- දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මකභාවය පිළිබද අනාවරණයක්
- කන්කසන්තුරය අනුරාධපුරය දුම්රිය ගමන් අද සිට ඇරඹෙයි
- උත්සව සමයේ ආරක්ෂාවට විශේෂ මෙහෙයුම් මැදිරියක්
- ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ ශූරතාවය මහනුවරට
- සෝමාවතී – සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දැමෙයි
- පික්මී සහ ඌබර් කුලී රථ රියදුරන්ට එල්ල වූ ප්‍රහාර ගැන පොලිසියෙන් නිවේදනයක්
- තිස්ස විහාරය ඉදිරිපිටදී අත්අඩංගුට ගත් පිරිස ඇපමත මුදාහරී
- ශ්‍රී ලංකා කාන්තාවෝ ලකුණු 121කට දැවී යයි
Author: Dhanushka
පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු වෙනුවෙන් ලබන 6 වන දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස් කිරීමට තීරණය කළ බව නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා පාර්ශවය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා සදහන් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව සදහන් කළේ. එදිනම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන් සහ දිස්ත්‍රික් සංවිධායකවරුත් කැඳවන බව ද දුමින්ද දිසානායක මහතා සදහන් කළා.
ගුරු – විදුහල්පතිවරුන්ගේ වෘත්තිය සමිති කිහිපයක් ආරම්භ කළ ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද දෙවන දිනටත් ක්‍රියාත්මක වනවා. වැටුප් විෂමතා ඉවත් කරන ලෙස බලකරමින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමටයි කටයුතු කරනු ලැබුවේ. මේ සදහා රජය නිසි ප්‍රතිචාර නොදක්වන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවයට එරෙහි ජාතික එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සදහන් කළා.
රජය විසින් නියමිත කාලවකවානුවේදී මැතිවරණය පැවැත්විය යුතු බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසුරිය මහත්මිය කියා සිටිනවා. එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනුයි මන්ත්‍රීවරිය මෙම අදහස් පළ කර සිටියේ. මැතිවරණය පැවත්වීමේ බලය ඇත්තේ මැතිවරණ කොමිසමට පමණක් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හරිනි අමරසුරිය මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
ශ්‍රී ලංකාවේ ප්‍රථම ගොල්ෆ් ඇකඩමිය වන “කොන්ඩෝ ගොල්ෆ් ඇකඩමිය” විවෘත කිරීම සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුව ලැබීම සඳහා නවීන තාක්ෂණයෙන් යුතු මෙම නව ඇකඩමිය කොළඹ කාසල් වීදියේ පිහිටුවා තිබෙනවා. මෙම ඇඩකමිය ජේසන් ලියනගේ මහතා විසින් ආරම්භ කළ අතර, හිටපු ප්‍රවීන ගොල්ෆ් ක්‍රීඩක මිතුන් පෙරේරා මහතා විසින් මෙහෙයවීම් කටයුතු සිදු කරනු ලබනවා.
හොංකොං හි විශාලතම ආරක්ෂක නඩුවේදී ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරීන් 47 දෙනෙකුට දඬුවම් නියම කර තිබෙනවා. ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ 2021 වසරේදී නිල නොවන මැතිවරණයක් සංවිධාන කිරීමෙන් රජය පෙරළා දැමීමට උත්සාහ කිරීම සම්බන්ධයෙනුයි. ඒ අනුව මෙම චෝදනාව මත ඔවුන් 47 දෙනා සිරගත කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එම ක්‍රියාකාරීන් අතරට දේශපාලනඥයන් මෙන්ම ශිෂ්‍ය උද්ඝෝෂකයන් ද ඇතුලත් වනවා.
විදුලි බිල සියයට 10 ත් සියයට 20 ත් අතර ප්‍රතිශතයකින් අඩු කිරීමේ හැකියාව පවතින බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා පවසනවා. එමෙන්ම විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කළහොත් විදුලි බිල ඉහළ යාමේ හැකියාවක් පවතින බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
නවතම විස්සයි විස්ස තුන් ඉරියව් ශ්‍රේණිගත කිරිමේ පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිඳු හසරංග සමත්ව තිබෙනවා. බංග්ලාදේශ ක්‍රීඩක ශකීබ් අල් හසන් සමග සම මට්ටමේ සිටි වනිදු හසරංගගේ ප්‍රසාද ලකුණු මට්ටම 228 ක් දක්වා වැඩි වීම හේතුවෙනුයි මෙලෙස ඔහු පළමු ස්ථානයට පැමිණ ඇත්තේ. විස්සයි විස්ස ක්‍රීඩා පිටියේ කැපී පෙනෙන දස්කම් දක්වන වනිඳු හසරංග මීට පෙර ද විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකර ගැනීමට සමත් වුණා.
දීර්ඝ කාලයක සිට බූස්ස ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි බව කියන පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ ගාල්ල බුද්ධි ඒකකයට ලද තොරතුරක් මත බූස්ස ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදීයි මෙම මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ. අත්අඩංගුවට ගත් අවස්ථාවේදී සැකකරු සතුව තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6 යි මිලිග්‍රෑම් 90 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
2024, 20 යි 20 ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වෙනවා. එහිදි සත්කාරක අමෙරිකානු කණ්ඩායම සහ නේපාල කණ්ඩායම තරඟවැදීමට නියමිතයි. මෙම තරගය අද පස්වරු 9 ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 678 කට අයත් පුද්ගලයින් 24,886 දෙනෙකු තවදුරටත් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මෙම තත්ත්වයත් සමග පූර්ණ නිවාස හානි 27 ක් සහ අර්ධ නිවාස හානි 4755 ක් වාර්තා වී ඇති බවයි එම මධ්‍යස්ථානය සදහන් කළේ. මේ අතර ඉදිරි දින කිහිපයේදීත් පවතින වර්ෂා තත්ත්වය සහ සුළං තත්ත්වය අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222














