Author: Dhanushka

ලබන වසරේ දී පාසල් සිසුන්ට අවශ්‍ය සම්පූර්ණයෙන් නිල ඇඳුම්, පරිත්‍යාග කිරීමට චීන රජය සූදානම් බව මෙරට චීන තානාපති චී ෂෙන් හොන්ග් පවසනවා. ඔහු මේ බව සදහන් කර ඇත්තේ, ගම්පහ කැප්පෙටිපොළ ජාතික පාසලේ පැවති අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් සිසුන්ට ශිෂ්‍යත්ව ලබා දීමේ අවස්ථාවට එක්වෙමින්. මෙරට පාසල් සිසුන් සදහා පසුගිය වසරේ දී සියයට 70ක් සහ මේ වසරේ දී සියයට 80ක් චීනය විසින් නිල ඇදුම් පරිත්‍යාග කර ඇති බව සදහන්. ඒ අනුව, ලබන වසරේ දී සියයට සියයක් පාසල් සිසුන්ට අවශ්‍ය නිල ඇඳුම් පරිත්‍යාග කිරීමට සිය රජය සූදානම් බවයි මෙරට චීන තානාපති චී ෂෙන් හොන්ග් එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද පත්‍රිකාව සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ පොළොන්නරුව, මොණරාගල සහ කෑගල්ල මැතිවරණ කොට්ඨාශවල ඡන්ද පත්‍රිකා එක් තීරුවක පමණක් මුද්‍රණය කර ඇති බවයි. කෙසේ වෙතත්, දිවයිනේ අනෙකුත් මැතිවරණ කොට්ඨාශවල ඡන්ද පත්‍රිකා තීරු දෙකකට මුද්‍රණය කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. තමන් ඡන්දය ලබාදෙන පිළිගත් දේහපාලන පක්ෂයේ නම සහ ලකුණ ඉදිරියෙන් හෝ ස්වාධීන කණ්ඩායමේ අංකය සහ ලකුණ ඉදිරියෙන් ඇති හිස් කොටුව තුළ කතිර ලකුණ යෙදිය යුතු වනවා. එමෙන්ම, අපේක්ෂකයන් තුන් දෙනෙකුට සිය මනාපය පළ කළ හැකි බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ. ඒ සදහා ඡන්ද පත්‍රිකාවේ එක් එක් අපේක්ෂකයාට වෙන් කර දී ඇති…

තව කියවන්​න

මෙරට බැංකු විසින් ක්‍රියාත්මක කළ පරාටේ නීතිය හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින් 127 දෙනෙකු ඉකුත් වසරේ මුල් කාලය වන විට සියදිවි හානිකරගෙන ඇති බව දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යවසායක සංගමය පවසනවා. මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ලක්ෂ 4 කට ආසන්න පිරිසක් මෙම නීතිය හේතුවෙන් මේ වන විටත් පීඩාවකට පත්ව ඇති බවයි එම සංගමය වැඩිදුරටත් සදහන් කළේ.

තව කියවන්​න

පෞද්ගලීකරණයෙන් තොරව නිසි ආයතනික ප්‍රතිසංස්කරණයන් තුළින් පමණක් විදුලි බල මණ්ඩලය පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා. විදුලි බල මණ්ඩල සභාපතිවරයා විසින් මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවති සාකච්ඡාවකදී එම තීරණය ගෙන ඇති බව සදහන්. විදුලි බල පනත අනිවාර්යයෙන් සංශෝධනය කිරීමට මෙන්ම රජයට අයත් බලාගාර, සම්ප්‍රේෂණ හා බෙදාහැරීම් ජාලය පෞද්ගලීකරණය නොකිරීමට ද එහිදී සාකච්ඡා වී තිබෙනවා.

තව කියවන්​න

සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපති සුනිල් ජයරත්න මහතා අද එම ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කළා. ඒ, කටුනායක පිහිටි ප්‍රධාන කාර්යාලයේදීයි. ඔහු වසර 37 ක් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ලෙස සේවය කර ඇති අතර වසර තුන හමාරක කාලයක් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ද සේවය කර තිබෙනවා.

තව කියවන්​න

නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද මෝටර් රථයේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳ වන රෂි ප්‍රභා රත්වත්තේ මහත්මියව එළැඹෙන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, ඇයට කළ දැනුම් දීමකට අනූව ගංගොඩවිල අධිකරණය හමුවේ අද පෙනී සිටී අවස්ථාවේදියි. මින් පෙර අවස්ථා කිහිපයකදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය හමුවේ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට ඇයට දැනුම් දීම් සිදු කර තිබුණා. ඒ අනුව ඇය අද දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිට ඇති අතර එහිදී ඇයව අත්අඩංගුවට ගෙන තිබුණා.

තව කියවන්​න

පාකිස්තානයේ ලාහෝර් නගරයට බලපා ඇති වායු දූෂණය හේතුවෙන් පාසල් වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව සතියක කාලයක් පාසල් වසා දැමීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. මේ අතර කාර්යාල සේවකයින්ට ද නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය හඳුන්වා දීමට රජයේ බලධාරින් පියවර ගෙන තිබෙනවා. එමෙන්ම අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී නිවෙස් තුළට වී සිටින ලෙසයි පාකිස්තාන සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දී තිබෙන්නේ.

තව කියවන්​න

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නොවැම්බර් මාසය සඳහා නොවෙනස්ව පවතින බව එහි සභාපති චන්න ගුණවර්ධන මහතා පවසනවා. 2024 නොවැම්බර් මාසයට අදාලව දැනට පවතින මිළ ගණන් එලෙසම පවතින බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690ක් වන අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482ක් වනවා. එමෙන්ම කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694ක් ලෙස පවතිනු ඇති.

තව කියවන්​න

පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කර තිබෙනවා. දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

තව කියවන්​න

ස්පාඤ්ඤයට බලපා ඇති අධික ගංවතුර තත්ත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 158 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවාග එමෙන්ම අවතැන්වූවන් බේරා ගැනීමට 1200ක පමණ පිරිසක් යොදවා ඇති බව ද සඳහන්ග ඪ්කැබජස් ප්‍රාන්තයේ අවම වශයෙන් මරණ 155ක් වාර්තා වී ඇති අතරල ක්‍්ිඑසකක්-ඛ් ඵ්බජය් ප්‍රදේශයේ තවත් මරණ දෙකක් දල ්බා්කමිස් ප්‍රදේශයේහි සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙක් ද මෙසේ මියගොස් ඇති බවටයි මාධ්‍ය වාර්තා කරන්නේග

තව කියවන්​න