Author: Dhanushka

මෝසං වර්ෂාවත් සමග ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ මෙම වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් විසිහතර දහස් හාරසිය අසූ එක්දෙනෙකු වාර්තා වී ඇති බවයි.

තව කියවන්​න

වර්ෂාවත් සමග වෙළදපොලේ එළව`ඵ මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බෝංචි කිලෝග්‍රෑම් 1 ක් රුපියල් 700 දක්වාත්ල මා`ඵමිරිස් කිලෝග්‍රෑම් 1 ක් රුපියල් 480 දක්වාත් ඉහළ ගොස් ඇති බව සදහන්. එමෙන්ම අනෙකුත් එළව`ඵ මිල ගණන් රුපියල් 350 ක සීමාවට පැමිණ තිබෙනවා.

තව කියවන්​න

මාතර, වැලිගම, බටවල ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු එම වෙඩි තැබීම සිදුකර ඇති අතර එහිදි තාප්පයකට වෙඩි වැදීම සිදුව ඇති බවයි පොලිසිය සදහන් කළේ. වෙඩි තැබීමෙන් කිසිවෙකු තුවාල ලබා නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

තව කියවන්​න

කර්මාන්තකරුවන් වෙනුවෙන් විශේෂ ණය යෝජනා ක්‍රම කිහිපයක් එළඹෙන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් කර්මාන්තකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා හඳුනාගෙන වාණිජ බැංකු හරහා සහන පොලී යටතේ ණය ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි කර්මාන්ත අමාත්‍යංශය නිවේදනය කර තිබෙන්නේ. කර්මාන්ත අමාත්‍යංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතා කියා සිටියේ සියයට 7 ත් 8 ත් අතර සහන පොලී අනුපාත මත ණය ලබාදීමට කටයුතු කරන බවයි.

තව කියවන්​න

රුපියල් මිලියන එක් ලක්ෂ හැට දහසක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 29 වන දා සිදුකිරීමට නියමිතව තිබෙනවා. එහිදි දින 91 කින් කල්පිරෙන මිලියන 30,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය සිදුකරන බවයි මහ බැංකුව නිවේදනය කළේ. එමෙන්ම දින 182 කින් කල්පිරෙන රුපියල් මිලියන 50,000 ක සහ දින 364 කින් කල්පිරෙන මිලියන 80,000 ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදි වෙන්දේසි කිරීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අවලංගු කරන ලෙස පාර්ශව රැසකින් ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බව පාළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා. ඒ අනුව පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව ඉදිරිපත් කර ඇති නඩු කටයුතු අවසන් වීමෙන් පසු ඒ පිළිබද සලකා බැලීමට තීරණය කළ බවයි ඔහු සදහන් කළේ. මේ අතර මෙම කරුණ සම්බන්ධයෙන් පෙරේදා පැවති කැබිනට් මණ්ඩලයේදී ද සාකච්ඡා කර තිබෙනවා.

තව කියවන්​න

මහනුවර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට තදවැසි ඇතිවීම හේතුවෙන් ක්ෂණික ගංවතුර ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් එම ප්‍රදේශවල පහත් බිම්වල සිටින ජනතාව පූර්ව සූදානමකින් යුතුව කටයුතු කිරීම ඉතා වැදගත් බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එස්. පී. සී සුගීෂ්වර මහතා කියා සිටියේ.

තව කියවන්​න

ඉදරි මාස කිහිපය තුළ මාලු මිල සීඝ්‍රයෙන් ඉහළ යන බව පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළද සංකීර්ණයේ ව්‍යාපාරික සංගමය පවසනවා. එම සංගමයේ සභාපති ජයකොඩි වික්‍රමආරච්චි මහතා පැවසුවේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත ධීවරයින්ට රැකියාවට යාමට නොහැකි වීම මෙයට හේතු වී ඇති බවයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ද දැඩි සුළං සහිත අයහපත් කාළගුණය හේතුවෙන් ධීවර කටයුතු සීමා කරන ලෙසටයි ධීවර ප්‍රජාවට දැනුම් දී ඇත්තේ.

තව කියවන්​න

මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිරකරුවන් 278 දෙනකුට ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව ලබා දී තිබෙනවා. මෙම සිරකරුවන් අතර කාන්තාවන් දස දෙනෙකු ද සිටින බව සදහන්. මොවුන් අතරින් වැඩිම පිරිසක් නිදහස් ලබා ඇත්තේ මහර බන්ධනාගාරයෙන් වන බවයි බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා සදහන් කළේ.

තව කියවන්​න

LPL තරගාවලියට නියමිත ආකාරයට පැවැත්වීමට කටයුතු සූදානම් කෙරේ එළඹෙන LPL තරගාවලිය නියමිත පරිදි පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බව ලංකා ප්‍රිමියර් ලීග් සංවිධායකයින් ප්‍රකාශ කර තිබෙනවා. දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ අයිතීන් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ලංකා ප්‍රිමියර් ලීග් කටයුතු කළ අතර, එහි හිමිකාරීත්වයේ වෙනසක් සමග මෙම තරගාවලිය ඉදිරියේ දී පැවැත්වෙන බව අදාළ නිවේදනයේ සදහන් වනවා. ඛඡඛ තරගාවලියේ විනිවිඳභාවය සහ ගුණාත්මකභාවය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මෙම පියවර ගත් බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

තව කියවන්​න