- පික්මී සහ ඌබර් කුලී රථ රියදුරන්ට එල්ල වූ ප්‍රහාර ගැන පොලිසියෙන් නිවේදනයක්
- තිස්ස විහාරය ඉදිරිපිටදී අත්අඩංගුට ගත් පිරිස ඇපමත මුදාහරී
- ශ්‍රී ලංකා කාන්තාවෝ ලකුණු 121කට දැවී යයි
- දිස්ත්‍රික්ක දෙකකට තවදුරටත් නායයාමේ රතු නිවේදන
- ලොරි – ලංගම බස් අනතුරේ රියදුරන් දෙදෙනාම රක්ෂිත බන්ධනාගාරයට
- “සීතල” කිලෝ 8කට අධික ප්‍රමාණයක් සමග අයෙක් අත්අඩංගුවට
- ශ්‍රී ලංකාවට ලෝක බොක්සිං සංගමයේ සාමාජිකත්වය හිමිවෙයි
- ඉන්දීය විදේශ ඇමති ලංකාවට
Author: Dhanushka
පුද්ගලික බස් රථයක රියදුරකුට ඇති වූ හදීසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ධාවනය කරමින් තිබූ බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව මැදවච්චිය නගරයේ දී නිවසක් සහිත ගරාජයක් තුළට කඩා වැදී දරුණු රිය අනතුරක් සිදුව තිබෙනවා. මෙම බස් රථයේ පුද්ගලික අඟලුම් හලක සේවකයින් පිරිසක් රැගෙන යමින් සිටි අවස්ථාව්දියි මෙම අනතුර සිදුව ඇත්තේ. මෙම අනතුරින් 13 දෙනෙකු තුවාල ලබා ඇති අතර බරපතල තුවාල ලැබූ 07 දෙනෙකු වැඩිදුර ප්‍රථිකාර සඳහා අනුරාධපුර ශීක්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. මැදවච්චිය පොලිස් රථවාහන අංශය මේ පිළිබඳ වැඩිදුර පරික්ෂණ සිදු කරනු ලබනවා.
කාන්තා පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින කල්පිටිය පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා මාර්තු 12 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. පැමිණිලිකරුට තර්ජනය කිරීම සහ බලපෑම් කිරීම යන චෝදනාව හේතුවෙන් වින්දිතයන් සුරැකීමේ පනතේ විධිවිදාන අනුව සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ. එමෙන්ම අදාළ චෝදනා සම්බනධයෙන් ජාතික පොලිස් කොමිසම විසින් මෙම පොලිස් ස්ථානාධිපතිවරයාගේ සේවය අත්හිටුවීමට ද පසුගියදා පියවර ගත්තා.
ළමා ලිංගික අපයෝජන චෝදනාවන්ට වරදකරුවන් වූ පුද්ගලයින්ගේ නාමලේඛනයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා. එම අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා පැවසුවේ අදාළ පුද්ගලයින්ගෙන් ළමුන්ට පවතින අවදානම පිළිබඳව සලකා බලා මෙම පියවර ගෙන ඇති බවයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි උදය කුමාර අමරසිංහ මහතා මේ බව සඳහන් කළේ.
ජාත්‍යන්තර පන්දුවාර විස්සයි විස්ස නව ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලාංකික ක්‍රිඩකයින් කිහිප දෙනෙකු ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ අනුව කුසල් මෙන්ඩිස් විස්සයි විස්ස පන්දු පිතිකරු ලැයිස්තුවේ පියවර 4කින් ඉදිරියට පැමිණ ඇති අතර ඔහු එම ලැයිස්තුවේ 30 වන ස්ථානයේ රැදී සිටිනවා. එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායක චරිත් අසලංක ද නව පන්දුවාර 20 පිතිකරුවන් වර්ගීකරණයේ පියවර 7කින් ඉදිරියට පැමිණ තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීම් අනුව චරිත්ට හිමිව ඇත්තේ 33 වන ස්ථානයයි. මේ අතර ජාත්‍යන්තර පන්දුවාර විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රිඩකයින් වර්ගීකරණයේ පියවර තුනක් ඉදිරියට පැමිණිමට දසුන් ශානක සමත්ව තිබෙනවා. ඒ අනුව ඔහු නවතම පන්දුවාර විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රිඩකයින් වර්ගීකරණයේ 20 වන ස්ථානයේ…
ගාසා තීරයේ සටන් විරාමයක් ඇති කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර පැවැත්වෙන සාකච්ඡා අසාර්ථක බව විදෙස් මාධ්‍ය පවසනවා. ඊජිප්තුවේ මැදිහත්වීමෙන් දින 3 ක් පුරා පැවති සාකච්ඡා කිසිදු එකඟතාවයකින් තොර වූ බවයි වාර්තා වන්නේ. ලබන සිකුරාදා දිනයේදී රාමදාන් උත්සව සමය ආරම්භ වීමට නියමිත අතර ඊට පෙර දෙපාර්ශවය අතර එකඟතාවයකට එළඹිය යුතු බව ද සදහන්. අමෙරිකාවේ කටාර් රාජ්‍යයේ හා ඊජිප්තුවේ සහභාගීත්වයෙන් පැවැත්වෙන සාකච්ඡා හරහා සති 6 ක සටන් විරාමයක් ආරම්භ කිරීමටයි ඔවුන් මෙම සාකච්ඡා මගින් උත්සහ දරුණු ලැබුවේ.
පාකිස්තාන යුද හමුදාව මඟින් මෙහෙයවන විශේෂ පුහුණු කඳවුරකට පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයන්ව සහභාගී කරවීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතාව නඟා සිටුවීම සඳහායි . මාර්තු 25 වැනිදා සිට අප්‍රේල් 8 වන දා දක්වා මෙම පුහුණු කඳවුර පවත්වනු ලබන්නේ, පාකිස්තානු කණ්ඩායමේ ඉදිරි තරග සංචාර සහ ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින්.
කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා නව පනත් 2 ක් මේ වන විට සම්පාදනය කර කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා. ඇය මෙම අදහස් දැක්වීම සිදු කළේ අද දින පාර්ලිමේන්තු මන්ත්‍රිනි මංජුලා දිසානයක මහත්මිය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්. මෙහිදි ගීතා කුමාරසිංහ මහත්මිය වැඩිදුරටත් කියා සිටියේ එක් පනතක් කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත ලෙස හදුන්වා දිය හැකි අතර අනෙක් පනත ස්ත්‍රී පුරුෂ සමාජ භාවිතයේ සමානාත්මතාවයේ පනත ලෙස හදුන්වා දිය හැකි බවය
වයස අවුරුදු 50 ට වැඩි වැඩිහිටි පුද්ගලයින් තම අක්ෂි පරීක්ෂා කර ගැනීම ඉතා වැදගත් බව සෞඛ්‍ය අංශ පවසනවා. මේ අනුව තම පවුලේ සාමාජිකයෙකුට ග්ලුකෝමා රෝගය තිබේ නම් පවුලේ අනෙක් සාමාජිකයින්ද අක්ෂි පරීක්ෂාව සිදුකර ගැනීම ඉතාම වැදගත් බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සදහන් කළේ. 2024 වර්ෂයේ ලෝක ග්ලුකෝමා සතිය මාර්තු මස 10 වන දා සිට 16 වන දා දක්වා ක්‍රියාත්ම වන අතර මෙවර එය තේමාව වී ඇත්තේ “ග්ලූකෝමාවලින් තොර ලෝකයක් සදහා එක්වෙමු” යන්නයි. මේ අතර මෙරට ජනහනයෙන් සියයට 5 ක ප්‍රමාණයෙන් ග්ලුකෝමා රෝගයට ගොදුරු වී ඇති බව ද විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සදහන් කළා.
පොතුහැර බු`ඵගොල්ල හන්දිය ප්‍රදේශයේ සිදු වූ මාරක රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කුරුණෑගල දෙස සිට කොළඹ බලා ධාවනය වූ එළව`ඵ ප්‍රවාහන ලොරි රථයක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ. එමෙන්ම අනතුරින් බරපතල තුවාල ලැබූ තවත් පුද්ගලයෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවද අප වාර්තාකරු සදහන් කළා.
Получите щедрый бонус в казино 1win прямо сейчас Получите щедрый бонус в казино 1win прямо сейчас Зарегистрируйтесь на платформе 1win и получите моментальный бонус на первый депозит. Просто внесите сумму от 100 рублей и активируйте подарок с помощью специального кода. Не упустите возможность увеличить свой игровой баланс на 100%! Почему именно 1win? Здесь вы найдете широкий выбор азартных игр от известных провайдеров. Играть легко и приятно, а простота навигации по сайту обеспечивает комфортное времяпрепровождение. Дополнительно, присоединяйтесь к регулярным турнирам и акционным предложениям, чтобы увеличить свои шансы на выигрыш. Каждый день – это новая возможность. Откройте для себя захватывающий опыт уже…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222














