- දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මකභාවය පිළිබද අනාවරණයක්
- කන්කසන්තුරය අනුරාධපුරය දුම්රිය ගමන් අද සිට ඇරඹෙයි
- උත්සව සමයේ ආරක්ෂාවට විශේෂ මෙහෙයුම් මැදිරියක්
- ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ ශූරතාවය මහනුවරට
- සෝමාවතී – සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දැමෙයි
- පික්මී සහ ඌබර් කුලී රථ රියදුරන්ට එල්ල වූ ප්‍රහාර ගැන පොලිසියෙන් නිවේදනයක්
- තිස්ස විහාරය ඉදිරිපිටදී අත්අඩංගුට ගත් පිරිස ඇපමත මුදාහරී
- ශ්‍රී ලංකා කාන්තාවෝ ලකුණු 121කට දැවී යයි
Author: Dhanushka
දැනට පුරප්පාඩුව පවතින රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ධුරය සඳහා විදේශ සේවයේ ජේ්‍යෂ්ඨ නිලධාරියෙකු තානාපති සේවයට යැවීමට රජය තීරණය කර තිබෙනවා. නව තානාපතිවරයෙකු පත්කරන තෙක් මෙලෙස ජේ්‍යෂ්ඨ නිලධාරියෙකු එම තනතුර සඳහා පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරියගේ කාලය අවසන් වීමත් සමග මේ දක්වා නව තානාපතිවරයෙකු පත් කිරීමට රජය පියවර ගෙන නොමැති බව වාර්තා වන්නේ.
සපුගස්කන්ද තෙල් පිරිපහදුව රජය සතු ව්‍යවසායක් බවට පරිවර්ථනය කිරීමේදී එහි සේවකයින් 650 කට අධික පිරිසකගේ රැකියා අහිමි වීමේ අවදානමක් පවතින බව වාර්තා වනවා. කෙසේ වෙතත් දැනට සිටින සේවකයින්ගෙන් 200ක් පමණ රජය සතු නව ව්‍යවසාය සඳහා බඳවා ගැනීමට ද සැලසුම් කර ඇති බව සඳහන්. ඉතිරි කම්කරුවන් සංචිතයකට යොමු කරන අතර එයින් රජය සතු නව ව්‍යවසාය තුළින් මෙහෙයුම් පවත්වාගෙන යාමට අවශ්‍ය පිරිස් තෝරා ගනු ලබනවා. සපුගස්කන්ද තෙල් පිරිපහදුව ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් වෙන්ව පොදු ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමේ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මේ වන විට අනුමත කර තිබෙනවා . පිරිපහදුවේ පැරණි යටිතල පහසුකම් නවීකරණය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා පවතින ආයෝජන…
`වෙළඳපොළේ ලොකු ලූනු කිලෝවක තොග මිල රුපියල් 50කින් පහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් ලූනු ආනයනකරුවන් දැඩි ලෙස අපහසුතාවයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ ඉන්දියාව විසින් ලොකු ලූනු සඳහා පනවා තිබූ අපනයන සීමාව ඉවත් කිරීම හේතුවෙන් වෙළඳපොළට සීමා ඉක්මවා ලොකු ලූනු තොග පැමිණ ඇති බවයි. මීට අමතරව පසුගිය කාලසීමාවේදී රජය විසින් චීනයෙන්ද ලොකු ලූනු තොග ගෙන්වනු ලැබූවේ ඉන්දියාව ලොකු ලූනු අපනයනයට පැනවූ සීමාවත් සමග ලොකු ලූනු කිලෝග්‍රෑමයක මිල රුපියල් 700 ක් දක්වා ඉහළ යාමත් සමගයි.
ශ්‍රී ලංකා මේස පන්දු සංගමය විසින් සංවිධානය කරනු ලබන දකුණු ආසියානු මේස පන්දු තරගාවලිය ලබන 26 වන දා සිට 29 වන දා දක්වා මහනුවරදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම තරගාවලියේදි වයස අවුරුදු 19 න් පහළ වයස් කාණ්ඩ යටතේ තරග පැවැත්වීමටයි කටයුතු සංවිධානය කර ඇත්තේ. එමෙන්ම තරගාවලිය පිරිමි, කාන්තා ඒකල, කාන්තා, පිරිමි යුගල සහ මිශ්‍ර යන ඉසව් ඔස්සේ පැවැත්වීමට නියමිතයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද 10 වන ලෝක ජල සමු`ඵවේ ඉහළ පෙළේ සැසියේ විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. “සාමුහික සෞභාගය සදහා ජලය” යන තේමාව යටතේ ඉන්දුනීසියාවේ බාලි නගරයේදී ඊයේ ආරම්භ වූ 10 වන ලෝක ජල සමු`ඵවේ ඉහළ පෙළේ සැසිය හෙට අවසන් වීමට නියමිතයි. ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩෝඩෝ ගේ ආරාධනයකට අනුවයි ජනාධිපතිවරයා මෙම සංචාරය සදහා එක්වුණේ.
කල්පිටිය සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු තීරයේ සුළඟේ වේගය විටින් විට පැයට කිමී 60 ත් 70 දක්වා වැඩිවන බවත් මුහුද රළු වන බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. මෙම මුහුදු ප්‍රදේශවල විටින් තද වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ දැක්වෙන අතර ඒ පිළිබඳව අවධානය යොමුකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවගෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.
පලස්තීන ජාතිකයින් ලක්ෂ 7 ක් පමණ රෆා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ සිවිල් වැසියන් දහස් ගණනක් පානීය ජලය හා ආහාර නොමැති වීම හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටින බව වාර්තා වනවා. YouTube ඒ අනුව සතියකට අධික කාලයක් පුරා ඊශ්‍රායලය එම ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් අඛණ්ඩව ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමග සහන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණහිට තිබෙනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වනදා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 35,272 නෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල ලැබු පිරිස 79,205 ක් ලෙසයි සටහන් වන්නේ.
හිටපු යුද හමුදාපති, විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සමගි ජන බලවේගය සමග එක්ව තිබෙනවා. සමගි ජන බලවේගය හා එක්වීමෙන් අනතුරුව ඒ මහතාව සමගි රණවිරු බලවේගයේ ප්‍රධානියා ලෙස පත් කර තිබෙනවා. ජෙනරාල් මහේෂ් සේනානායක මහතා යුද හමුදා සේවයේ සිටියදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයෙන් ලුතිනන් ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හමුදාපති ලෙස උසස් කර තිබෙනවා.
2020 වසරේ ජනවාරි මස 01 වනදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ නාවික හමුදාව එක්ව සිදු කළ වැටලීමකදී මත්ද්‍රව්‍ය සමග පාකිස්ථාන ජාතිකයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් 09 දෙනාට කොළඹ මහාධිකරණය විසින් වසර 10 බැගින් වූ සිරදඬුවම් ද නියම කරනු ලැබුවා. කෙසේ වෙතත් මොවුන්ට එරෙහිව පවරා තිබූ නඩුව කැඳවු අවස්ථාවේදී අදාළ පාකිස්තානු ජාතිකයින් වරද පිළිගත් බැවින් නියම කළ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන් පාකිස්තානයට පිටුවහල් කිරීමට කටයුතු කරන බවයි පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ.
ජංගම දුරකථනයට ඇබ්බැහිවීම හරහා ඇතැම් සිසුන් තම විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු පවා අතරමඟ නතර කර ඇති බවට අනාවරණය වී තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය දේවිකා යසාංජලි ජයතිලක මහත්මිය සඳහන් කළේ දරුවන්ගේ ජංගම දුරකථන භාවිතය සම්බන්ධයෙන් මව්පියන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවයි. ජංගම දුරකථනය ලබාදීම වෙනුවට සිදුකළ යුත්තේ දරුවන් ක්‍රීඩා සෞන්දර්ය සඳහා සහ පරිසරය රසවිඳීමට හුරුකරවීම බවද මහාචාර්ය දේවිකා යසාංජලි ජයතිලක මහත්මිය වැඩිදුරටත් සදහන් කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222














