- කොළඹ දිස්ත්‍රික්කයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මෙම මස 09 වැනිදා
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණි බැතිමතෙකු මියයයි
- දුම්රිය කිහිපයක ආසන වෙන් කිරීමේ පහසුකම ඉවතට
- වෛද්‍යවරුන් රට හැර යාමේ අවධානමක්
- මහින්ද රාජපක්ශ සහ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
- ජනාධිපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් අතර හමුවක්
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට
- කොළඹ ලෝටස් පාර වැසෙයි
Author: Dhanushka
කඨින පිංකම් මාර්ගයෙන් දේශපාලන වාසි ලබාගන්නා පුද්ගලයින් පිළිබදව මේ වන විට වාර්තා වී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසනවා. එලෙස මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයින්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද සදහන්.
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනට පැමිණ තිබෙනවා. ඒ, ඔ20 තරග දෙකක් සහ ධෘෂ තරග තුනකින් සමන්විත සුදු පන්දු තරගාවලිය සඳහා සහභාගී වීමටයි. එම තරගාවලිය එළඹෙන සෙනසුරාදා ආරම්භ වීමට නියමිතව ඇති අතර, එය ලබන 19 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. තරගාවලිය දඹුල්ල සහ මහනුවර ක්‍රීඩාංගනවලදී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර තිබෙනවා.
අමෙරිකාවේ ජනාධිපතිවරණය ද අද දින පැවැත්වෙනවා. ඒ අනුව ඉදිරි වසර 5 ක කාලය සදහා ධවල මන්දිරයේ බලය හොබවන්නේ කවුරුන්දැයි යන්න තීරණ කෙරෙනු ඇති. මේ අනුව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජනාධිපති කමලා හැරිස් අතර උණුසුම් ඡන්ද සටනක් මේ වන විට පවතින බවයි වාර්තා වන්නේ.
ඉන්දියාවේ බස් රථයක් පෙරලී යාමෙන් පුද්ගලයන් 36 දෙනෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. හිමාල කඳුකරයේ උත්තර්කාන්ද් ප්‍රාන්තයේ දුෂ්කර මාර්ගයක් ආශ්‍රිතව අනතුර සිදුව ඇති බවයි එම මාධ්‍ය පවසන්නේ. රියදුරුට බසය පාලනය කරගත නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්. අනතුර සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සිය ශෝකය ද පළ කර ඇති බවයි වාර්තා වන්නේ.
කොස්ගොඩ සහ ඉඳුරුව දුම්රිය ස්ථාන අතරතුරදී රේල් පීල්ලක් කැඩී ගොස් තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ හේතුවෙන්, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව ඇතුළත් කරමින් රුපියල් පන්දහසේ නෝට්ටුවක් ව්‍යාජ ලෙස සකස් කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පුද්ගලයා මෙම ව්‍යාජ නෝට්ටුව සකස් කර එය අන්තර්ජාලයට හා සමාජ මාධ්‍යට මුදා හැරීමට කටයුතු කර ඇති බවයි පොලිසිය සදහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරු අතුරුගිරිය කොරතට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තිස් අටක පුද්ගලයෙක් වනවා.
වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුවක් සදහා සෞඛ්‍ය බලධාරීන් විසදුම් ලබා නොදීමට එරෙහිව ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ වෛද්‍යවරුන් අද උදෑසන 8 සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. එම රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සම ලේකම් වෛද්‍ය අසංක කෝණාර මහතා පැවසුවේ අදාළ වෛද්‍යවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් ඇතැම් වෛද්‍යවරු රෝහලෙන් ස්ථාන මාරුවීම් පවා ලබා ගෙන ඇති බවයි.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් අද සිට ලබන 30 වනදා දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ භාරගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව සියලුම පාසල් අයදුම්කරුවන්ට තම පාසලේ විදුහල්පති මගින් ද, පෞද්ගලික අයදුම්කරුවන්ට පෞද්ගලිකව ද තම අයදුම්පත්‍ර ඉදිරිපත් කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. ඊට අදාළ උපදෙස් සහ අයදුම්පත විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකියි.
හෙට පස්වරු 6 සිට අනිද්දා පෙරවරු 6 දක්වා පැය 12 ක කාලයක් බියගම ජල පවිත්‍රාගාරයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ, මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගයේ අත්‍යවශ්‍ය අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන්. ඒ අනුව ජා ඇල, කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීස සභා බල ප්‍රදේශ සහ ජා- ඇල, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222