- දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මකභාවය පිළිබද අනාවරණයක්
- කන්කසන්තුරය අනුරාධපුරය දුම්රිය ගමන් අද සිට ඇරඹෙයි
- උත්සව සමයේ ආරක්ෂාවට විශේෂ මෙහෙයුම් මැදිරියක්
- ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ ශූරතාවය මහනුවරට
- සෝමාවතී – සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දැමෙයි
- පික්මී සහ ඌබර් කුලී රථ රියදුරන්ට එල්ල වූ ප්‍රහාර ගැන පොලිසියෙන් නිවේදනයක්
- තිස්ස විහාරය ඉදිරිපිටදී අත්අඩංගුට ගත් පිරිස ඇපමත මුදාහරී
- ශ්‍රී ලංකා කාන්තාවෝ ලකුණු 121කට දැවී යයි
Author: Dhanushka
ලාෆ් ගෑස් සමාගමද අද සිය මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 160 කින් පහළ දැමුණා. ඒ අනුව එහි නව මිල සටහන් වන්නේ රුපියල් 3,680 ක් ලෙසයි. එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 65 කින් පහළ දැමුණු අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 1,477 ක් ලෙසටයි.
පළාත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 3 ක සියලුම බලපත්‍ර ලත් සුරාසැල් පොසොන් සතිය තුළ වසා තබන ලෙස ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ, මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය, නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය හා මිහින්තලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයන් තුළයි. ඒ අනුව එළඹෙන පොසොන් සතිය වන ජුනි 18 සිට ජුනි 24 වනදා දක්වා කාලය තුළ වසා තැබීමට කටයුතු යොදා තිබෙනවා.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද දිනයේදී දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක පාසල් සදහා නිවාඩු ලබා දෙනු ලැබුවා. එමෙන්ම දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල්වලට අද සහ හෙට යන දෙදින යළිත් නිවාඩු ලබාදෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළේ. තවද ක`ඵතර, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්කවල සියලුම පාසල් සදහා ද අද දිනයේදී නිවාඩු ලබාදුන්නා. එමෙන්ම පවතින කාලගුණ තත්ත්වය පිළිබද සැලකිල්ලට ගනිමින් පළාත් බලධාරින් විසින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කර ඉදිරි දිනවල පාසල් පැවැත්වීමට අදාළ තීරණ ගන්නා ලෙසයි අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී ඇත්තේ.
2012 වසරේ ග්‍රීසියේ බැදුම්කරවල ආයෝජන සිදු කිරීම තුළින් රජයට රුපියල් බිලියන 1.84 ක පාඩුවක් සිදු කළ බවට චෝදනා ලැබ සිටි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතු`ඵ විත්තිකරුවන් 5 දෙනා නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කරනු ලැබුවා. අල්ලස් හෝ දූෂණ විර්ශන කොමිසම විසින් ගොනුකර තබෙන මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මෙහිදි මූලික විරෝධතා මතුකර තිබුණා. එම මූලික විරෝධතා පිළිගැනීමෙන් අනතුරුව අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතු`ඵ විත්තිකරුවන් නිදහස් කිරීමටයි කොළඹ මහාධිකරණය නියම කරනු ලැබුවේ.
ඉන්ධන මිල සූත්‍රය යටතේ මාසිකව සිදුකරනු ලබන ඉන්ධන මිල සංශෝධනය අද සිදුකිරීමට නියමිතව තිබෙනවා. රුපියල ශක්තිමත් වීම සහ ලෝක වෙළදපොලේ බොරතෙල් මිල අඩුවීම යන කරුණු මත ඉන්ධන මිල ගණන් පහළ යනු ඇති බවටයි වාර්තා වන්නේ. අවසන් වරට පසුගිය අප්‍රේල් 30 වන දා ඉන්ධන මිල ගණන් සංශෝධනය කළ අතර එහිදි සියලු ඉන්ධන මිල ගණන් අඩු කිරීමට කටයුතු කරනු ලැබුවා.
ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීමේ නඩුවට වරදකරු වූ අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව දඩුවම් ලෙස දඩයක් නියම කිරීම පමණක් සිදුකරනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඔහුට එරෙහිව එල්ල වූ චෝදනා 34 ටම වරදකරු කිරීමට නිව්යෝර්ක් ජූරි සභාව අද කටයුතු කරනු ලැබුවා. ඒ අනුව ඊට අදාළ දඩුවම් නියම කිරීම ලබන ජූලි 11 වන දා ප්‍රකාශයට පත් කිරීමටයි නියමිතව ඇත්තේ. කෙසේ වෙතත් මෙම දඩුවම් නියම කිරීමේදී හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව දඩයක් පරිවාස හෝ අධීක්ෂණ කාලයක් යටතේ සිටීම හෝ සිරිදඩුවම් ඇතුළත් විය හැකි බවට ද මත පළව තිබෙනවා.
මෙරට දෛනික කුකු`ඵ බිත්තර පරිභෝජනය ලක්ෂ 10 ක පමණ ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව සත්ව නිෂාපදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මෙරට දෛනික බිත්තර පරිභෝජනය ලක්ෂ 70 ඉක්මවා ඇති බවට වාර්තා වන බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. විදේශ සංචාරකයින් පැමිණීම ඉහළ යාම, මස් සහ මා`ඵ මිළ ගණන් ඉහළ යැම මෙලෙස බිත්තර පරිභෝජනය ඉහළ යාමට බලපා තිබෙනවා.
කොළඹ පිටකොටුවේ පෞද්ගලික බස් රථයක් තුළදී විදේශීය ජාතික තරුණියකගේ ගමන් මල්ල සොරකම් කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකු කැළණිය පෙතියාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගත් සැකකරු සංචාරක වෙළෙන්දෙක් ලෙස කටයුතු කර ඇති බවයි පොලිසිය සදහන් කළේ. සැකකරු සොරාගත් ලැප්ටොප් පරිගණකය, කැමරාව, බැංකු කාඩ්පත් සහ විදේශීය කාන්තාවගේ ගුවන් ගමන් බලපත්‍රය ඇතු`ඵ සියලු දේපළ පොලිසිය මගින් සොයාගෙන තිබෙනවා.
2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන තවත් තරඟයක් අද පැවත්වෙනවා. එහිදි ශ්‍රී ලංකා කණ්ඩායම අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව තරඟවැදීමට නියමිතයි. මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 8 ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. මේ අතර පසුගියදා නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවති පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 20 කින් පරාජයට පත් වුණා.
රාජ්‍ය පොසොන් උත්සවය සිදු කිරීමේ කටයුතු ආණ්ඩුව මඟහරිමින් සිටින මොහොතක ජනතාව සමඟ එක්ව එම උත්සවය පැවැත්වීමට කටයුතු කරන බව මිහින්තලේ රජමහ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් පවසනවා. ඒ අනුව රජයෙන් මෙම උත්සවය සදහා වෙන් කර ඇති රුපියල් ලක්ෂ 50 ක මුදල ප්‍රතික්ෂේප කිරීමට තමන් වහන්සේ කටයුතු කළ බවයි උන්වහන්සේ සදහන් කළේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222














