Author: Dhanushka

2024 මක්කම හජ් වන්දනා සමය ආරම්භ කරමින් එයට සහභාගි වීමට නියමිත 3500 ක් වූ ඉස්ලාම් බැතිමතුන් පිරිසක් අතරින් 68 දෙනෙකුගෙන් යුතු පළමු කණ්ඩායම සවුදි ආරාබිය බලා පිටත්ව ගොස් තිබෙනවා. එම පිරිසෙන් 34 දෙනෙකු කාන්තාවන් බවයි අප ගුවන් තොටුපල වාර්තාකරු සදහන් කළේ. මෙම පිරිස පිටත්ව යාමට පෙර පැවති උත්සවයට බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කාලීඩ් හමඩ් අල් – කන්තානි මහතා සහභාගි වී තිබෙනවා.

තව කියවන්​න

බන්ධනාගාර නියාමකවරුන් පිරිසක් ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීම සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදුකරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඊයේ පෙරවරු 6 සිට අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමටයි බන්ධනාගාර නිලධාරින්ගේ එකමුතුව කටයුතු කරනු ලැබුවේ. ඒ අනුව එලෙස සේවයට වාර්තා නොකළ නියාමකවරුන් සම්බන්ධයෙන් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සදහන් කළා.

තව කියවන්​න

දේශගුණික විපර්යාස සදහා අරමුදල් සැපයීම වෙනුවෙන් බද්ධක් අය කිරීමට ශ්‍රී ලංකාව යෝජනා කර තිබෙනවා. ලෝක ජල සමු`ඵවේ ඉහළ පෙළේ සැසිය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ගෝලීය බදු පැහැර හැරීම ආශ්‍රිත වත්කම්වලින් ඩොලර් ටි්‍රලියන 1.4 ක ලාභයක් හිමිවන බවයි. ඒ අනුව එම ලාභයෙන් සියයට 10 ක බද්දක් දේශගුණික විපර්්‍යාස වෙනුවෙන් අරමුදල් ලෙස යෙදවීමට ජනාධිපතිවරයා සමු`ඵවේදී යෝජනා කර තිබෙනවා. ගෝලීය යුද වාතාවරණ තත්ත්වයන් තුළ අරමුදල් රැස් කිරීමට ගෝලීය රටවල් එක් වුවද දේශගුණික විපර්යාස සදහා මෙතෙක් එම තත්ත්වයක් උදා වී නොමැති බවයි රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සදහන් කළේ.

තව කියවන්​න

පවතින වැසි තත්ත්වයත් සමඟ ඉදිරියේදී පාචනය, ඩෙංගු සහ මී උණ වැනි රෝග ඉහළ යෑමේ අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ වර්ෂාව ආරම්භයත් සමඟ ආහාර සහ ජලය සම්බන්ධයෙන් ජනතාව වැඩි අවදානයක් යොමු කිරීම වැදගත් වන බවයි. මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා රජය විසින් ලබාදෙන ඉන්ධන දීමනාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ක්ෂේත්‍රයේ රාජකාරි සිදුකරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සේවා අඩාල වී ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.

තව කියවන්​න

මෙවර යල කන්නයේ දී දිස්ත්‍රික්ක 15 ක වී වගාව සදහා පළිබෝධ නාශක ඉසීම ඩ්‍රෝන තාක්ෂණය යොදාගනිමින් සිදු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව හම්බන්තොට, මොණරාගල, අම්පාර, මඩකලපුව, පොලොන්නරුව, අනුරාධපුර, නුරවඑළිය, මාතලේ, ත්‍රිකුණාමලය සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල වී වගාව සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදාගනිමින් පළිබෝධනාශක ඉසීමට සැළසුම් කර තිබෙනවා. මේ වනවිට මෙම සෑම දිස්ත්‍රික්කයකම ගොවි ජන සේවා මධ්‍යස්ථාන සඳහා ඩ්‍රෝන යානාවක් බැගින් ලබාදීමට කෘෂි ආංශික තාක්ෂණික සභාව විසින් කටයුතු යොදා ඇති බව එම සභාවේ සභාපති කාවින්ද දිසානායක මහතා පවසනවා.

තව කියවන්​න

දැනට පුරප්පාඩුව පවතින රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ධුරය සඳහා විදේශ සේවයේ ජේ්‍යෂ්ඨ නිලධාරියෙකු තානාපති සේවයට යැවීමට රජය තීරණය කර තිබෙනවා. නව තානාපතිවරයෙකු පත්කරන තෙක් මෙලෙස ජේ්‍යෂ්ඨ නිලධාරියෙකු එම තනතුර සඳහා පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරියගේ කාලය අවසන් වීමත් සමග මේ දක්වා නව තානාපතිවරයෙකු පත් කිරීමට රජය පියවර ගෙන නොමැති බව වාර්තා වන්නේ.

තව කියවන්​න

සපුගස්කන්ද තෙල් පිරිපහදුව රජය සතු ව්‍යවසායක් බවට පරිවර්ථනය කිරීමේදී එහි සේවකයින් 650 කට අධික පිරිසකගේ රැකියා අහිමි වීමේ අවදානමක් පවතින බව වාර්තා වනවා. කෙසේ වෙතත් දැනට සිටින සේවකයින්ගෙන් 200ක් පමණ රජය සතු නව ව්‍යවසාය සඳහා බඳවා ගැනීමට ද සැලසුම් කර ඇති බව සඳහන්. ඉතිරි කම්කරුවන් සංචිතයකට යොමු කරන අතර එයින් රජය සතු නව ව්‍යවසාය තුළින් මෙහෙයුම් පවත්වාගෙන යාමට අවශ්‍ය පිරිස් තෝරා ගනු ලබනවා. සපුගස්කන්ද තෙල් පිරිපහදුව ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් වෙන්ව පොදු ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමේ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මේ වන විට අනුමත කර තිබෙනවා . පිරිපහදුවේ පැරණි යටිතල පහසුකම් නවීකරණය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා පවතින ආයෝජන…

තව කියවන්​න

`වෙළඳපොළේ ලොකු ලූනු කිලෝවක තොග මිල රුපියල් 50කින් පහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් ලූනු ආනයනකරුවන් දැඩි ලෙස අපහසුතාවයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ ඉන්දියාව විසින් ලොකු ලූනු සඳහා පනවා තිබූ අපනයන සීමාව ඉවත් කිරීම හේතුවෙන් වෙළඳපොළට සීමා ඉක්මවා ලොකු ලූනු තොග පැමිණ ඇති බවයි. මීට අමතරව පසුගිය කාලසීමාවේදී රජය විසින් චීනයෙන්ද ලොකු ලූනු තොග ගෙන්වනු ලැබූවේ ඉන්දියාව ලොකු ලූනු අපනයනයට පැනවූ සීමාවත් සමග ලොකු ලූනු කිලෝග්‍රෑමයක මිල රුපියල් 700 ක් දක්වා ඉහළ යාමත් සමගයි.

තව කියවන්​න

ශ්‍රී ලංකා මේස පන්දු සංගමය විසින් සංවිධානය කරනු ලබන දකුණු ආසියානු මේස පන්දු තරගාවලිය ලබන 26 වන දා සිට 29 වන දා දක්වා මහනුවරදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම තරගාවලියේදි වයස අවුරුදු 19 න් පහළ වයස් කාණ්ඩ යටතේ තරග පැවැත්වීමටයි කටයුතු සංවිධානය කර ඇත්තේ. එමෙන්ම තරගාවලිය පිරිමි, කාන්තා ඒකල, කාන්තා, පිරිමි යුගල සහ මිශ්‍ර යන ඉසව් ඔස්සේ පැවැත්වීමට නියමිතයි.

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද 10 වන ලෝක ජල සමු`ඵවේ ඉහළ පෙළේ සැසියේ විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. “සාමුහික සෞභාගය සදහා ජලය” යන තේමාව යටතේ ඉන්දුනීසියාවේ බාලි නගරයේදී ඊයේ ආරම්භ වූ 10 වන ලෝක ජල සමු`ඵවේ ඉහළ පෙළේ සැසිය හෙට අවසන් වීමට නියමිතයි. ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩෝඩෝ ගේ ආරාධනයකට අනුවයි ජනාධිපතිවරයා මෙම සංචාරය සදහා එක්වුණේ.

තව කියවන්​න