකින්නෙකු වන මැතිව් වේඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. ඒ අනුව, වසර 13 ක ජාත්‍යන්තර ක්‍රීඩා දිවියට සමුදෙන බවයි ඔහු සඳහන් කර ඇත්තේ. මැතිව් වේඩ් සඳහන් කරන්නේ, ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු දුන්නද බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන බවයි. 36 හැවිරිදි ඔහු, සිය රට වෙනුවෙන් ටෙස්ට් තරග 36 ක් සහ සීමිත ඕවර තරග 189 ක් ක්‍රීඩා කර තිබෙනවා. එමෙන්ම ඔහු 20 යි 20 ලෝක කුසලාන තුනකට තරග කර ඇති අතර, 2021 වසරේ ඔස්ටේ‍රලියාව 20 -20 ලෝක ශූරයන් බවට පත්වූ අවස්ථාවේදී එම කණ්ඩායමේ උප නායකයා ලෙසයි ඔහු කටයුතු කරනු ලැබුවේ.

තව කියවන්​න

ඉන්දියාවේ කේරළ ප්‍රදේශයේ කෝවිලක් තුළ සිදු වූ ගිනිගැනීමක් හේතුවෙන් පුද්ගලයින් 150 කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා . විදෙස් මාධ්‍ය වාර්තා කළේ කෝවිලේ පැවති මංගල්‍යයක් අතරතුර එම අනතුර සිදුව ඇති බවයි . අනතුරින් තුවාල ලැබූවන්ගෙන් 08 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය පවසනවා. සිද්ධිය ඇසින් දුටුවන් පවසා ඇත්තේ, මධ්‍යම රාත්‍රීයේ පමණ රතිඤ්ඤා සංදර්ශනයක් පැවති අතර, ඒ හේතුවෙන් ගින්න හටගෙන ඇති බවයි.

තව කියවන්​න

දේශපාලන අරමුණු සඳහා ඩ්‍රෝන යානා තම භූමියට යැවීම සම්බන්ධයෙන් උතුරු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශය දකුණු කොරියාවේ හමුදාවට දොස් පවරා තිබෙනවා. එය රටේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමක් ලෙස යි ඔවුන් හදුන්වා ඇත්තේ. විදෙස් මාධය වාර්තා කළේ, දකුණු කොරියානු ඩ්‍රෝන යානා මෙම මාසය තුළ අවස්ථා තුනකදී උතුරු කොරියාවේ ඔත්තු බැලීම සදහා යොදවා ඇති බවයි.

තව කියවන්​න