- ජන ජීවිත යථා තත්ත්වයට පත් කරන්න එක්සත් ජාතීන්ගේ සහාය
- විපක්ෂය අන්ත අසරණයි – ඇමති බිමල් – VIDEO –
- ශ්‍රී ලංකාවට සුපිරිම සුපිරි චාන්ස් එකක් !
- සොබා දහම අපිට දඬුවම් දුන්නා – කාදිනල් හිමි – VIDEO –
- විනාශයට පෙර නිමිති පහල වුණා – මිහින්තලා නායක හිමි – VIDEO –
- ශිෂ්‍යත්ව ප්‍රතිඵල වෙනස් වූ සිසුන්ට අයදුම්පත් ඉදිරිපත් කිරීම හෙටින්අවසන්
- උසස්පෙළ විභාග ගැටළු දැනුම් දීමට දුරකථන අංක කිහිපයක්
- රට ගොඩනගන මෙහෙයුමට එකසත් ජාතීන්ගේ සංවිධානයත් එක්වෙයි
Author: Dhanushka
කණ්ඩායමේ සාමාජිකයන් නිසි වේලාවට සුදුසු ක්‍රියාමාර්ග ගැනීම හේතුවෙන් බංගලාදේශයට එරෙහිව පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කිරීමට හැකි වූ බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වා පවසනවා. මෙම තරගාවලියේදි සියයට සියයක් දස්කම් දැක්වීමට නොහැකි වුවද කණ්ඩායමේ වැරදි නිවැරදි කරගනිමින් ඉදිරි තරග සදහා මුහුණ දීමට කටයුතු කරන බවයි ඔහු සදහන් කළේ. බංගලාදේශ තරගාවලිය නිමා කර යළි මෙරටට පැමිණීමෙන් පසු කටුනායක ගුවන් තොටුපලේදී මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් පළ කළා.
මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු අනාවරණය කරගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා. ඒ, යුක්තිය මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රඳවාගෙන සිදුකළ ප්‍රශ්න කිරීමකදියි. කුලී නිවසක් තුළ රැඳී සිටිමින් දිවයින පුරා සූක්ෂම ලෙස මත්ද්‍රව්‍ය බෙදාහැරීමට මෙම සැකකරු කටයුතු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඊශ්‍රායලයට ආයුධ විකිණීම නවත්වන්නැයි බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක්ට එල්ල වන පීඩනය වැඩි වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. ගාසා තීරයේදී ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් බ්‍රිතාන්‍ය ජාතිකයින් තිදෙනෙකු ඇතුළු සහන සේවකයන් හත් දෙනෙකු මියයාමෙන් පසුයි බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක්ට මෙම පීඩනය එල්ල වී ඇත්තේ. බ්‍රිතාන්‍යයේ විරුද්ධ පක්ෂ තුනක් හා පාලක කොන්සර්වේටිව් පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු කියා සිටියේ බ්‍රිතාන්‍ය රජය ආයුධ අලෙවිය අත්හිටුවීම ගැන සලකා බැලිය යුතු බවයි. එම ප්‍රහාරයෙන් ඕස්ටේ්‍රලියානු, බ්‍රිතාන්‍ය හා පෝලන්ත ජාතිකයන් මෙන්ම පලස්තීන, ඇමෙරිකා – කැනඩා ද්විත්ව පුරවැසියෙකු ද මිය ගියා. කෙසේ වෙතත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළේ මෙම ප්‍රහාරය පිලිබඳ ස්වාධීන පරීක්ෂණයක් පවත්වන බවයි.
විභාග උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ගේ දීමනා ඉහළ නැංවීමට රජය තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා සඳහන් කළේ ඒ සඳහා විද්වත් කමිටුවක් පත්කර කමිටු වාර්තාවට අනුව දීමනා වැඩිකිරීමේ තීරණය ඉදිරි සති කිහිපය තුළ ක්‍රියාත්මක කරන බවයි. උසස් පෙළ උත්තරපත්‍ර ඇගයීම් කටයුතු සඳහා පරීක්ෂකවරුන් 19,000 ක් සහභාගී වීමට නියමිතයි. එමෙන්ම සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමට පරීක්ෂකවරුන් 35,000 ක් සහභාගී වන බවයි සඳහන් වන්නේ.
උත්සව සමයේ සිදුවන හදිසි අනතුරු සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පැවැත් වූ මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍යවරුන් මෙන්ම පොලිසිය ප්‍රකාශ කළේ සෑම වසරකම අප්‍රේල් මාසයේදී හදිසි අනතුරු හා මාර්ග අනතුරුවල වැඩිවීමක් පෙන්නුම් කරන බවයි.
මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ප්‍රවීණ රංගන ශිල්පි දමිතා අබේරත්න මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමෙන් අනතුරුවයි මෙලෙස ඇයව අත්අඩංගුවට ගෙන ඇත්තේ. දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ විමර්ශයක් ද ආරම්භ කර තිබු අතර අධිකරණය විසින් ඔවුන්ට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද පනවා තිබුණා. දකුණු කොරියාවට යොමුකරන බව පවසා දමිත අබේරත්න මහත්මිය රුපියල් ලක්ෂ 30 ක මුදලක් වංචා කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා.
ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාවේ මත්ස්‍ය අස්වැන්න නෙලාගැනීම හේතුවෙන් වාර්ෂිකව ඩොලර් මිලියන 2000 ක මුදලක් මෙරටට අහිමි වන බව ආර්ථික අර්බුදය සමනය කිරීම පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා. ඒ අනුව මෙම ක්‍රියාවලිය නතර කිරීමට කඩිනම් පියවර ගැනීමට අදාළ නිලධාරීන් දැනුවත් කළ බවයි එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතා සදහන් කළේ.
රජය ගත් නිවැරදි තීන්දු තීරණ නිසා ඉහළ ගිය එළව`ඵ මිල නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ අනුව ජනතාව අඩු මිලට එළව`ඵ මිලදී ගැනීමට කටයුතු කළ යුතු බවයි අමාත්‍යවරයා සදහන් කරන්නේ.
සමගි ජනබලවේගයේ නව සන්ධානය එළිදැක්වීමේ පළමු පියවර හෙට දිනයේදී ක්‍රියාත්මක කරන බව එම පක්ෂයේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසනවා. එම අවස්ථාවට ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් 6 දෙනෙකු එහිදි එක්වීමට නියමිත බවයි ඔහු සදහන් කළේ.
ජන අරගල ව්‍යාපාරය විසින් පසුගියදා කොළඹදී පැවැත්වූ විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ලහිරු වීරසේකර, දුමින්ද නාගමුව සහ රත්කරුව්වේ ජිනතරන හිමි ඇප මත මුදා හරින ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කර තිබෙනවා. ඔවුන් තිදෙනාට ඇප ලබා දෙන ලෙස නීතිඥ මඩුල්ල සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කර තිබෙනවා. සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කර නොමැති අතර ස්කයිප් තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කළ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදුකළ බවයි අප අධිකරණය වාර්තාකරු පැවසුවේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















