Author: Dhanushka
මියන්මාරයේ අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 15 දෙනාට එරට රජය විසින් පොදු සමාවක් ලබා දී තිබෙනවා . මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් මේ බව තහවුරු කරනු ලැබුවා . පසුගිය දෙසැම්බර් මාසයේ දී එම පිරිස මියන්මාර බලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුන්ට වසර 7 ක සිරදඬුවමක් නියම කෙරුණා .
ඉදිරි කාලසීමාව තුළ ආහාර පාන සම්බන්ධයෙන් ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ පවසනවා. සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ජනතාව රසකැවිලි ඇතුළු විවිධ ආහාර වර්ග වැඩි වශයෙන් පරිභෝජනය කරන බැවින් රුධිරයේ සීනි මට්ටම සහ මේදය ඉහළ යා හැකි බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ. ඒ අනුව අනවශ්‍ය පරිදි රුධිරයට සීනි එක්වීම වැළකෙන ආකාරයේ ආහාර රටාවක් අනුගමනය කිරීම වඩා වැදගත් වන බවයි පෝෂණ වෛද්‍ය, විශේෂඥ ජානක මාරසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.
අලුත් අවුරුද්ද සඳහා ගම්බිම් බලා ගිය මගී ජනතාවගේ පහසුව සඳහා අද දිනයේදීත් බස් රථ වැඩි ධාරිතාවයකින් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසනවා . එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, දිවයින පුරා බස්රථ 9,000 ක් යොදවා ඇති බවයි . අද සිට සමාන්‍ය පරිදි දුම්රිය ධාවන කටයුතු සිදුකරන බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී එන්. ජේ. ඉඳිපොලගේ මහතා පවසනවා . දුම්රිය රියදුරන්ගේ සංගමයේ සභාපති චන්දන වියන්දුව මහතා සඳහන් කළේ, සියලුම රියදුරන් ධාවනාගාර වෙත පැමිණීම හේතුවෙන් ගැටලුවකින් තොරව දුම්රිය ධාවනය සිදුකළ හැකි බවයි .
දෙහිවල ජාතික සත්වෝද්‍යානය වාර්තා ගත ආදායමක් උපයා තිබෙනවා. ඒ, අප්‍රේල් 13, 14 හා 15 යන දින තුන ඇතුළත රුපියල් ලක්ෂ 47 කට අධික අදායමක් බවයි සඳහන් වන්නේ. එම දින තුනෙන් වැඩිම ආදායමක් උපයා ඇත්තේ 15 වැනි දිනයේ වන බවයි වාර්තා ඇත්තේ. දෙහිවල ජාතික සත්වෝද්‍යානය නැරඹිම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පුද්ගලයින් පැමිණ ඇති බව ද වාර්තා වෙනවා.
අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු ලබන සිකුරාදා දින පවුලේ සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බව පවුලේ ඥාතීන් පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම මහතා විදුලිසැර වැදීමක් හේතුවෙන් කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මිය යනවිට ඔහු 64 වැනි වියෙහි පසු වුණා.
නව වීසා ක්‍රමවේදය සහ නව මාර්ගගත ක්‍රමවේදය අද සිට ක්‍රියාත්මක බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවාග නව වීසා ක්‍රමවේදයල ඊට අදාළ ගාස්තුල සපුරාලිය යුතු අවශ්‍යතා සහ මෙරට රැඳී සිටිය හැකි කාලසීමාව පිළිබද විස්තර පසුගිය දා අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කරනු ලැබුවාග නව ක්‍රමවේදය හරහා රටවල් රැසක සිට ඔන්ලයින් ඔස්සේ වීසා අයදුම් කළ හැකි බවයි ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සදහන් කළේග
2023 – 2024 අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සදහා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව පාසල් අයදුම්කරුවන්ට විදුහල්පතිවරුන් මාර්ගයෙන් විභාග ප්‍රවේශපත්‍ර ලබාගත හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. එමෙන්ම පෞද්ගලික අයදුම්කරුවන්ට තැපැල් මගින් විභාග ප්‍රවේශපත්‍ර යොමු කිරීමට කටයුතු යොදා තිබෙනවා. සාමාන්‍ය පෙළ විභාගය ලබන 6 වන දා ආරම්භ වීමට නියමිතයි.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2024 දී සියයට 1.9 ක මධ්‍යස්ථ වර්ධනයක් පෙන්නුම් කරන බව ආසියානු සංවර්ධන බැංකුව ප්‍රකාශ කරනවා. එම ප්‍රකාශනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එළඹෙන 2025 වසරේ එම වර්ධනය සියයට 2.5 ක ප්‍රමාණයක් දක්වා ඉහළ යනු ඇති බවයි.
රට වෙනුවෙන් යුධ වැදී ආබාධයට පත් රණවිරුවන් වෙනුවෙන් කළ හැකි උපරිම සේවය සිදු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනධිපතිවරයා සඳහන් කරන්නේ සිය අයිතීන් ලබා ගැනීම අබාධිත රණවිරුවන්ගේ වගකීමක් බවයි. ආබාධිත රණවිරුවන්ට විදුලි පාපැදි ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කළා.
අලුත් අවුරුද්ද වෙනුවෙන් ලක්ෂ 13 කට අධික මගී ජනතාවක් ගම්බිම් බලා යාමට නියමිත බව ජාතික ගමනාගමන කොමිසම පවසනවා. ඒ අනුව ඔවුන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීම වෙනුවෙන් අද දිනයේ විශේෂ වැඩසටහන් ක්‍රියාවට නැංවීමට සැළසුම් කර ඇති බව සදහන්. එහිදී ප්‍රධාන කොටස් 05 ක් යටතේ බස්රථ ධාවනය කිරීම සඳහා සැළසුම් සකස් කර තිබෙනවා. ඒ අනුව සාමාන්‍ය ගමන් වාර සංඛ්‍යාවට වඩා ගමන් වාර 700 ක් අතිරේකව ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය පැවසුවේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















