- ජන ජීවිත යථා තත්ත්වයට පත් කරන්න එක්සත් ජාතීන්ගේ සහාය
- විපක්ෂය අන්ත අසරණයි – ඇමති බිමල් – VIDEO –
- ශ්‍රී ලංකාවට සුපිරිම සුපිරි චාන්ස් එකක් !
- සොබා දහම අපිට දඬුවම් දුන්නා – කාදිනල් හිමි – VIDEO –
- විනාශයට පෙර නිමිති පහල වුණා – මිහින්තලා නායක හිමි – VIDEO –
- ශිෂ්‍යත්ව ප්‍රතිඵල වෙනස් වූ සිසුන්ට අයදුම්පත් ඉදිරිපත් කිරීම හෙටින්අවසන්
- උසස්පෙළ විභාග ගැටළු දැනුම් දීමට දුරකථන අංක කිහිපයක්
- රට ගොඩනගන මෙහෙයුමට එකසත් ජාතීන්ගේ සංවිධානයත් එක්වෙයි
Author: Dhanushka
ජනාධිපතිවරණය සහ මහමැතිවරණය එකම දිනයක පැවැත්වීම පිළිබඳව සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව තමන්ට විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැන ගන්නට ලැබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු පැවසුවේ ඒ ආකාරයට ජනාධිපතිවරණය සහ මහමැතිවරණය එකම දිනකදී පැවැත්වීමට කිසිදු නෛතිකමය බාධාවක් නොමැති බවයි.
කොළඹ කලාපයේ පිහිටි මුස්ලිම් පාසල්වල තිබෙන ගැටලු පිළිබදව සොයා බලා ඒවාට කඩිනම් විසදුමක් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ කොළඹ කලාපයේ මුස්ලිම් පාසල් මුහුණ දී තිබෙන ගැටලු පිළිබද ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකට එක්වෙමින්.
විශේෂ පොලිස් කණ්ඩායම් 20 ක් යොදවා සිදුකරනු ලබන මෙහෙයුම්වලදී තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. ඔවුන් සමග විවිධ සම්බන්ධතා පවත්වමින් අපරාධවලට සහය වූ බවට සැකකෙරෙන පුද්ගලයින් 7 දෙනෙකු ද පොලිස් භාරයට ගෙන ඇති බව සදහන්. බස්නාහිර පළාත් උතුරු කොට්ඨාශයේ නිලධාරින් විසින් ගනේමුල්ල ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රද්දො`ඵගම, වැල්ලම්පිටිය, මීගමුව මෙන්ම ගම්පහ සහ ක`ඵතර ඇතු`ඵව දිස්ත්‍රික්ක කිහිපයක සිදුකරන ලද වැටලීම්වලදී අදාළ පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ. පසුගිය 19 වන දා සිට ඊයේ දිනය දක්වා අපරාධ කල්ලි සාමාජිකයින් 252 කු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා, සමගි ජනබලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග ප්‍රසිද්ධ විවාදයකට සූදානම් බව ජාතික ජන බලවේගය ආර්ථික කවුන්සිල සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ සජිත් ප්‍රේමදාස මහතා කැමති නම් විවාදයට පැමිණීමට ජාතික ජන බලවේගය සුදානම් බවයි. ඉදිරි ආණ්ඩුවකදී තම පක්ෂවල ආර්ථික ප්‍රතිපත්තීන් පිළිබඳ මෙම විවාදය සිදු කිරීමට හැකි බවයි ඔහු පවසන්නේ. සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් වන නලින් බණ්ඩාර සහ හර්ෂ ද සිල්වා යන මහත්වරුන් විසින් සිදු කරන ලද අභියෝගය පිළිගන්නා බවත් ඒ බව ලිඛිතව දන්වා එවන ලෙසත් ඔහු ඉල්ලා සිටියා.
පාසල් මාර්ග අරක්ෂක සංසදය මගින් සිසුන් වෙත රිය නිපුණ පදක්කම ලබාදීමෙන් පසුව එම පදක්කම ලැබෙන සෑම උසස් පෙළ හදාරන සිසුවෙකුටම මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන ලිඛිත විභාගයට සහභාගි නොවී ප්‍රායෝගික පරීක්ෂණයකට සහභාගි වී රියදුරු බලපත්‍රය ලබාගැනීමේ හැකියාව පවතිනවා. මෙලෙස පාසල් මාර්ග ආරක්ෂක සංසද පිහිටුවීම සහ පදක්කම් ලබාදීමේ වැඩසටහන අද සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර මෙයට ප්‍රාථමික අංශයේ සිසුන්ගේ සිට උසස් පෙළ හදාරන සිසුන් දක්වා සහභාගිවීමේ අවස්ථාව හිමිවනවා. මීට අමතරව මෙම සංසදය මගින් ජනාධිපති පදක්කම දක්වා කටයුතු කරනු ලබන සිසුන්ට විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලැබීමේදී වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාදීමේ ක්‍රමවේදයක් ද මේ තුළින් සැකසීමට නියමිත බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න…
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ මේ වන විට පෙරමුණ ගැනීමට රාජස්ථාන රෝයල්ස් කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ, ඔවුන් මුහුණදුන් තරග 3 ම ජයග්‍රහණය කරමින්. කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම දෙවන ස්ථානයේත්, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තෙවන ස්ථානයේත් පසුවනවා. ලක්නව් සුපර් ජයන්ට්ස්, ගුජරාට් ටයිටන්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් යන කණ්ඩායම් පිළිවෙලින් සිව්වන, පස්වන සහ හයවන ස්ථානයන්හි පසුවනවා.
දිවුලපිටිය නගරයේදී ගජමුතුවක් රුපියල් ලක්ෂ 45 කට අලෙවි කිරීමට සූදානමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සන්තකයේ තිබූ ගජමුතුව ග්‍රෑම් 7 ක බරකින් යුක්ත බවයි පොලිසිය සඳහන් කළේ. එම සැකකරු 27 හැවිරිදි හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් දිවුලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ෆින්ලන්තයේල වැන්ටා නගරයේ පාසලක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා. එරට වෙලාවෙන් අද උදෑසන එම වෙඩි තැබීම සිදුකර ඇති බවයි විදසේ මාධ්‍ය වාර්තා කරන්නේ. සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව එරට පොලීසිය සඳහන් කරනවා. විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව එම පාසලේ සිසුන් 800 ක් සහ කාර්ය මණ්ඩලයේ 90 ක් පමණ දෙනා එම අවස්ථාවේදි සිට තිබෙනවා.
මාලිගාවත්ත ඇපල්වත්ත මිලානියා නිවාස සංකීර්ණයට යාබද පාලමක් යට තිබී හිමිකරුවෙකු නොමැති විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ එයට යොදන ජිව උණ්ඩ තොගයක් සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසනවා. ජර්මනියේ නිෂ්පාදිත රිවෝල්වර වර්ගයේ ගිනි අවිය සහ ජිව උන්ඩ 21 ක් එහි තිබී සොයාගෙන තිබෙනවා. පාතාල සහ සංවිධානාත්මක අපරාද කල්ලි මෙන්ම මත්ද්‍රව ජාවාරම මැඩලීමේ මෙහෙයුමේ නිරත කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත කණ්ඩායම සිදුකළ මෙහෙයුමකදීයි මෙම ගිනි අවීය හා ජීව උණ්ඩ තොගය සොයාගෙන ඇත්තේ.
සිරියාවේ ඩැමස්කස් අගනුවර ඉරාන තානාපති කාර්යාල ගොඩනැගිල්ලට ඊශ්‍රායල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඉරාන විප්ලවවාදී ආරක්ෂක අංශය පැවසුවේ එහිදී නිලධාරීන් 7 දෙනෙකු මිය ගොස් ඇති බවයි. මෙලෙස තානාපති කාර්යාලය ඉලක්ක කර ගනිමින් එල්ල වී ඇත්තේ මිසයිල ප්‍රහාරයක් බවත් ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි වාර්තා වන්නේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222














