- ධම්මිකට ඇප – හිටපු ඇමැති අර්ජුනත් අත්අඩංගුවට ගන්නා බව අධිකරණයට කියයි
- නුවරඑළියේ ආපදාවට පත් පාසල් ළමුන්ට අවශ්‍ය ද්‍රව්‍ය මහා කරුණා බෞද්ධ සංගමයෙන්
- කසළ තේ තොගයක් සමග සැකකරුවක් මාට්ටුයි
- ටී56 වර්ගයේ ගිනිඅවියක් සමග සැකකරුවෙක් පොලිස් දැලේ
- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට
- ගාල්ල මහ නගර සභාවෙත් අයවැය පරාදයි
- රන්වල මන්ත්‍රීවරයා පැදවූ වාහනයේ තිරිංග දෝෂයක් බවට අනාවරණයක්
- පාකිස්තාන රජයෙන් මානුෂීය අධාර තොගයක්
Author: Dhanushka
මන්නාරම සහ පුනරීන් සුළං විදුලි බලාගාර සංවර්ධනය කිරීම සදහා වන අවබෝධතා ගිවිසුම අනුව යෝජිත ව්‍යාපෘති යටතේ නිෂ්පාදනය කරන විදුලිය සදහා කිලෝවොට් පැයකට අමෙරිකානු ඩොලර් ශත 8.26 ක් අවසන් ගාස්තුව වශයෙන් පිළිගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අනුව වසර 20 ක කාලයක් සදහා අදාළ මිලගණන් යටතේ “අදානි ග්‍රීන් එනර්ජී” පුද්ගලික සමාගම විසින් විදුලිය මිලදී ගැනීම සදහා වන ටෙන්ඩරය පිළිගැනීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව සදහන්.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මාසය වන විට ලබාදීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. ඔහු පෙන්වා දුන්නේ සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ පසු පිළිතුරු පත්‍ර ඇගයීම් ක්‍රියාවලිය අදියර දෙකක් යටතේ සිදුකරන බවයි. ඒ සදහා අවශ්‍ය වන පරීක්ෂකවරුන් ගණන 35,000 ක් වන අතර දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3527 කදී ඊයේ දින අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වුණා.
වැටුප් ඇතු`ඵ ගැට`ඵ කිහිපයක් මුල්කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය අද දිනයේදීත් ක්‍රියාත්මක වනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති රාජ්‍ය විශ්වවිද්‍යාල 17 ක සහ උසස් අධ්‍යාපන 17 ක කටයුතුවලට අනධ්‍යන සේවක වර්ජනයෙන් බාධා එල්ල වී තිබෙනවා. ඒ හේතුවෙන් මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අභ්‍යන්තර හා භාහිර අධ්‍යාපනය ලබන සිසුන් ලක්ෂ 2 කට ආසන්න පිරිසක් දැඩි අර්බුදයකට මුහුණ දී ඇති අතර අධ්‍යයන කටයුතු මෙන්ම විභාග කටයුතු ද කල්දැමීමට සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.
දිවයින පුරා ග්‍රාම නිලධාරීන් අදත් අසනීප නිවාඩු වාර්තා කර වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වනවා. දීමනා ඉහළ නොදැමීම ඇතුලු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ඊයේ ඔවුන් මෙම වර්ජනය ආරම්භ කළ අතර ඒ හේතුවෙන් සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවට පත් වුණා. කෙසේ වෙතත් තම වෘත්තිය ගැටලුවලට නිසි විසඳුම් ලබා නොදුනහොත් ලබන සතියේ සිට අඛණ්ඩ වර්ජනයක නිරතවන බවයි ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න කියා සිටියේ. කෙසේ වෙතත් ග්‍රාම නිලධාරීවරුන් වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවද්දී කැකිරාව පලුගස්වැව හිරිවඩුන්න වසම භාර ග්‍රාම නිලධාරීවරයා ඊයේ සේවයට වාර්තා කර තිබූ බවයි වාර්තා වුණේ.
ඊජිප්තුව සහ කටාර් රාජ්‍යයෙන් ඉදිරිපත් කරන ලද සටන් විරාම යෝජනාව පිළිගත් බව හමාස් සංවිධානය ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව හමාස් නායක ඉස්මයිල් හනියේ, මෙම යෝජනාව පිළිගත් බවට කටාර් අග්‍රාමාත්‍යවරයා සහ ඊජිප්තු බුද්ධි අංශ ප්‍රධානියා වෙත දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අතුරුදහන් වූ තැනැත්තන් පිළිබද කාර්යාලයේ සාමාජික ධූරයන්ගේ පවතින පුරප්පාඩු සදහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා. ඒ සදහා වූ අයදුම්පත්‍ර පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කර ඇති බවයි පාර්ලමේන්තු මාධ්‍ය ඒකකය සදහන් කළේ. ඒ අනුව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර ලබන මැයි මස 27 දින හෝ එදිනට පෙර යොමු කළ යුතු බවද පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය දැනුම් දෙනවා.
ග්‍රාම නිලධාරීන් අද සහ හෙට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා. ග්‍රාම නිලධාරීන්ට ඇති වී තිබෙන ගැටලුවලට විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවයි ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න මහතා සදහන් කළේ. ඒ අනුව මෙම ගැටලු සදහා නිසි ප්‍රතිචාර නොලැබුණහොත් මීළඟ ක්‍රියාමාර්ගය සති තුනකට පසු සිදු කරන බව ද ඒ මහතා සදහන් කළා.
ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පැවැත්වීමට කිසිදු ඉඩක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවය විසින් බැසිල් රාජපක්ෂ මහතාට දැනුම් දී තිබෙනවා. ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර අවස්ථා කිහිපයකදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණා. ඒ අනුව ඊයේ දිනයේදී ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තිබෙනවා. මෙහිදි ඉදිරි මැතිවරණ පිළිබදව සාකච්ඡා කළ බවයි ජනාධිපති කාර්යාලය ප්‍රකාශකයෙකු වී නිව්ස් වෙත ප්‍රකාශ කළේ.
දේශීය තේ නිෂ්පාදනය සැලකිය යුතු මට්ටමකින් පහත වැටී ඇති බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසනවා. අයහපත් කාලගුණික තත්ත්වය සහ පොහොර මිල ඉහළ යාම ඊට හේතුව බයි ශ්‍රී ලංකා තේ මණ්ඩලය සදහන් කළේ. ඒ අනුව 2023 වර්ෂයට සාපේක්ෂව මෙම වසරේ පළමු කාර්තුව තුළ දේශීය තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 1.5 කින් පමණ පහත වැටී තිබෙනවා.
කටාර් රාජ්‍යයට අයත් අල් ජසීරා නාලිකාවේ මෙහෙයුම් නවතා දැමීමට ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවාග ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඉදිරිපත් කළ යෝජනාවක් අනුවයි එම තීරණය ගෙන ඇත්තේග ඒ අනුව අල් ජසීරා නාලිකාවේ ප්‍රාදේශීය නියෝජිත කාර්යාලයක් ලෙස භාවිතා කළ ජෙරුසෙලමේ හෝටල් කාමරයක් ඊශ්‍රායල පොලිසිය විසින් වටලා තිබෙනවාග
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















