Author: Dhanushka

රට පත්ව තිබූ ආර්ථික අර්බුදයෙන් මිදීමට ජපානය ලබාදුන් සහයෝගය අගය කරන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා. තෙදින නිල සංචාරකයක නිරත වූ ජපාන විදේශ අමාත්‍යවරිය වන යොකෝ කමිකාවා සමග පැවති සාකච්ඡාවකදියි විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. මෙහිදි මෙරට ක්‍රියාත්මක ජපන් ආයෝජන ව්‍යාපෘති නැවත ආරම්භ කරන ලෙස ද විදේශ කටයුතු අමාත්‍යවරයා ජපානයට ආරාධනයක් සිදු කර තිබෙනවා.

තව කියවන්​න

ගිනි අවියක් සමග සැකකරුවන් තිදෙනෙකු මෝදර වෙරළ තීරය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බවයි. සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

තව කියවන්​න

විදුලිය බිල තවත් සියයට 20 කින් පමණ අඩු කිරීමට ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව නිර්දේශ කර තිබෙනවා. ඒ, විදුලිබල මණ්ඩලය පසුගිය මාස තුන තුළදී රුපියල් කෝටි 8200 ක ලාභයක් ඉපයීම හේතුවෙන්. විදුලිය බිල සියයට 20 කි අඩුකර එම සහනය ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින ජනතාවට ලබාදීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ විදුලිබල මණ්ඩලය පියවර ගත යුතු බවයි ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගාමිණි වලේබොඩ මහතා ප්‍රකාශ කළේ.

තව කියවන්​න

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබද කාර්යාලයේ සාමාජික ධූරයන්ගේ පවතින පුරප්පාඩු සදහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා. ඒ සදහා වූ අයදුම්පත්‍ර පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කර ඇති බවයි පාර්ලමේන්තු මාධ්‍ය ඒකකය සදහන් කළේ. ඒ අනුව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර ලබන මැයි මස 27 දින හෝ එදිනට පෙර යොමු කළ යුතු බවද පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය දැනුම් දෙනවා.

තව කියවන්​න

ලෝක කුසලාන පන්දු වාර 20 ක්‍රිකට් තරගාවලියට පෙරහුරුවක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම අද පෙරහුරු තරගාවලියකට එක්වනවා. වනිදු හසරංග, චරිත් අසලංක සහ ජනිත් ලියනගේ යන ක්‍රීඩකයින්ගේ සමන්විත කණ්ඩායම් 3 ක් මෙම තරගාවලියට එක්වනු ඇති. අද සිට ආරම්භ වන මෙම තරගාවලිය ලබන 11 වන දා දක්වා පැවැත්වෙනවා.

තව කියවන්​න

මේ මොහොතේ බස් ගාස්තු අඩු කිරීමක් සිදු නොවන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. බස් සංගම් සමග පැවති සාකච්ඡාවකින් පසුවයි මෙම තීරණය ගෙන ඇත්තේ. පසුගිය 30 වන දා සිදු වූ ඉන්ධන මිල සංශෝධනයත් සමග බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් ලංකා ගමනාගමන මණ්ඩලය සලකා බැලීමක් සිදුකර තිබෙනවා.

තව කියවන්​න

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඩුබායි කපිල නැමැත්තාට අයත් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන තිබෙනවා. ඒ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල අසල සිදුකළ වැටලීමකදියි. සොයාගත් මත්ද්‍රව්‍ය අතර හෙරොයින් කිලෝග්‍රෑම් 13 ක්, හෑෂ් කිලෝග්‍රෑම් 6 ක්, කොකේන් ග්‍රෑම් 500 ක් සහ රුපියල් මිලියන 1.5 ක මුදලක් ද වන බව සදහන්.

තව කියවන්​න

මාර්තු මාසයේදී මෙරට දළ නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 05ක් දක්වා වැඩි වී ඇති බව මහ බැංකුව නිවේදනය කර තිබෙනවා. මෙය 2023 වසර අවසානයේදී තිබූ අමෙරිකානු ඩොලර් බිලියන 4.4 ක දළ නිල සංචිත ප්‍රමාණයට සාපේක්ෂව කැපී පෙනෙන වැඩිවීමක් වනවා. මූලිකවම සංචාරක ඉපැයීම් ද ඇතුළුව 2024 වසරේ මාර්තු මාසයේ දී සේවා අංශය වෙත කැපී පෙනෙන ලැබීම් ප්‍රමාණයක් වාර්තා වීම මෙම නිල සංචිත ප්‍රමාණය ඉහළ යාමට හේතු වී ඇති බව සදහන්. එමෙන්ම, 2024 වසරේ මාර්තු මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණද ඉහළ මට්ටමක පැවතුණු බවයි මහ බැංකුව නිවේදනය කරන්නේ.

තව කියවන්​න

අමෙරිකාවේ ජනප්‍රිය ගිටාර් වාදන ශිල්පියෙක් වූ ඩුවාන් එඩි ජීවිතක්ෂයට තිබෙනවා. 86 හැවිරිදි වියේ පසුවූ ඩුවාන් මියගොස් ඇත්තේ පිළිකා රෝගය වැළඳීම හේතුවෙන්. ”රොක් ඇන්ඩ් රෝල්” සංගීතයේ එක් නිර්මාතෘවරයෙක් ලෙසද ඩුවාන් ගරුබුහුමන් ලැබුවා. 1950 – 60 අතර කාලයේදී සංගීත භාණ්ඩ භාවිතයෙන් ජනප්‍රිය වූ නිර්මාණ රැසක් බිහි කිරීමට ඔහු සමත්වූ අතර ඔහු ග්‍රැමී සම්මානයද හිමිකරගෙන තිබෙනවා.

තව කියවන්​න

ඉන්දු – ලංකා මගී යාත්‍රා සේවය මැයි මස 13 වන දින සිට නැවත ආරම්භ කිරීමට නියමිත වනවා. ඉන්දියාවේ නාගපට්නම් සිට කන්කසන්තුරෙයි වරාය දක්වා මෙම මගී යාත්‍රා සේවය වසර 40 කට පසුව පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී නැවත ආරම්භ කෙරුණා. කෙසේ වෙතත් මෝසම් වැසි හේතුවෙන් සතියකට පමණ පසු එම සේවය තාවකාලිකව අත්හිටවනු ලැබූ අතර යළිත් ලබන 13 වන දා සිට එය ආරම්භ කිරීමට නියමිත වනවා. ඒ අනුව මැයි මස 13 වන දින සිට නොවැම්බර් මස 15 වන දින දක්වා නාගපට්නම් වරායේ සිට කන්කසන්තුරය දක්වා මුහුදු ගමන් සඳහා වන ප්‍රවේශ පත්‍ර අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීම ද ආරම්භ කර ඇති බව සදහන්. එක්…

තව කියවන්​න