- ගිලා බැසීමේ අවදානමකට ලක්ව ඇති බගවන්තලාව ශාන්ත මේරිස් විද්‍යාලය පරීක්ෂාවට ලක්කරයි
- ජීව උණ්ඩ සමග සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
- ජන ජීවිත යථා තත්ත්වයට පත් කරන්න එක්සත් ජාතීන්ගේ සහාය
- විපක්ෂය අන්ත අසරණයි – ඇමති බිමල් – VIDEO –
- ශ්‍රී ලංකාවට සුපිරිම සුපිරි චාන්ස් එකක් !
- සොබා දහම අපිට දඬුවම් දුන්නා – කාදිනල් හිමි – VIDEO –
- විනාශයට පෙර නිමිති පහල වුණා – මිහින්තලා නායක හිමි – VIDEO –
- ශිෂ්‍යත්ව ප්‍රතිඵල වෙනස් වූ සිසුන්ට අයදුම්පත් ඉදිරිපත් කිරීම හෙටින්අවසන්
Author: Dhanushka
අධිවේගී මාර්ගවල අභ්‍යන්තර ආරක්ෂක කටයුතු රක්නා ලංකා සමාගමට පවරා තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය එම කටයුතුවලින් ඉවත්වීමත් සමගයි රක්නා ලංකා සමාගමට එය පවරා තිබෙනවා. මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ පෙරේදා සිට රක්නා ලංකා ආරක්ෂක සමාගමේ නිලධාරීන් මාර්ගයේ ආරක්ෂාව සඳහා යොදවා ඇති බවයි. ඒ සඳහා මසකට රුපියල් මිලියන 12 ක් පමණ වැය වන බව ද මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා.
එළඹෙන 19 සහ 20 යන දෙදින තුළ යළි සංකේත වැඩවර්ජනයකට අවතීර්ණ වීමට සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා. මුදල් අමාත්‍යංශය විසින් සිය ආර්ථික යුක්තිය ඉටු කිරීම සදහා වූ යෝජනාවලියට නිසි විසදුම් ලබානොදීමේ තීරණය අනුව මෙම පියවර ගන්නා බවයි එම සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා කියා සිටියේ. සෞඛ්‍ය වෘත්තිය සමිති 72 ක් මීට පෙර අවස්ථා කිහිපයකදී සෞඛ්‍ය වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළා.
විකල්ප මාර්ග භාවිතා කරමින් උතුරු පළාතේ සිට උතුරුමැද පළාතට මස් සඳහා ගවයින් ප්‍රවාහනය කළ ලොරි රථයක් සමග සැකකරුවන් තිදෙනෙකු මැදවච්චිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තල්ගහවැව, රැඹෑව පදිංචි 45, 25 සහ 54 හැවිරිදි පුද්ගලයින් බව සදහන්. පොලිසිය විසින් සිදු කළ විශේෂ මාර්ග බාධක මෙහෙයුමකදියි හිංසාකාරි ලෙස ගවයින් ලොරි රථයක පටවාගෙන මස් සඳහා රැගෙන යමින් සිටි ඉහත සැකකරුවන් අත් අඩංගුවට ගනු ලැබුවේ. හිංසාකාරි ලෙස ගවයින් 10 දෙනෙකු ඒ වන විට ලොරි රථයට පටවා තිබූ බවත් එහි අනන්‍යතාවය තහවුරු කිරීමට නොහැකි වීම හේතුවෙන් සොරකම් කරගෙන රැගෙන යන ගවයින්ද යන සැකය මත වැඩි දුර පරික්ෂණ සඳහා ,මෙම පිරිස පොලිස්…
ලෝකයේ සිදුවන මරණ අතුරින් බෝනොවන රෝගවලින් සිදුවන මරණ පුමුඛ වේ. ශ්‍රී ලංකාවේ මරණ අතුරින් සියයට 83 ක් බෝනොවන රෝග නිසා ඇතිවන මරණ වේ. බෝනොවන රෝග ඇති කරන ප්‍රධානතම සාධක 4 න් දුම්වැටි භාවිතය පුමුඛ සාධකයක් වේ. දුම්වැටි සහ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිතය පුද්ගලයන්ගේ සතුට, නිදහස අඩාල කරමින් රසවින්දනය සීමා කරන මත්ද්‍රව්‍ය ව්‍යාපාරයක් වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව දුම්කොළ භාවිතය නිසා ලොව පුරා සෑම වසරකම පුද්ගලයන් මිලියන 8 ක් පමණ මරණයට පත් වන අතර ශ්‍රී ලංකාවේ දිනකට පුද්ගලයන් 50 කට ආසන්න ප්‍රමාණයක් අකාලයේ මරණයට පත් කරයි. තවද ශ්‍රී ලාංකිකයන් දිනකට සිගරට් භාවිතය සඳහා රුපියල් මිලියන 520 ක් වියදම් කරයි.
ආනයනික සුදු සීනි, පරිප්පු සහ තිරිඟු පිටි හි තොග මිල පහළ දමා තිබෙනවා. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් සදහන් කළේ මේ අනුව සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 265 ක් දක්වාත්, තිරිගු පිටි කිලෝවක් රුපියල් 175 ක් දක්වා සහ පරිප්පු කිලෝවක් රුපියල් 285 ක් දක්වාත් මිල අඩු කර ඇති බවයි. එළඹෙන උත්සව සමයේදී පාරිභෝගික ජනතාවට කිසිදු බාධාවකින් තොරව එම අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය මිලදීගැනීමට තමන් සතුව තොග පවතින බවද ඔවුන් සදහන් කළා. කෙසේ වෙතත් සුදු සීනි, පරිප්පු සහ තිරිගු පිටි තොග මිල අඩු කළත් සුපිරි වෙළදසැල් සහ සිල්ලර වෙළදසැල්වල එම භාණ්ඩවල මිල අඩු වී නොමැති බවයි වාර්තා වුණේ.
දිස්ත්‍රික්ක 7 ක වී මිලදී ගැනීම සදහා අද සිට අයදුම්පත් නිකුත් කිරීම සහ සාම්පල පරීක්ෂාව ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලය පවසනවා. කුරුණෑගල, අම්පාර, කිලිනොච්චි, මුලතිව්, වව්නියා, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල මෙලෙස හෙට සිට වී මිලදී ගැනීම ආරම්භ කරන බවයි වී අලෙවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පැවසුවේ. මේ වන විට දකුණු පළාතේ වී මිලදී ගැනීම ආරම්භ කර ඇති අතර එලෙස ලබාගත් වී කිලෝග්‍රෑම් ප්‍රමාණය ලක්ෂයකට ආසන්නයි. මෙහිදි නාඩු වී කිලෝවක් රුපියල් 105 කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 120 කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130 ක මුදලකටත් වී අලෙවි මණ්ඩලය මගින් මිලදී ගනු ඇති. කෙසේ වෙතත් වී අලෙවි…
ටික්ටොක් සමාජ මාධ්‍ය තහනම් කිරීම සදහා වන පනත් කෙටුම්පතක් අමෙරිකාවේ එක්සත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කර තිබෙනවා. මේ අනුව අදාළ පනත් කෙටුම්පත බහුතර ඡන්දයෙන් සම්මත වී ඇති අතර එය නීතියක් බවට පත්කිරීම සදහා සෙනෙට් සභාවේ අනුමැතිය හිමි විය යුතු බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ. 2012 වසරේ චීන සමාගමක් විසින් ආරම්භ කරන ලද මෙම යෙදවුම හරහා ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල විය හැකි බවට මත පළ වී තිබුණා. ඒ අනුවයි නීති සම්පාදකයින් විසින් මෙම කෙටුම්පත සකස් කර ඇත්තේ.
යාපනය පන්නෙයි කලපුවට පොලිස් ත්‍රිරෝද රථයක් පෙරළීමෙන් ඊයේ සවස අනතුරක් සිදුව තිබෙනවා. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ යාපනය කෝපායි පොලිසියට අයත් පොලිස් ත්‍රීරෝද රථයක්. පොලිස් විමර්ශනයක් සදහා යමින් සිටින අතරතුරදියි ත්‍රීරෝද රථය මෙම අනතුරට ලක්ව ඇත්තේ. අනතුරින් පොලිස් නිළධාරීන් කිසිවෙකුටත් හානි සිදුව නොතිබු අතර වේගය පාලනය කර ගැනීමට නොහැකිව ත්‍රීරෝද රථය කලපුවට පෙරළී තිබු බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
ඉන්දීය දඟපන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේණීගත කිරීම් අනුව ටෙස්ට් පන්දු යවන්නන් අතර යළිත් පෙරමුණට පැමිණ තිබෙනවා. ඔහු ටෙස්ට් පන්දු යවන්නන් අතර පෙරමුණ ගත් 6 වන අවස්ථාව මෙය වීම විශේෂත්වයක්. එංගලන්තය සමග පැවති 5 වන ටෙස්ට් තරගයේදී කඩුලු 9 ක් දවාගනිමින් ඔහු දැක්වූ විශිෂ්ඨ දක්ෂතා හේතුවෙනුයි මෙලෙස යළි පන්දුයවන්නන් අතර පෙරමුණට පැමිණ ඇත්තේ.
අම්බලන්ගොඩ ඉඩම්තොට ප්‍රදේශයේදී අද අ`ඵයම වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් එම ප්‍රදේශයේ පිහිටි නිවසකට මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර ඇති බවයි පොලිසිය සදහන් කළේ. වෙඩි තැබීමෙන් කිසිවෙකුට තුවාල සිදුව නොමැති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















