Author: Dhanushka

නවදිල්ලි අගනුවර සිට වරණාසි දක්වා පියාසර කිරීමට සූදානම් වූ ඉන්දීය ගුවන් යානයක් තුළ බෝම්බ බියක් හටගැනීම හේතුවෙන් ගුවන් ගමන අවලංගු කර තිබෙනවා. ‘ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත්ල එම මගී යානයේ බෝම්බයක් ඇතැයි ගුවන්තොටුපොළ ආරක්ෂක අංශවලට දැනගන්න ලැබුණේ ගුවන් යානය ඉන්දිරා ගාන්ධි ගුවන්තොටුපොළෙන් ගුවන්ගතවීමට සූදානම් වන අවස්ථාවේදියි. එම අවස්ථාවේදී යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් ද ඇතුළු 176 දෙනකු සිටි බව ඉන්දීය මාධ්‍ය පවසනවා. ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ සහ බෝම්බ නිෂ්ක්‍රීය කණ්ඩායම් පැමිණ යානය හිස් කර යානය සෝදිසි කළ නමුත් පුපුරන ද්‍රව්‍ය කිසිවක් හෝ බෝම්බයක් හෝ හමු නොවුණු බව සදහන්.

තව කියවන්​න

රෆා හි පලස්තීනුවන් විශාල සංඛ්‍යාවක් ඝාතනය කළ ගුවන් ප්‍රහාරයක් ජාත්‍යන්තර හෙළා දැකීම මධ්‍යයේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමාස් සංවිධානයට එරෙහිව අඛණ්ඩ යුද්ධයක් පවත්වාගෙන යාමට ප්‍රතිඥා දී තිබෙනවා. මේ හේතුවෙන් පුද්ගලයින් බොහෝ පිරිසක් මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් 1000 කට වැඩි ප්‍රමාණයක් දරුණු ලෙස පිලිස්සුම් තුවාලවලට ලක්වී ඇති බව ද විදෙස් මාධ්‍ය පවසනවා. මෙම කරුණු සැලකිල්ලට ගනිමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එරට පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ හමාස් සංවිධානය විනාශ කරන තෙක් යුද්ධය අවසන් නොකරනු ඇති බවයි.

තව කියවන්​න

2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තරඟයක් අද පැවැත්වෙනවා. එහිදී නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම තරඟවැදීමට නියමිතයි. මෙම තරඟය මෙරට වේලාවෙන් අද රාත්‍රී 08 ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

තව කියවන්​න

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ දින රැස් වූ අවස්ථාවේදීයි මෙම තීරණය ගෙන තිබෙන්නේ. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 8.50 ක් ලෙස පෙර පැවති මට්ටමෙන්ම පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම තීරණය ගෙන ඇත්තේ උද්ධමනය සියයට 5 ක මට්ටමේ පවත්වාගෙන යාම අරමුණු කරගනිමින්.

තව කියවන්​න

නව කම්කරු නීතියක් සදහා ඉදිරිපත් වී ඇති වත්මන් යෝජනා නතර කරන ලෙසට “ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්” සංවිධානය රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. අදාළ සංවිධානය පෙන්වා දෙන්නේ කම්කරු නීතිවල ප්‍රතිසංස්කරණ සිදුකළ යුත්තේ කම්කරුවන්ගේ සහ ඔවුන්ගේ නියෝජිතයන්ගෙන් නිසි උපදෙස් ලබාගැනීමෙන් අනතුරුව බවයි. එමෙන්ම ජාත්‍යන්තර ප්‍රමිතියෙන් සහ අයිතිවාසිකම් ඉවත් කිරීම මගින් කම්කරු අයිතිවාසිකම්වල ආරක්ෂාව දුර්වල කරන, නියෝජිත නව ප්‍රතිසංස්කරණ පිළිබදව “ඇම්නෙස්ටි සංවිධානය” සිය කනස්සල්ල පළ කර තිබෙනවා.

තව කියවන්​න

තීරු බදු රහිත වාහන පර්මිට් ලබා දෙන ලෙසට මන්ත්‍රීවරුන් කළ ඉල්ලීම මේ සතියේ ජනාධිපතිවරයාට භාර දෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. ඉදිරි මැතිවරණවලට පෙර වාහන බලපත්‍ර ලබා දෙන ලෙසට ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 116 ක් තමන්ට සංදේශයක් භාර දුන් බවයි කථානායකවරයා පවසන්නේ. කෙසේ වෙතත් සමගි ජන බලවේගය, මන්ත්‍රීවරුන්ගේ එම ඉල්ලීමට විරෝධය පළ කරමින් පවසන්නේ රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක එලෙස වාහන ලබා ගැනීම සුදුසු නොවන බවයි.

තව කියවන්​න

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තෙවන 20 යි 20 ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. මෙරට වේලාවෙන් පස්වරු 11 ට මෙම තරගය ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර පැවති තරග දෙකෙන් එකක් ජයගත් එංගලන්ත කණ්ඩායම මේ වන විට තරගාවලියේ 1 ට 0 ක් ලෙස ඉදිරියෙන් පසුවනවා.

තව කියවන්​න

අහුංගල්ල, ලෝකන්වත්ත ප්‍රදේයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට සම්බන්ධ පුද්ගලයෙකු වැලිඔය වෙහෙරතැන්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකා වවුනියාව කඳවුරේ නිලධාරින් විසින් සිදුකළ මෙහෙයුමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරු 23 හැවිරිදි වෙහෙරතැන්න, බෝගස්වැව ප්‍රදේශයේ පදිංචිරුවෙක් බව සදහන්. මෙම වෙඩි තැබීමේ සිද්ධියේදී යතුරුපැදියේ පැදිකරු ලෙස මෙම පුද්ගලයා කටයුතු කර ඇති බවට අනාවරණය වී ඇති බවයි පොලිසිය සදහන් කළේ.

තව කියවන්​න

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානයේ සිය වැනි සමරු උත්සවයට සහභාගී වීම සඳහා ප්‍රංශයේ පැරිස් නුවර බලා පිටත්ව ගියා. එම සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් ද සහභාගී වුණා. ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානයේ ආරාධනයක් අනුවයි අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස මෙම සමුළුවට සහභාගී වීම සදහා පිටත්ව ගොස් ඇත්තේ.

තව කියවන්​න

උතුරු පැපුවානිව්ගිනියාවේ සිදු වූ නාය යෑමෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 670 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පැපුවා නිව්ගිනියාවේ එංගා පළාතේ කඕකලම් ගම්මානයේ මෙම අනතුර සිදු වු අතර නායයාමේ විශාල ගල්, කඩාවැටුනු ගස් කදන් සහ සුන්බුන් අතර තවමත් ජනතාව සිරවී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එමෙන්ම නිවාස 1500 ක් පමණ විනාශ වී ඇති බවද සදහන්. ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 4000කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. තවදුරටත් මුදාගැනීමේ කටයුතු සිදු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තව කියවන්​න