- මන්ත්‍රී අර්චුනාට වරෙන්තු නිකුත් කරයි
- අසල්වැසියන්ගේ ගැටුම මරණයෙන් කෙළවර වෙයි
- අද දවසේ කාලගුණ තත්ත්වය
- BREAKING NEWS: කොළඹ මහ නගර සභා අයවැයෙන් මාලිමාව පරදියි
- හැටන් දික්ඔය නගර සභාවේ මංගල අයවැය වැඩි ඡන්ද 12කින් සම්මතයි
- මහ මග පෙරළුණු තුන් සක රිය ලංගම බසයක ගැටෙයි
- කැඩී ගිය යකඩ පාලම වෙනුවට වතු කම්කරුවන්ගෙන් තාවකාලික පාලමක්
- හැටන් දික්ඔය නගර සභාවෙන් නියෝගයක්
Author: Dhanushka
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. ක`ඵතර දකුණ දුම්රිය ස්ථානයේ සහ කටුකුරුන්ද දුම්රිය ස්ථානය අතර සාගරිකා සීග්‍රගාමි දුම්රිය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ. දුම්රිය යථා තත්ත්වයට පත් කිරීම සදහා මේ වන විට කණ්ඩායම් යොදවා ඇති බව ද සදහන්.
2024 ඡන්ද හිමි නාමලේඛනය ලබන මාසය අවසාන වන විට සහතික කිරීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මේ දිනවල එහි මූලික කෙටුම්පතට ලැබුණු අභියාචනා විභාග කිරීම ආරම්භ කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති එම්.ඒ.එල්. රත්නායක මහතා සදහන් කළේ. ඒ අනුව ලබන මාසයෙන් පසුව පැවැත්වෙන සියලු මැතිවරණ 2024 ඡන්ද හිමි නාමලේඛනය අනුව පැවැත්වීමට හැකියාව ලැබෙන බවද සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.
අමෙරිකානු ජාතික අධ්‍යාපන උපදේශකයින් සිව් දෙනෙකුට පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා. ඒ, චීනයේ ජිලින් පළාතේ මහජන උද්‍යානයකදී සංචාරය කරමින් සිටින අවස්ථාවකදියි. එම අමෙරිකානු ජාතිකයින් සිව්දෙනා පන්සලක් වෙත පාගමනින් යමින් සිටියදි තියුණු ආයුධයකින් සන්නද්ධ පුද්ගලයෙකු අදාළ පහරදීම් සිදුකර ඇති අතර තවමත් චීන බලධාරින් අදාළ සිදුවීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. අදාළ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවද සදහන්.
ක්ෂේත්‍ර කිහිපයක වෘත්තීය සමිති සේවකයන් අද වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කිහිපයක් ආරම්භ කර තිබෙනවා. වැටුප් විෂමතා සහ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි එම සංගමයේ සභාපති හේමචන්ද්‍ර ගුණසිංහ මහතා සඳහන් කළේ. මේ අතර අද සිට අඛණ්ඩව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ මිනින්දෝරු සංගමය පවසනවා. එමෙන්ම සරසවි අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අද 40 වන දිනටත් ක්‍රියාත්මකයි.
මධුසමය ගතකිරීම සදහා ලොව හොඳම රටවල් 20 අතුරින් ශ්‍රී ලංකාවට පස්වන ස්ථානය හිමිව තිබෙනවා. මේ අනුව “එන්ජෝයි ට්‍රැවල්” නමැති ජාත්‍යන්තර වෙබ් අඩවියක් නිකුත් කළ නවතම වාර්තාවක පළමු ස්ථානය හිමිව ඇත්තේ තායිලන්තයටයි. එමෙන්ම ශ්‍රී ලංකාවට එම වර්ග කිරීමේදී තෙවන ස්ථානය හිමිව ඇත්තේ මීදුම් සහිත කඳු පන්තීන්, විචිත්‍රවත් තේවතු, අලංකාර වෙරළ තීරයකින් සමන්විත වීම බවයි වැඩිදුරටත් අදාළ වෙබ් අඩවිය මගින් දක්වා ඇත්තේ. එමෙන්ම අදාළ වර්ගීකරණයට ගාල්ල නගරයේ පවතින ආකර්ෂණීය ස්ථාන ද ප්‍රමුඛත්වය ගෙන ඇති බව සදහන්.
මෙම වසරේදී උසස් පෙළ විභාගය නොවැම්බර් මාසයේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. එමෙන්ම 2025 වර්ෂය වන විට යළිත් උසස් පෙළ විභාගය සැප්තැම්බර් මාසයේදී පැවැත්විමට සියලු කටයුතු සූදානම් කරමින් පවතින බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා කියා සිටියේ. අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම උසස් පෙළ අධ්‍යන කටයුතු ආරම්භ කර විශ්වවිද්‍යාල ප්‍රවේශයද මේ අනුව කඩිනම් කරනු ඇති බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
රූපලාවන්‍ය ආලේපන නියාමනය සිදු නොවීම හේතුවෙන් බරපතල සෞඛ්‍ය ගැ`ඵවකට තරුණ ප්‍රජාව ලක්වෙමින් සිටින බව චර්ම රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය පවසනවා. ලියාපදංචි වී නොමැති ආයතන බොහෝ ප්‍රමාණයක් වෙළදපොල තුළ පවතින බවත් රසදිය වැනි පිළිකා කාරක බැර ලෝහවලට දීර්ඝ කාලීනව සම නිරාවරණය වීම හේතුවෙන් සම ආශ්‍රිත පිළිකා රෝග වර්ධනය වෙමින් පවතින බවටයි විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් කියා සිටියේ.
මෙරට කෘෂිකර්මාන්තය නංවාලීම සඳහා ශ්‍රී ලංකාව සහ ඕමානය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ මෙරට ඕමානයේ තානාපතිවරයා අතර ඊයේ දින අත්සන් කළ මෙම ගිවිසුම හරහා අධ්‍යයන හා පර්යේෂණ කෘෂිකාර්මික නිෂ්පාදන ආයතන හා අපනයනය දෙරටටම බලපාන පරිදි මෙමගින් ශක්තිමත් කෙරෙනු ඇති. එම අවස්ථාවේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ ඕමානය සමග අත්සන් කළ මෙම අවබෝධතා ගිවිසුම ඵෙතිහාසික දෙයක් වනු ඇති බවයි.
රුපියල් ලක්ෂ 70 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවාග පොලිස් විශේෂ කාර්ය බලකාය කොච්චිකඩේ පළඟතුරෙයි ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදියි මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේග එහිදි අත්අඩංගුවට ගත් සැකකාරිය සන්තකයේ තිබී ගංජා කිලෝග්‍රෑම් 28 යි ග්‍රෑම් 310 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 10 ක් සොයා ගෙන තිබෙනවාග
වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගීන් වාර්තා වීම සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. ඒ අනුව මෙම මාසයේ ගත වූ දින 9 ක් තුළදී ඩෙංගු රෝගීන් 879 දෙනෙකු වාර්තා වී ඇති බවයි එම ඒකකය සදහන් කළේ. වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 25,799 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















