- කොළඹ දිස්ත්‍රික්කයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මෙම මස 09 වැනිදා
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණි බැතිමතෙකු මියයයි
- දුම්රිය කිහිපයක ආසන වෙන් කිරීමේ පහසුකම ඉවතට
- වෛද්‍යවරුන් රට හැර යාමේ අවධානමක්
- මහින්ද රාජපක්ශ සහ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
- ජනාධිපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් අතර හමුවක්
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට
- කොළඹ ලෝටස් පාර වැසෙයි
Author: Dhanushka
පොලිස් නිලධාරීන් වැඩි පිරිසක් මැතිවරණ රාජකාරියේ යෙදී සිටීම හේතුවෙන් පොලිස් ස්ථානවලට ලැබී ඇති පැමිණිලි විභාග කිරීම ප්‍රමාද වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශයක, නියෝජය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා. එම පැමිණිලි කඩිනමින් විසඳීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේ.
ග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකාවේ නියෝජිත කුන්ලේ ඇඩෙනි මහතා අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවුණා. මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ දේශපාලන තුළ ඉහළ යන කාන්තා නියෝජනය පිළිබඳව ඇඩෙනි මහතා සිය ප්‍රසාදය පළ කර තිබෙනවා. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම සදහා සිය සහය ලබා දෙන බව ද ඒ මහතා වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.
අද උදෑසන බදුල්ල දුන්හිඳ මාර්ගයේ සිදු වූ බස්රථ අනතුරින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 3 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් දෙදෙනෙකු ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ සිසුවියන් බව සදහන්. අප වාර්තාකරු පැවසූවේ තවත් 6 දෙනෙකු බදුල්ල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සූරියවැව දක්ෂිණ මණ්ඩපයේ පිරිසක් රැගත් බස් රථයක් අද උදෑසන මෙලෙස අනතුරට ලක්වුණා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ඌව, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව සඳහන්. උතුරු, නැගෙනහිර සහ වයඹ පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. මේ හේතුවෙන් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා…
පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ දෙවන දිනය අදට යෙදි තිබෙනවා. තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම පසුගිය 31 වන දා ආරම්භ වුණා. එහිදී දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලිස් ස්ථාන මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවට අයත් සියලුම කාර්යාලවල නිලධාරින්ට ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව හිමි වුණා. එමෙන්ම අද සහ ලබන 04 වනදා අනෙකුත් රජයේ නිලධාරීන්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.
ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම යටතේ සිදුකෙරෙන තුන්වන සමාලෝචනය පිළිබඳ සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණෙන බව ෂඵත් ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂක, ක්‍රිෂ්ණා ශ්‍රී නිවාසන් මහතා පවසනවා. නව රජය දිවුරුම් දීමෙන් පසු ෂඵත් නියෝජිතයින් සමග ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඵලදායී සාකච්ඡා පැවැත් වූ බව ඒ මහතා අද පැවති විශේෂ සාකච්ඡාවකදි සදහන් කර තිබෙනවා. එමෙන්ම ෂඵත් වැඩසටහනට ඇති කැපවීම ශ්‍රී ලංකාවේ නව රජය යළි තහවුරු කළ බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
දීපවාලි උත්සවය හේතුවෙන් අත්හිට වූ වර්ජනය, යලි හෙට දිනය තුල ක්‍රියාත්මක කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සුමේධ සෝමරත්න මහතා කියා සිටියේ දීපවාලි උත්සනය වෙනුවෙන් අද දිනයේ දී සිය වෘත්තීය ක්‍රියාමාර්ගය නොපැවැත්වෙන බවයි. බදවාගැනීම් හා උසස්වීම් ක්‍රියා පටිපාටිය විධිමත් කිරීම සහ වැටුප් විෂමතා නිවැරදි කිරීම ඇතුළු ඉල්ලීම්වලට විසදුම් ඉල්ලා පෙරේදා දිනයේ දියත් කළ වර්ජනය එදින මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරුණු අතර නැවතත් එය හෙට දිනයේදී යලි ආරම්භ කරන බවයි දුම්රිය ස්ථානාධිපති සංගමය වැඩිදුරටත් සදහන් කරන්නේ.
“හොංකොං සික්සර්ස්’ ක්‍රිකට් තරගාවලියේ අද දින පැවැත්වූ ප්‍රථම තරගයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වුණා. ඕමානයට එරෙහිව පැවති මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 04 ක ජයක් හිමි කර ගනු ලැබුවා. එමෙන්ම බංගලාදේශයට එරෙහිව ශ්‍රී ලංකා පිල තරග කරන දෙවැනි තරගය අද පස්වරුවේදී පැවැත්වීමට නියමිතයි. වසර 7 ක විරාමයකින් අනතුරුව ඇරඹෙන මෙම තරගාවලිය සදහා රටවල් 12 ක් සහභාගි වනවා. දින 3 ක් පුරා පැවැත්වෙන මෙවර “හොංකොං සික්සර්ස්” ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන ඉරිදා පැවැත්වීමට නියමිතයි.
හිස්බුල්ලා සටන්කාමීන් විසින් ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශයට එල්ල කළ රොකට් ප්‍රහාරවලින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් අතරින් සිව් දෙනෙකු කෘෂි කර්මාන්තයේ යෙදී සිටි තායිලන්ත ජාතිකයින් බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. ලෙබනනයට මායිම්ව පිහිටි මෙටුලා නගරය ප්‍රහාරයේ ඉලක්කය වී තිබෙනවා.
2024 – 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ඇති වූ ගැටලුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ අපරාධ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනය ප්‍රමාණවත් නොවන බව මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා. මෙම ගැටළුවට අදාළ පැමිණිලිකාර පාර්ශ්ව වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ විමර්ශන වාර්තාවල පිටපත් ලබාදුන් බවයි එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222