Author: Dhanushka

පාර්ලිමේන්තු ආරම්භයේදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ස්ත්‍රී පුරුෂ සාමානාත්මතාව” නමැති පනත් කෙටුම්පත පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කතානායකවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඒ අනුව සමස්තයක් ලෙස මෙම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන බැවින් පනත් කෙටුම්පත සම්මත කිරීම සදහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙනවා. එසේ නොමැති නම් මෙම පනත් කෙටුම්පත පිළිබද ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන් බව කතානායකවරයා සදහන් කළා.

තව කියවන්​න

මාසයක කාලයක් තුළ ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. පවතින ගංවතුර තත්ත්වය සැලකිල්ලට ගෙනයි ඒ බව පෙන්වා දී තිබෙන්නේ. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂල විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ මෙම කාලය තුළ ඩෙංගු මරණ 09ක් වාර්තා වී ඇති නමුත් අධි වසංගත තත්ත්වයක් දක්වා රෝග ව්‍යාප්තිය වර්ධනය වීම පාලනය කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බවයි.

තව කියවන්​න

මෙක්සිකෝවේ කාන්තාවකල සිය පුතු ද සමඟ සෙල්ෆි ඡායාරූපයක් ගනිමින් සිටියදි දුම්රියක ගැටී මියයෑමේ සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙම කාන්තාව ගැටී ඇත්තේ කැනඩාවේ සිට ඇමෙරිකාව හරහා මෙක්සිකෝව දක්වා දිවෙන සුප්‍රසිද්ධ එම්ප්‍රස් නමැති වාෂ්ප බලයෙන් ධාවන වන දුම්රියේයි.

තව කියවන්​න

යාපනය අච්චුවේලි ප්‍රදේශයේදී සන්නද්ධ කල්ලියක් කෝවිලක භාරකාර මණ්ඩල සාමාජිකයකුට තියුණු ආයුධවලින් පහරදීම නිසා තුවාල ලබා ඇති බව අච්චුවේලි පොලිසිය සදහන් කරනවා. අදාළ ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා රැකියාව සදහා යතුරුපැදියකින් යමින් සිටියදී පස් දෙනකුගෙන් පමණ සමන්විත මෙම කල්ලිය අදාළ පුද්ගලයාට පොරවකින් පහරදී තිබෙනවා. එම ප්‍රහාරකයන් යතුරුපැදි දෙකකින් පැමිණ උවිලන්කුලම පිල්ලයාර් කෝවිල ඉදිරිපිට දී මෙම ප්‍රහාරය එල්ලකර තිබෙනවා. එහිදී ඔහු බරපතල තුවාල ලබා ඇති අතර ඔහු ප්‍රතිකාර සදහා අච්චුවේලි රෝහලට ඇතුලත් කොට තිබෙනවා.

තව කියවන්​න

ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමයට අයත් දුම්රිය රියදුරන් ඊයේ මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කළ බව දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරී එන්. ජේ. ඉදිපොළගේ මහතා මීට සුළු මොහොතකට පෙර දැනුම් දුන්නා. පිට පළාත්වල සිට කොළඹට පැමිණෙන දුම්රිය නියමිත පරිදි ධාවනය කළ බවත් කොළඹින් පිටත් වීමට නියමිතව තිබූ දුම්රිය රැසක් අවලංගු කළ බවත් ඒ මහතා සඳහන් කළා. එම අවලංගු කළ දුම්රිය අතරට කාර්යාල දුම්රිය රැසක්ද ඇතුලත් බව ඉඳිපොළගේ මහතා වැඩිදුරටත් කියා සිටියා.

තව කියවන්​න

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව රුපියල් බිලියන 2.3 ක ලාභයක් ලබන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා. 2023 හා 2024 වර්ෂයට අදාළ පාසල් පෙළ පොත් දරුවන්ට ලබා දී ඇති බවත් ඉදිරි වර්ෂයට අදාළ පොත්පත් සදහා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට ඇණවුම් භාරදී ඇති බවත් ඔහු සදහන් කළා. අධ්‍යාපන අමාත්‍ය ධුරයට පත් වී කෙටි කාලයක් තුළ මෙම පියවර ගැනීමට හැකි වූ බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් පේම්ජයන්ත් මහතා පෙන්වා දෙන්නේ.

තව කියවන්​න

ලබන ඉරිදා දිනය වන විට සිය සංගමය ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරින්ගේ සංගමය පවසනවා. ජනාධිපති ජේ්‍යෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹි බවයි එම සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න මහතා සදහන් කළේ. වැටුප් ගැට`ඵව ඇතු`ඵ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරින්ගේ සංගමය මෙම අකුරට වැඩකිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබෙනවා.

තව කියවන්​න

ප්‍රමුඛ පෙළේ Tiktok ගිණුම් කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. CNN පුවත් සේවය වැනි ප්‍රකට සන්නාම සහ පැරිස් හිල්ටන් වැනි පුද්ගලයින්ගේ ගිණුම් ඒ අතරට අයත් වනවා. Tiktok ප්‍රහාරයේ කිසිදු තොරතුරක් මෙතෙක් හෙළි කර නොමැති අතර සන්නාම සහ ප්‍රසිද්ධ ගිණුම් කිහිපයක් හැකර්වරුන් විසින් ඉලක්ක කර ඇති බව පමණක් තහවුරු කර තිබෙනවා.

තව කියවන්​න

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පතට එරෙහිව සර්වජන බලය එකමුතුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව සර්වජන බලය එකමුතුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ අදාළ පනත් කෙටුම්පත් සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් එම පනත් අනුමත වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි. එමෙන්ම ඊට අදාළව ජනමත විචාරණයක් අවශ්‍ය බවටද තීන්දුවක් ලබාදෙන ලෙස සර්වජන බලය එකමුතුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

තව කියවන්​න

නීතිවිරෝධි ලෙස ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ආ අමු ඉඟුරු තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු නොරොච්චෝල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් භාරයට ගත් අමු ඉගුරු තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 60 කට අධික බවයි පොලිසිය සදහන් කළේ. මේ පිළිබද වැඩිදුර විමර්ශන නොරොච්චෝල පොලිසිය විසින් සිදු කරනු ලබනවා.

තව කියවන්​න