Author: Dhanushka

කළුතර – වරකාගොඩ, පහළ කරන්නාගොඩ ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු හදිසියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගිය පුද්ගලයින් තිදෙනා නීතිවිරෝධි මත්පැන් පානය කර ඇති බවටයි ප්‍රදේශවාසින් චෝදනා කළේ. ඔවුන් පසුගිය 27 වනදා රාත්‍රියේ නීතිවිරෝධි මත්පැන් පානය කර ඇති අතර පසුව රෝගාතුර වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තව කියවන්​න

මැයි මස 6 වනදා ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගයට අදාළව උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම හෙට  මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම කාලය තුළ උපකාරක පන්ති සංවිධාන කිරීම, මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම තහනම් බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එමෙන්ම සාමාන්‍ය පෙළ විභාගයට අදාළව අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය, බෙදාහැරීම, ඊට සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම මෙන්ම ළඟ තබාගැනීමද තහනම් වනු ඇති. සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 6 වනදා සිට 15 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

තව කියවන්​න

ගාසා සටන් විරාමය පිළිබද සාකච්ඡා කිරීමට හමාස් නිලධාරීන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට පැමිණ තිබෙනවා. ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අගවා ඇත්තේ සටන් විරාමයකට එකඟවුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිද වැටෙනු ඇති බවටයි. කෙසේ වෙතත් ඊශ්‍රායල හමුදා මාණ්ඩලික ප්‍රධානියා පවසන්නේ යුද්ධය අඛණ්ඩව පවත්වාගෙන යාම තම අරමුණ බවයි. ඊශ්‍රායලය ඊයේ එල්ල කළ බෝම්බ ප්‍රහාර හමුවේ ගාසා තීරයේ ළමුන් සහ කාන්තාවන් ඇතුළු පුද්ගලයින් විසි දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණා.

තව කියවන්​න

මැණික්හින්න රෝහලට රෝගියෙකු ඇතුලත් කිරීමට පැමිණි පිරිසක් හා කාර්ය මණ්ඩලය අතර ඇති වු ගැටුමකින් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. දිගන ප්‍රදේශයේ පදිංචි රෝගීයෙකු මැණික්හින්න රෝහලට  ඇතුලත් කිරීමට පැමිණි අවස්ථාවේදීයි මෙම ගැටුම හටගෙන ඇත්තේ. එහිදි පැමිණි පිරිස සහ කාර්ය මණ්ඩලය අතර බහින් බස්වීමක් ඇතිවීමත් සමග කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකු පැමිණි පිරිසට පහරදී ඇති බවයි පොලිසිය සදහන් කළේ.

තව කියවන්​න

මෙරට ශ්‍රම බලකාය අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා. 2022 වසරේ මිලියන 8.54 ක් වූ ශ්‍රමබලකාය පසුගිය වසරේ මිලියන 8.40 ක් දක්වා පහත වැටී ඇති බව එම නිවේදනයේ සදහන්. ශ්‍රම බළකාය සහ කුටුම්බ ජනගහනය අතර අනුපාතය වන ශ්‍රම බළකා සහභාගීත්ව අනුපාතිකය ද සියයට 49.8 සිට සියයට 48.6 ක් දක්වා පහත වැටී ඇති බව ද මහ බැංකුව නිවේදනය කරනවා.

තව කියවන්​න

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පංති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතාව ඇප මත මුදා හැර තිබෙනවා. වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය විසිනුයි මෙම නියෝගය ලබා දී ඇත්තේ. රුපියල් ලක්ෂ 10 ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලට අදාළව කඳාන පොලිසිය විසින් සන්නස්ගල මහතාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

තව කියවන්​න

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ පාකිස්ථානය අතර සිව්වන පන්දු වාර 20 ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. පාකිස්ථානයේ ලාහෝර් හිදි පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8 ට ආරම්භ කිරීමට නියමිතයි. තරග 5 කින් සමන්විත තරගාවලිය කණ්ඩායම් එක් තරගය බැගින් ජයගෙන සම තත්ත්වයේ පසුවනවා.

තව කියවන්​න

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ තායිලන්ත කාන්තා කණ්ඩායම සමග තරගය අද පස්වරුවේ ආරම්භ වීමට නියමිතයි. පන්දුවාර 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග වටයේ පළමු තරගය ලෙසයි මෙය පැවැත්වෙන්නේ. මෙරට වේලාවෙන් තරගය පස්වරු 4.30 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න

මෙරට ප්‍රථම ස්ටෝබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළිය ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේනතුව පියවර ගෙන තිබෙනවා. නව තාක්ෂණය යොදා ගනිමින් අපනයනය ඉලක්ක කරගත් නව වගාවන් කෙරෙහි ගොවි ජනතාවට යොමු කරවීම මෙහි මූලික අරමුණයි. මේ සදහා ගොවීන් 40 දෙනෙකු තෝරාගෙන ඇති අතර එක් ගොවියෙකු සදහා රුපියල් 7 ලක්ෂ පනස් දහසක මුදලක් ලබා දී තිබෙනවා.

තව කියවන්​න

හිටපු ජනප්‍රිය උපකාරක පංති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කඳාන පොලිසිය විසිනුයි. රුපියල් ලක්ෂ 10 ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලට අදාළව සන්නස්ගල මහතාව අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කරනවා.

තව කියවන්​න