Author: Dhanushka

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සත්ව ගොවීන් විසින් පාලනය කරනු ලබන ගවයින් අතර සීග්‍රයෙන් සරම්ප රෝගය පැතිර යාම හේතුවෙන් එම සතුන් බොහොමයක් මියගොස් ඇති බව තලවකැලේ සහ කොටගල භාර රජයේ පශූ වෛද්‍යවරුන් පවසනවා. දේශීය කිරි කර්මාන්තයට මධ්‍යම පළාතෙන් සියයට 33 ක පමණ දියරකිරි නිෂ්පාදන දායකත්වයක් ලබා දෙන බවත් ඉන් සියයට 12 ක් පමණ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ලබාදෙන බවත් මෙම තත්ත්වය හේතුවෙන් දියර කිරි නිෂ්පාදනයට ද දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත් පශු වෛද්‍යවරුන් අවධාරණය කර සිටියා. එමෙන්ම එළදෙනුන් අතර පැතිර යන සරම්ප රෝගය පාලනය කිරීම සදහා එන්නත් ලබා දිය යුතුව තිබුණද ප්‍රමාණවත් එන්නත් නොමැති වීම හේතුවෙන් රෝගය පාලනය කර ගැනීමට නොහැකි වී ඇති බව…

තව කියවන්​න

බිංගිරිය පොලිසියේ ආපනශාලාවේ සේවය කළ කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන පොලිස් සැරයන්වරයකු බිංගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බිංගිරිය පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙක් බවයි පොලිසිය සදහන් කළේ. මෙම ලිංගික අතවර සිද්ධිය පිළිබදව පොලිස්පතිවරයාට යොමු කළ පෙත්සමකට අනුව මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරන ලෙසට පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා.

තව කියවන්​න

ලියාපදිංචි නොකළ දන්සල් අද දිනය තුළදී ලියාපදිංචි කිරීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දන්සල් සංවිධායකවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ මේ වන විට දිවයින පුරා දන්සල් 2200 ක් ලියාපදිංචි කර ඇති බවයි

තව කියවන්​න

බොරැල්ල දේවි බාලිකා විද්‍යාලය අසල තිබූ විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් මේ වන විට මාර්ගය අවහිර වී තිබෙනවා. අද උදෑසන මෙම ගස කඩා වැටීම හේතුවෙන් වාහන කිහිපයකට ද අලාභහානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මේ වන විට කොළඹ නගර සභාව විසින් කඩා වැටුණු ගස ඉවත් කිරීමේ කටයුතුවල නිරත වෙමින් සිටින බව ද සදහන්.

තව කියවන්​න

ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිසට සිදු වූ හෙලිකොප්ටර් අනතුර සම්බන්ධයෙන් ඉරානයේ හිටපු විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයෙකු වන ජාවාඩ් සරීෆ් අමෙරිකාවට චෝදනා එල්ල කර තිබෙනවා. ඔහු පවසන්නේ අමෙරිකාව ඉරානයට පැන වූ සම්බාධක හේතුවෙන් විදෙස් රටවලින් නවීන ගුවන් යානා සහ ගුවන් යානා කොටස් මිලදී ගැනීමට ඉරානයට නොහැකි වූ බවයි. ඒ අනුව ඉරාන ජනතාවට එරෙහිව අමෙරිකාව සිදු කර ඇති අපරාධ ලේඛනයට හෙලිකොප්ටර් යානා අනතුර ද ඇතුළත් වන බවයි ඔහු කියා සිටියේ.

තව කියවන්​න

අධිකරණයට ඉදිරිපත් වු හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියව ඇප මත මුදාහැර තිබෙනවා. සියලු පාර්ශව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් අද මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා. මෙම මෝසම කැදවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයේ පෙනී නොසිටි බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා පුරවැසි භාවය නොමැතිව අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියක ලෙස නම් කර සිටින ඩයනා ගමගේ මහත්මිය සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

තව කියවන්​න

සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරින් රැසකගේ වත්කම් සහ බැරකම් මෙන්ම ඔවුන් විසින් භාවිත කරන බැංකු ගිණුම් පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. අමාත්‍යංශයේ ලේකම්වරුන්ගේ සිට අධ්‍යක්ෂවරුන් දක්වාත්, ඖෂධවේදීන්ගේත් වත්කම් මේ අනුව පරීක්ෂා කිරීමට නියමිතව ඇති බව සදහන්. දැනට අධිකරණය හමුවේ විභාගවන ප්‍රශ්නසහගත බාල ඖෂධ නඩුවේදී අනාවරණය වූ තොරතුරු සහ සිවිල් සංවිධාන මගින් ඉදිරිපත් කර ඇති පැමිණිලි සලකා බලා මෙම විමර්ශන ආරම්භ කර තිබෙනවා.

තව කියවන්​න

නිරත දිග මෝසම් වර්ෂාවත් සමඟ ඉදිරියේදී ඩෙංගු මදුරුවන් බෝ වීමේ වර්ධනයක් සිදුවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ මේ වන විට ඩෙංගු රෝගීන් 23,000ක් වාර්තා වී ඇති බවයි. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර සහ යාපනය යන දිස්ත්‍රික්කවල මේ වන විට ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් පැතිර යමින් ඇති අතර වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවද ඒ මහතා අවධාරණය කර සිටියා. මේ හේතුවෙන් මැයි 26 වන දා සිට ජාතික ඩෙංගු මර්ධන සතියක් නම් කර තිබෙනවා.

තව කියවන්​න

පොදු සමා කාලය තුළදී යුද හමුදා සාමාජිකයින් 15,667 ක් නීත්‍යානුකූලව ඉවත් කර තිබෙනවා. මේ අතර සේවයට වාර්තා නොකොට විදෙස්ගතව සිටි හමුදා සාමාජිකයින් 373 දෙනෙකු නීත්‍යානුකූලව ඉවත් කළ බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර මහතා පවසා සිටියේ. එම පොදු සමා කාලය 2023 දෙසැම්බර් 31 සහ ඊට පෙර සේවයට වාර්තා නොකළ හමුදා සාමාජිකයින් සඳහා ප්‍රකාශයට පත්කර තිබෙනවා. එමෙන්ම ත්‍රිවිධ හමුදාව හැරගිය අය සඳහා ආරෂක අමාත්‍යංශය විසින් මෙම පොදු සමා කාලය ලබා දී තිබුණා.

තව කියවන්​න

විදේශ ගමන් බලපත්‍ර සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියක වශයෙන් නම් කර සිටින හිටපු රාජ්‍ය අමත්‍ය ඩයනා ගමගේ මහත්මිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබෙනවා. මෙරට පුරවැසිභාවය නොමැතිව ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඩයනා ගමගේට එරෙහිව නීතිය අනුව පියවර ගෙන අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරනු ලැබුවා. මේ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධියට අදාළව ඉදිරිපත් කළ වාර්තාවක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසිනුයි මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනාගෙන් ප්‍රකාශයක් සටහන් කර…

තව කියවන්​න