Author: Dhanushka

ශ්‍රී ලංකාව, රුසියානු රජය සමග රේගු කටයුතු පිළිබඳ ද්විපාර්ශවීය සහයෝගීතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. රේගු අධ්‍යක්ෂ ජනරාල් පී. බී. එස්. සී. නෝනිස් මහතා සහ රුසියානු ෆෙඩරල් රේගු සේවයේ ප්‍රධානී වී. අයි.පිකලොව් මහතා, රුසියාවේ මොස්කව් නුවර දී මෙම ගිවිසුමට අත්සන් තබනු ලැබුවා. ද්විපාර්ශවීය වෙළෙඳ ගනුදෙනුවලදී රේගු කටයුතු නීත්‍යානුකූලව සහ විධිමත්ව පවත්වා ගෙන යාම සදහා මෙන්ම දෙරට අතර වෙළෙඳාම වර්ධනය කර ගැනීම අරමුණු කරගනිමින් මෙම ගිවිසුම අත්සන් තබා තිබෙනවා.

තව කියවන්​න

චීන රජය විසින් මෙරටට රුපියල් මිලියන 400 කට ආසන්න වටිනාකමකින් යුත් මානුෂීය ආධාර ද්‍රව්‍ය තොගයක් ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ, පසුගියදා මෙරටට ගංවතුර ආපදා කටයුතු වෙනුවෙන් ලබා දුන් ආධාරයට අමතරව බවයි චීන තානාපති කාර්යාලය සිය නිල ඞ ගිණුමෙහි සඳහන් කර තිබෙන්නේ.

තව කියවන්​න

පළපුරුදු පුද්ගලයින් මෙන්ම නවක පුද්ගලින්ද පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පාර්ලිමේන්තුව ආරක්ෂා කිරීම සදහා සුදුසුම පුද්ගලයින් පිරිස නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ සිටින බවයි දඹුල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ.

තව කියවන්​න

වත්මන් ජනාධිපතිවරයා ජනතාවට ලබාදුන් පොරොන්දු කඩකරමින් ජනතාව අතරමන් කර ඇති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මැද කොළඹ පැවැති ජන හමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළා.

තව කියවන්​න

රට තුළ පොල් නිෂ්පාදනයේ අඩුවීමක් ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා පවතිනු ඇති බව පොල් පර්යේෂණ ආයතනය පවසනවා. එහි අධ්‍යක්ෂ ආචාර්ය නයනි ආරච්චිගේ මහත්මිය සඳහන් කළේ, පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ මෙරට පොල් නිෂ්පාදනයේ පැහැදිලි අඩුවීමක් දක්නට ලැබෙන බවයි. නිසි කලට වර්ෂාපතනය නොලැබීම සහ උෂ්ණත්වය ඉහළ යාම පොල් නිෂ්පාදනය අඩුවීමට හේතු වී ඇති බවයි නයනි ආරච්චිගේ මහත්මිය වැඩිදුරටත් සදහන් කළේ.

තව කියවන්​න

පාලන මිලට සහල් නිකුත් නොකරන්නේ නම් ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහල් ව්‍යාපාරිකයින්ට අනතුරු ඇඟවා තිබෙනවා. ඒ, මාතර පැවති ජන රැලියක් අමතමින්. සහල් අතිරික්තයක් ඇති රටක් ගොඩනැගීමට තම රජය පියවර ගන්නා බවයි ජනරැළිය අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කර සිටියේ.

තව කියවන්​න

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් ඇති බවත් එය ඉදිරි දින කිහිපයේදී ද බලාපොරොත්තු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. උතුරු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදීත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද සඳහන්. ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවමකර…

තව කියවන්​න

වසර 28කට පසුව සිම්බාබ්වේ විසින් බොක්සිං ඩේ ටෙස්ට් තරගයක් පැවැත්වීමට සැලැසුම් කර තිබෙනවා. ඒ, ඇෆ්ගනිස්ථානයට එරෙහිවයි. ලබන වසරේ ජනවාරි මස 02 වන දා බුලවායෝහිදී මෙම තරගය පැවැත්වීමට නියමිතයි. එය සිම්බාබ්වේ ක්‍රිකට් ඉතිහාසයේ ජනවාරි 02 වැනිදා පවත්වන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය වීමත් විශේෂත්වයක්.

තව කියවන්​න

බි්‍රතාන්‍යයේ නව මුදල් ඇමතිනිය වන රැචෙල් රීව්ස් විසින් සිය පළමු අයවැය යෝජනාවලිය ඊයේ දින ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අනුව වසර 30 ක කාලයක් තුළ බි්‍රතාන්‍යය රජයක් හඳුන්වා දුන් විශාලතම බදු වැඩිකිරීම එමගින් යෝජනා කර තිබෙනවා. මෙම අයවැය යෝජනාවලියට අනුව වර්ෂයක් සදහා බදු, පවුම් බිලියන 40 කින් වැඩිකර තිබෙනවා. අයවැය ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරිය සදහන් කර ඇත්තේ රාජ්‍ය සේවය බිඳ වැටීමට කොන්සවේටිව් පාලනය වගකිව යුතු බවයි.

තව කියවන්​න

ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට ගම්පහ දිස්ත්‍රික්කය සඳහා එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයෙන් නාමයෝජනා භාරදී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥවරු ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගැනීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයේ සඳහා ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයෙකු වන කේ.එම්. මහින්ද සේනානායක මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ. එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම හා එහි සාමාජිකයින්, රන්ජන් රාමනායක, ගම්පහ දිස්ත්‍රික්…

තව කියවන්​න