- දිස්ත්‍රික්ක දෙකකට තවදුරටත් නායයාමේ රතු නිවේදන
- ලොරි – ලංගම බස් අනතුරේ රියදුරන් දෙදෙනාම රක්ෂිත බන්ධනාගාරයට
- “සීතල” කිලෝ 8කට අධික ප්‍රමාණයක් සමග අයෙක් අත්අඩංගුවට
- ශ්‍රී ලංකාවට ලෝක බොක්සිං සංගමයේ සාමාජිකත්වය හිමිවෙයි
- ඉන්දීය විදේශ ඇමති ලංකාවට
- ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ බිරිදට වසර 17 ක සිර දඩුවම්
- මාලිමා මන්ත්‍රීගේ ගංජා වැටලීම කළ පොලිස් නිලධාරියාට ප්‍රහාරයක්
- ආපදා හානි සෙවීමට කමිටුවක්
Author: Dhanushka
කළුතර නගරය හරහා හමා ගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් කළුතර පාලම ආසන්නයේ තිබූ ගසක් කඩා වැටී තිබෙනවා. ඒ හේතුවෙන් ගාල්ලේ සිට කොළඹ දක්වා දිවෙන ප්‍රධාන මංතීරුව අවහිර වී තිබෙනවා. ගස කඩාවැටීමත් සමග මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් හට ගෙන තිබූ අතර මාර්ග යථාතත්ත්වයට පත්කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පසුගිය දින තුන තුළ පාරිභෝගිකයින් ලක්ෂ 3 කට වැඩි පිරිසකට විදුලිය විසන්ධි වී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. සිය නිල ඞ ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ විදුලිය බිඳවැටීමේ සිදුවීම් 36,900 ක් ද ඒ අතර වාර්තා වී ඇති බවයි. ඒ අනුව පැය 24 ක් තුළ විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.
නෙදර්ලන්ත, ස්කොට්ලන්ත සහ අයර්ලන්ත කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් ඊයේ පැවැත්වුණා. එහිදි නෙදර්ලන්ත කණ්ඩායම පරාජයට පත්කරමින් ලකුණු 71 ක ජයක් වාර්තා කිරීමටයි ස්කොට්ලන්ත කණ්ඩායම සමත් වුණේ. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ස්කොට්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 158 ක් රැස් කළා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 14 යි පන්දු 5 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 87 ක් පමණයි.
ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් අයි එස් අයි එස් සංවිධානයේ සාමාජිකයින් ලෙස සදහන් කළ ශ්‍රී ලාංකිකයන් සිව් දෙනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා විමර්ශන කමිටුවක් පත් කර තිබෙනවා. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරුන්ගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව පත් කිරීමටයි කටයුතු කර ඇත්තේ. මෙම ශ්‍රී ලාංකිකයින් සිව් දෙනා පසුගිය 20 වන දා ඉන්දියාවේ අහමදාබාද් ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගනු ලැබුවා.
පසුගිය දින දෙකක කාලය තුළදී කොළඹ නගර සීමාවේ ගස් 20 ක් පමණ කඩා වැටී තිබෙනවා. මේ හේතුවෙන් කොළඹ නගර සීමාවේ අවදානම් සහිත ගස් 200 ක් පමණ හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මේ වන විට ඉන් ගස් 100ක් පමණ ඉවත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ග්‍රාම නිලධාරීන්ගේ වෘත්තිය ගැට`ඵවල විසඳුම් ලබා නොදුනහොත් වෘත්තිය ක්‍රියාමාර්ග දැඩි කරන බවට ඔවුන් අනතුරු අඟවා ඇතැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ග්‍රාමීය මට්ටමේ රාජ්‍ය පරිපාලන නියෝජිතයා වන ග්‍රාම නිලධාරීන්ගේ සේවය පැය අටකට සීමා නොවන බවද ඔවුන්ගේ වෘත්තීය ගැටලු දීර්ඝ කාලයක් පුරා පවතින බවද අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සදහන් කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ හා වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරුන් පත්වීම නීති විරෝධී බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ගොනුකළ අභියාචනා පෙත්සම වැඩිදුර විභාගයට ගැනීම එළඹෙන 31 වන දිනට කල් දමා තිබෙනවාග අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ගොනු කළ අභියාචනා පෙත්සම තෙවැනි දිනට විභාගයට ගත් අවස්ථාවේදීයි මේ සදහා දින නියම කෙරුණේග
පලස්තීන බටහිර ඉවුරේ ජෙනින් නගරයට ඊශ්‍රායල හමුදාව විසින් දරුණු ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඉන් වෛද්‍යවරයෙකු සහ ගුරුවරයෙකු ඇතුළු පලස්තීනුවන් 7 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඊශ්‍රායලය පැවසුවේ ජෙනින් නගරයේ ක්‍රියාත්මක සන්නද්ධ කල්ලි ඉලක්ක කර එම ප්‍රහාරය එල්ල කළ බවයි. ඒ අනුව එම නගරයේ හමාස්, ෆාටා, සහ ඉස්ලාමීය ජිහාඩ් වැනි සන්නද්ධ කණ්ඩායම් ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.
නව කුරුඳුවත්ත ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයකට යටවීමෙන් පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මල්ගොල්ල පටිතලාව ප්‍රදේශයේ පදිංචි 10 හැවිරිදි පාසල් සිසුවියක්. අදාළ අනතුර පිළිබද වැඩිදුර විමර්ශන පොලිසිය මගින් ක්‍රියාත්මක කර තිබෙනවා.
සියලු ජලාශයන් ජලයෙන් පිරී යාමෙන් ජල විදුලි නිෂ්පාදනයේ වැඩි වීමක් සිදුව ඇති බැවින් විදුලි බිලට සහනයක් කඩිනමින් ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටිනවා. ඒ මහතා මෙම ඉල්ලීම සිදුකළේ පාර්ලිමේන්තු සභා වාරය අමතමින්. ජල විදුලි නිෂ්පාදනය පසුගිය 20 වැනිදා වනවිට සියයට 31 දක්වා ඉහළ ගොස් තිබීම හේතුවෙන් විදුලිය නිෂ්පාදනය වැඩිවීමේ වාසිය ජනතාවට ලබා දෙන ලෙසට ඒ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















