Author: Dhanushka

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ඔ20 සහ එක්දින තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවාග විස්සයි20 තරගය නොවැම්බර් 9 සහ 10 දෙදින පැවැත්වෙන අතර එක්දින තරගාවලිය නොවැම්බර් 13 වැනිදා ආරම්භ වීමට නියමිතයිග කණ්ඩායම් දෙකෙහිම නායකතය චරිත් අසලංක විසින් මෙහෙයවනු ලබන අතර කලකට පසු කුසල් පෙරේරාද එක්දින සංචිතයට කැඳවා තිබෙනවාග

තව කියවන්​න

2025 වර්ෂය සඳහා මහජන චීන සමූහාණ්ඩුව විසින් ප්‍රදානයක් ලෙස ලබා දෙන පාසල් නිල ඇඳුම් රෙදිල පාසල් හා පිරිවෙන් සිසුන් වෙත බෙදා හැරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවාග 2025 වර්ෂය සඳහා අවශ්‍ය පාසල් නිල ඇඳුම් රෙදි මුළු අවශ්‍යතාව රෙදි මීටර මිලියන 11ග82 ක් පමණ වෙම අතර එම සම්පුර්ණ ප්‍රමාණයමල ප්‍රදානයක් ලෙස ලබා දීමට මහජන චීන සමුහාණ්ඩුව විසින් පසුගියදා එකඟතාවය පළකරනු ලැබුවාග මෙම රෙදි තොගයට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය වෙත එවන ලද නියැදිය ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය :ීඛෂඕ* මඟින් පරීක්ෂා කිරීමෙන් අනතුරුවල එම රෙදි පාසල් සිසුන්ගේ භාවිතය සඳහා සුදුසු බවට නිර්දේශ කර තිබෙනවාග ඒ අනුවල 2025 වර්ෂය සඳහා සියලුම පාසල් හා පිරිවෙන්…

තව කියවන්​න

මව්වරුන් හාරදහසක පමණ පිරිසකට වඳ සැත්කම් කරන ලදැයි චෝදනා එල්ල වී තිබු කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆි සියළු චෝදනාවලින් නිදහස් කිරීමට කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න අද නියම කළාග වෛද්‍යවරයාට එරෙහිව ගොණු කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය අසමත් වීම සැලකිල්ලට ගෙන නීතිපතිවරයාගේ උපදෙස් මත ඔහුව නිදහස් කරන බවයි මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේග මේ සම්බන්ධයෙන් සිදු කරන ලද විශේෂඥ වෛද්‍ය පරීක්ෂණ වාර්තා අනුව අදාළ කාන්තාවන් විත්තිකාර වෛද්‍යවරයාගේ සැත්කම් නිසාම වඳ භාවයට පත්ව ඇති බවට සනාථ කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ලැබී නොමැති බවද මහේස්ත්‍රාත්වරයා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළාග

තව කියවන්​න

2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩක වෙන්දේසිය මෙම මස 24 සහ 25 යන දෙදින තුළදී පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙවර ක්‍රීඩක වෙන්දේසිය සවුදි අරාබියේ ජෙඩා නගරයේදී පැවැත්වීමට නියමිතයි. ෂඡඛ ක්‍රීඩක වෙන්දේසිය ඉන්දියාවෙන් පිටතදී පැවැත්වෙන දෙවන අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තහවුරු කරන්නේ මෙවර ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ක්‍රීඩකයන් 1,574 ක් ලියාපදිංචි වී ඇති බවයි. ඉන් 1,165 දෙනෙකු ඉන්දීය ක්‍රීඩකයන් වන අතර ක්‍රීඩකයන් 409 දෙනෙකු විදෙස් ක්‍රීඩකයන් වන බව ද සදහන්.

තව කියවන්​න

ඇමරිකානු ජනාධිපතිවරණයේ දැනට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව ඡන්ද විද්‍යාල 230 ක ජය රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හිමිකර ගෙන තිබෙනවා. ඒ අනුව දැනට නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිඵලවලට අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියෙන් පසුවන අතර ඔහු ලබා ඇති ඡන්ද සංඛ්‍යාව පන් කෝටි හැටපන් ලක්ෂ විසි හතර දහස් තුන්සිය අසූ හතක්.

තව කියවන්​න

දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා. එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, පාර්ලිමේන්තු මැතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අදාළ රැස්වීම පවත්වන බවයි.

තව කියවන්​න

අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය හේතුවෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ පනවා තිබූ නීති ලිහිල් කර නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය සඳහන් කළේ නව ගැසට් නිවේදනයට අනුව නිරෝගි සතුන් ප්‍රවාහනය කිරීමට අවසර ලබා දී ඇති බවයි.

තව කියවන්​න

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සදහා මාර්ගගත ක්‍රමය ඔස්සේ දිනයක් වෙන් කර ගැනීමේ ක්‍රමවේදය අද සිට ක්‍රියාත්මක බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා. පසුගිය මාස කිහිපයක පුරා විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමේදී සිදු වූ දුෂ්කරතාවලට විසදුමක් ලෙස මෙම ඔන්ලයින් ක්‍රමවේදය හඳුන්වා දී තිබෙනවා. මෙම මාසයට අදාළව දින වෙන් කර අවසන් බැවින් අද සිට මාර්ගගත ක්‍රමයට දින වෙන්කර ගන්නා පුද්ගලයින්ට ලබන මස දිනයක් ලබා දෙන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැඩබලන පාලක ජනරාල් නිලූෂා බාලසූරිය මහත්මිය සදහන් කළේ.

තව කියවන්​න

කඨින පිංකම් මාර්ගයෙන් දේශපාලන වාසි ලබාගන්නා පුද්ගලයින් පිළිබදව මේ වන විට වාර්තා වී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසනවා. එලෙස මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයින්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න

මහ මැතිවරණයට අදාළව ඉදිරි කටයුතු පිලිබඳව සාකච්ඡා කිරීම සදහා දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් මැතිවරණ කොමිෂන් සභාව වෙත හෙට දින කැදවා තිබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම ඊයේ තුන්වැනි දිනටත් ක්‍රියාත්මක වුණා. ඒ අනුව මෙම දින තුනෙහි තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ රාජ්‍ය සේවකයින්ට මෙම මස 07 සහ 08 යන දිනවල ඊට අවස්ථාව පවතිනවා.

තව කියවන්​න